Pages

Wednesday, March 12, 2014

අනපේක්‍ෂිත යෝජනා ආශ්‍රිත ව්‍යාපාර පරීක්‍ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට බලතල දෙනවාද? - රනිල්

රජය ඉදිරිපත් කරන අනපේක්‍ෂිත යෝජනා ආශ්‍රිත ව්‍යාපාර පරීක්‍ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට බලතල දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් රජය ප්‍රකාශයක්‌ කළ යුතු බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

අනපේක්‍ෂිත යෝජනා ආශ්‍රිත ව්‍යාපෘති පරීක්‍ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ යාන්ත්‍රණයක්‌ සකසා එමගින් ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලිය යුතු බව ද විපක්‍ෂ නායකවරයා කීවේය. පාර්ලිමේන්තුවේ නිසි අධීක්‍ෂණයකින් තොරව අසීමිත හා අනපේක්‍ෂිත යෝජනා ප්‍රමාණය ඉහළ නැංවී තිබීම නිසා රජයේ මුදල් පාලනය ඇතුළත්ව රාජ්‍ය සුපරීක්‍ෂණය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු බලතල හීනවී ගොස්‌ තිබෙන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.

රජය ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘති යෝජනාවන්හි අන්තර්ගත කරුණු හා ක්‍රියාකාරිත්වය සම්බන්ධ තොරතුරු පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් තවමත් ඒවා ලබා දී නැතැයි ද විපක්‍ෂ නායකවරයා කීය.

අදාළ තොරතුරු සියල්ල ඉක්‌මනින්ම ලබාදෙන බව ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘති පරීක්‍ෂා කිරීමේ බලතල පාර්ලිමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමේදී සාකච්ඡා කළ බව කථානායකවරයා කීය.

අජිත් අලහකෝන් - අකිත පෙරේරා
http://www.divaina.com/2014/03/08/news18.html

Pic Source

0 comments: