* වසරකට දෙදහස් පන්සියයක් මරු තුරුළට
* මාර්ග නීති නොතැකීම ප්‍රධාන හේතුවක්
* පදිකයන්ද සැලකිලිමත් විය යුතු අවදානමක්!
මාර්ග අනතුරු නිසා දිනකට හය හතක් මිය යන්නේය. ත්‍රස්‌තවාදය තුරන් වූ භූමියේ තවත් ත්‍රස්‌තවාදයක් ලෙස මාර්ග අනතුරු හිස ඔසවන්නේය. යුද සමයේ සේම අදත් හිමිදිරියේ නිවසින් යන පුද්ගලයකු සවස මිනි පෙට්‌ටියෙන් නිවසට එන තරමටම මාර්ග අනතුරු බහුල වී ඇත.
තත්ත්වය අතිශය බරපතළය. මහ මගදී කිනම් මොහොතක මරුවා කඩා පාත් වේදෝ කියා කිසිවකුටත් කිවනොහැකිය. මාරාවේෂයෙන් එන රිය නොසිතූ මොහොතක මිනිසුන්ගේ ඔලු කටු කුඩුපට්‌ටම් කරගෙන යන්නේය. වේගය පාලනය කරගත නොහැකි තැන වාහන එකි නෙක ගැටී කුඩු වී යන්නේය. මං මුලා වූ රිය නව මාර්ග තනාගෙන ඇළ,දොළ,ගංගා, ප්‍රපාතයන්හි නොපෙනී යන්නේය. සටහන තැබෙන මේ මොහොත වන විටත් රටේ කොහේ හෝ මාර්ගයක රිය අනතුරක් සිදු වෙන්නට ඉඩ ඇත. එමෙන්ම දිනකට මාර්ග රිය අනතුරු එකසිය පහළොවක් පමණ සිදු වන්නේය. එම අනතුරු නිසා දිනකට හය හතක් මිය යන අතර විස්‌සක් පමණ බරපතළ ලෙස තුවාල ලබන්නාහ. මාරාන්තික තත්ත්වයට පත්වන විසි දෙනකුගෙන් එක් අයකු සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන්නේය. එමෙන්ම මාර්ග රිය අනතුරු නිසා වසරකට දෙදහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් අප අතරින් සමුගෙන යන්නාහ.
මාර්ග රිය අනතුරු මෙරටට එසේ නිහඬ වසංගතයක් වී තිබියදී ලෝකය පුරා මාර්ග රිය අනතුරු නිසා දිනකට මිනිස් ජීවිත තුන් දහසකගේ පමණ හදවත් නිහඬ වන්නාහ. බිලියන හතළිස් දහසකට ආසන්න මිනිසුන් ප්‍රමාණයක් ආබාධිතයන් වන්නාහ. මාර්ග රිය අනතුරු මෙරටට පමණක් නොව මුළු මහත් ලෝකයටම වසංගයක් වී හමාරය. එහෙත් ලොව පුරා සිදුවන රිය අනතුරුවලින් සියයට හැත්තෑවක් පමණ වාර්තා වන්නේ අඩු ආදායම් ලබන ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවලිනි.
රථවාහන යනු යකඩ සහ රබර් බහුලව යොදා ගනිමින් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා මිනිසා විසින්ම තැනූ විස්‌මිත නිමැවුමකි. මේ නිමැවුමට හිතක් පපුවක් නැත. රෝද කීපයක් මත එහා මෙහා දුවන යකඩ ගොඩක් පමණි. එයට මිනිසුන් සේම මිනිස් සිතුම් පැතුම් තේරුම් ගැනීමට ද නොහැකි ය. රථ වාහන මිනිසුන් සමග ගනුදෙනු කිරීම නිසාම වාහනය තැනූ අයම රියෑදුරු අසුනක් ලෙස විශේෂිත ස්‌ථානයක් පිළියෙල කර එහි භාරකාරත්වය මිනිසුන්ට භාරදී ඇත. අට සමත් ඕනෑම පුද්ගලයකුට රියෑදුරු බලපත්‍රයක් හිමිනම් රියෑදුරුකු ලෙස වාහනයක් පණ ගන්වා මහමඟ ධාවනය කිරීමට හැකිය. වර්තමානයේ සිදුවන මාර්ග රිය අනතුරුවලින් බහුතරය මේ රියෑදුරු තැනගේ අපරීක්‍ෂාකාරී බව හේතුවෙන් සිදු වන්නකි.
දෙනෝ දහසක් යන එන මහ මගෙහි කුරුළු වෙස් ගත් මදාවි රියෑදුරන්ගේ නොමනා රිය පැදවීම, ජංගම දුරකථන කනේ ගසාගෙන රිය ධාවනයේ යෙදෙන රියෑදුරෝ ද අද සමාජයේදී නිරන්තරයෙන්ම දකින්නට ලැබෙන්නාහ. බොහෝ විට එක් අතක් පමණක් උපයෝගී කොට රිය ධාවනයේ යෙදෙන ඔවුන්ට තම අනෙක් අත මතකයට නැගෙන්නේ පොලිස් නිලධාරියෙක් දුටු විටය. නිරන්තරයෙන්ම පෞද්ගලික බස් රථ රියෑදුරන්ගේ එක් අතක ජංගම දුරකථනය රැඳෙන්නේ ගෙදර දොර සුවදුක් විමසීමට නොව ඉදිරියේ සහ පසුපස ඇති අනෙක් බස් රථ පිළිබඳ විමසීමටය. උදැසන බස් රථයට ගොඩවෙද්දී හිමිකරුවන් විසින් ලබා දෙන 'ටාගට්' රියෑදුරු විසින් 'කවර්' කළ යුතුමය. එසේ නොවුණහොත් රැකියාව අනතුරේය. ඔවුන්ගේ පඩිපතට පවා මේ වන විට තරගකාරීත්වය ලබාදී තිබේ. ඔවුන් ඒ සඳහා ධාවන පථ බවට පත්කර ගෙන ඇත්තේ ද මහ මඟය. ලාභය පමණක් පදනම් කොට ක්‍රියාත්මක වන පෞද්ගලික බස් රථ සේවය තුළ නොවිසඳුන ගැටලු රාශියක් මේ වන විට ද පැවතීම මාර්ග අනතුරු වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී ඇත. රියෑදුරු, කොන්දොස්‌තර සේවයේ අස්‌ථීර භාවය, මහමඟදී මුහුණ දෙන තරගකාරීත්වය, පෞද්ගලික බස් රථ සේවය තුළ ඇති කප්පම් ලබාදීම ආදී සියල්ලට පිළිතුරු සැපයීම සිදුකළ යුත්තේ බස් රථයට පොල් පටවනවා සේ 'කෑලි' එකතු කිරීම තුළින් ය. එවැනි වටපිටාවක් තුළ 'කය මිස හිස නැති' රියෑදුරන් මහමඟ ගමන් ගන්නා මිනිසුන් දකින්නේ කජුq ඇට කොස් ඇට ගානටය. එමෙන්ම ඇතැම් සුඛෝපභෝගී රථවල නැගී ප්‍රභූ පෙළපතට අයත් පිරිස් පොලිසිය ද තුට්‌ටුවකට මායිම් නොකර ධාවනයේ යෙදෙන අවස්‌ථා කොතෙකුත් ඇත. බොහෝ විට පදික මාරුවකදී, මහමඟ වෙනත් ස්‌ථානයකදී මිනිස් ජීවිත පොඩි පට්‌ටම් වී යන්නේ ඔවුන් අතිනි. අද දවස වන විට රටේ පරිහරණය කරන රථවාහන සංඛ්‍යාව සමඟ ගත් කල රියෑදුරු ළඟ මුණිවරයකු සතු ඉවසීමක් තිබිය යුතුම ය. කාලයේ හැටියට රිය ධාවනය පිණිස රියෑදුරු බලපත්‍රයක් පමණක් ප්‍රමාණවත් නොවන අතර, ඒ සඳහා ඉවසීම, හැදියාව, විමසිලිමත්භාවය අනිවාර්ය ගුණාංගය. එසේ නැති යම් රියෑදුරෙක් වේ නම් ඒ දේවල් ප්‍රගුණ කළ යුතුය.
මාර්ග රිය අනතුරුවල වගකීම රියෑදුරන් මතම පටවා අතපිස දමාගැනීමට නොහැකිය. මාර්ගයේ යන එන පදිකයන්ද මේ ෙ€දවාචකයට වගකිවයුතුය. වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් වාර්තා වන්නේ සෙනසුරාදා දිනයන්හිදීය. එමෙන්ම මාර්ග අනතුරු බහුලව සිදුවන්නේ දහවල් කාලයේදීය. අනතුරු බහුලව සිදු වී ඇත්තේ පදික මාරුව තුළදී මෙන්ම පදික මාරුවට මීටර් පනහක් එහා-මෙහා තුළදීය. එසේ මාර්ග රිය අනතුරුවලට ලක්‌ව වැඩියෙන්ම මියෑදෙන වයස් කාණ්‌ඩය වන්නේ අවුරුදු 40-75 වයසේ පුද්ගලයන්ය. එහෙයින්ම ජනතාව තම ජීවිත සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවය. මාර්ග රිය අනතුරුවලට ලක්‌ව ජීවිත අහිමි වන සියයට අසූ පහක් දුප්පත් මිනිසුන්ය. කාගේ වරදකින් හෝ සිදුවන රිය අනතුරකින් පවුලක එකම ආදායම් උපයන්නා මිය ගිය විට එම කුටුම්භය ගැටලු කන්දකට මැදිවන්නේය. අවසානයේ සමාජයට ද බරක් වන්නේය. එමෙන්ම රිය අනතුරුවලින් තුවාල ලබන අයට ප්‍රතිකාර කිරීම සඳහා රජයට බිලියන ගණන් වියදම් කිරීමට ද සිදුවන්නේය. මාර්ග රිය අනතුරු ද දැන් රටට ත්‍රස්‌තවාදයකි. එහෙයින් මේ ත්‍රස්‌තවාදයත් නැත්තටම නැති කිරීමට රජය සමග ජනතාවද අත්වැල් බැඳගත යුතුය.
ලෝකයේ මාර්ග රිය අනතුරු අවම රටවල් වන්නේ නෝර්වේ සහ ස්‌වීඩනයයි. 1970 වර්ෂයට පෙර ස්‌වීඩන්හි මාර්ග අනතුරුවලින් වසරකට දහසය දහසක් පමණ මිය ගියේය. උද්ගතව ඇති තත්ත්වයේ බරපතළකම තේරුම් ගනිමින් ක්‍රියාත්මක වූ ස්‌වීඩන් රජය 2011 වර්ෂය වන විට මාර්ග රිය අනතුරු හාරදහසකට පමණ අවම කර ගත්තේය. එමෙන්ම ස්‌විට්‌සර්ලන්තය, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, ඔස්‌ටේ්‍රලියාව, ඉතාලිය සහ ජපානය යන රටවලද සිදු වන මාර්ග රිය අනතුරු ප්‍රමාණය ඉතාම අවමය. එම රටවල් රිය අනතුරු අවම කරගෙන ඇත්තේ රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, නීති බලගැන්වීමත් සමග ජනතාවට මාර්ග රිය අනතුරු සම්බන්ධයෙන් නිවැරදි මාර්ගෝපදේශකත්වයක් ලබාදෙමින් විනයගරුක සමාජයක් නිර්මාණය කරගැනීම තුළිනි. දැන් මෙරට ආණ්‌ඩුව ද එතැනට යා යුතුය.
මාර්ග රිය අනතුරු වැඩිවීමට රටේ ජනගහනයේ වර්ධනය, මාර්ග සංවර්ධනය සහ වාහන ප්‍රමාණය වැඩි වීම ද ප්‍රධාන වශයෙන් බලපාන බව සැබෑය. එහෙත් රටක් වශයෙන් අපට නැවත ගල් යුගයට යැමට නොහැකිය. රට සංවර්ධනය කළ යුතුය. එවිට මහා මාර්ග සංවර්ධනය වේ. වාහන වැඩි වේ. විය යුත්තේ රටේ සංවර්ධනයට සමගාමීව මාර්ග රිය අනතුරු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නීතිය බලගැන්වීම තුළින් විනයගරුක සමාජයක් බිහි කරගැනීමය.
දැනටමත් ප්‍රවාහන අමාත්‍යාංශයේ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව විසින් 'දස අවුරුදු සැලැස්‌ම' ක්‍රියාවට නඟමින් මාර්ග රිය අනතුරු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කරගෙන යන්නේය. ගම් නියම්ගම්වලට යමින් පාසල් දරුවන් දැනුවත් කරන්නේය. එම වැඩසටහන් තුළින් ළමයින්ට දෙන ප්‍රධාන පණිවිඩය වන්නේ අත ඔසවා පාර මාරු වීමට පුහුණු කිරීමය. මාර්ගයක කහ ඉරක් මත සිට අත ඔසවනවා යනු පාර මාරු වීමට සූදානම්ය යන පණිවිඩය රියෑදුරුට ලබාදීමය. මාර්ගයක කහ ඉරක් යනු අයිතිවාසිකමක් නොව මගීන්ට ආරක්‍ෂිතව ගමන් කිරීමට හැකි ස්‌ථානයක් පමණි. එහෙයින් කහ ඉර මතින් ආරක්‍ෂිතව පාර මාරුවීම මගීන්ගේ වගකීමකි. දැයේ දුවා දරුවන්ට සේම, පොලිස් නිලධාරීන්, රියෑදුරන්, විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රියෑදුරුන් මාර්ග රිය අනතුරු සම්බන්ධව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සංවිධානය විසින් පුළුල්ව දැනුවත් කිරීම් කරගෙන යන්නේය. එමෙන්ම පළාත් මාර්ග ආරක්‍ෂණ ඒකක පිහිටුවමින් පළාත් මට්‌ටමින් ද මාර්ග රිය අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කරගෙන යන්නේය.
මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව යනු මොටර් රථ ප්‍රවාහන ආඥා පනත යටතේ 1998 අංක 5 දරන සංශෝධන පනතේ 213 'අ' වගන්තිය යටතේ පිහිටුවා ගත් ආයතනයකි. ආයතන දහහතක එකමුතුවකින් පිහිටුවාගත් මෙම ආයතනයේ කාර්යභාරය වන්නේ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ව්‍යාපෘති සකස් කිරීම සහ ක්‍රියාවට නැංවීම, මාර්ග ආරක්‍ෂණය සම්බන්ධයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ධීකරණය කිරීම සහ හඳුනානොගත් වාහනවලින් අනතුරට පත් වූවන්ට වන්දි ගෙවීමය. රිය අනතුරක් ඇති වී මාස හයක් ඇතුළත වාහනය හඳුනාගැනීමට නොහැකි වුවහොත් සියලු වාර්තා ගැන සැලකිලිමත් වෙමින් මියගිය අයකුට රුපියල් ලක්‍ෂයක් සහ තුවාල ලැබූ කෙනෙකුට හැත්තෑ පන්දහසක වන්දි මුදලක් ද මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව මගින් ලබාදෙන්නේය.
මෙම ජාතික සභාවේ සමාජිකයන් වන මාර්ග සංවර්ධන අධිකාරිය ද විශාල මෙහෙවරක යෙදෙමින් අලුතින් නිර්මාණය කරන සෑම මාර්ගයකම පදිකයන්ට ආරක්‍ෂිතව ගමන් කිරීමට පුළුල් පදික මංතීරු සකස් කරන්නේය. මාර්ගය තුළ පාපැදිකරුවන්ට වෙනමම මංතීරු වෙන් කරගෙන යන්නේය. ආරක්‍ෂක වැටවල් සවි කරන්නේය. පොලිසියද පෙරට වඩා කැපවීමෙන් මාර්ග ආරක්‍ෂණ කටයුතුවල යෙදෙන්නේය. මේ සියලු ආයතනවල කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස පෙර වසරවලට වඩා 2013 වර්ෂයේ මාර්ග රිය අනතුරු තරමක් අවම කරගැනීමට හැකි වී තිබේ. එහෙත් එය ප්‍රමාණවත් නැත. තවදුරටත් ජනතාව මාර්ග රිය අනතුරු සම්බන්ධයෙන් දැනුවත් විය යුතුය. එමෙන්ම ජනතාව තම ජීවිත සම්බන්ධයෙන් ද මීට වඩා සැලකිලිමත් විය යුතුය.
රටින් අඩක් දවසින් වැඩි හරියක් සිටින්නේ මහ මඟය. ගැටලුව වී ඇත්තේ සමාජය තුළ ඔවුන් කොතෙක් දුරට ආරක්‍ෂාකාරී ද යන්න පිළිබඳය. මිනිසුන් මෙන්ම බස් රථය වේවා දුම්රිය වේවා, පෞද්ගලික හිමිකම් යටතේ පවතින වෙනත් යාන වාහනයක් වේවා ගමන් කළ යුතුව ඇත්තේ මහමඟය. ආරක්‍ෂාව සුරක්‍ෂිත කළ යුතුව ඇති තැන ද එතැනය. සමාජය ද මේ වන විට බොහෝ සේ සංකීර්ණ වී හමාරය. මිනිසුන්ද විවිධ ගැටලුවලින් හෙම්බත්ය. ආර්ථික, සමාජයීය, සංස්‌කෘතික අංශයන්ගෙන් ගත්තද එකෙකු අනෙකා පැරදවීමේ තරගයකය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ද කොහේa යන්නේ දැයි නොදැන ඔහේ යැමය. මහමඟදී රථවාහන විසින් බිලි ගන්නේ ද රථ වාහනවලට බිලි වෙන්නේ ද එසේ යන මිනිසුන්ය. රටට අහිමි වන්නේ වටිනා මිනිස් ජීවිත ය. නිර්මාණය වී ඇත්තේ එය නම්, අත් මිදීමේ වුවමනාව ඇති විය යුත්තේ ද අපටමය.
එමෙන්ම රටක් කෙසේ සංවර්ධනය කළ ද එරට මිය යන මනුෂ්‍ය ජීවිත ප්‍රමාණය වැඩි නම් එරට ඇති සංවර්ධනයක් නැත. වගකිවයුත්තන් තේරුම්ගත යුතු යාථාර්ථය ද එයයි.
තරංග රත්නවීර, රුවන් ජයවර්ධන
http://www.divaina.com/2014/03/02/feature21.html

0 comments:
Post a Comment