ගිනි ගහන පෑවිල්ලෙන් මද අස්‌වැසිල්ලක් ලබන්නටදො වැසි රැල්ලක් පසුගිය දින කිහිපයේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලුණි. ඇතැම් ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වූ නමුත් ඇතැම් ප්‍රදේශයක කාෂ්ඨක වූ පොළොව තෙමන්නට ද එම වැස්‌සට හැකි වූයේ නැත.
මේ වැස්‌ස කොතරම් වැස්‌ස ද යල කන්නයේ වී වගාව කෙරෙහි නම් එය හිතකර බවක් දක්‌නට නැති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනටමත් ගොවි සංවිධානවලට දන්වා ඇත. මාර්තු මාසයේ ආරම්භ කිරීමට ගොවීන් පුන පුනා බලා සිටින යල කන්නයේ වී වගා කටයුතු වහාම නතර කරන ලෙස දිස්‌ත්‍රික්‌ක 10 කට දැනටමත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ජානකී මීගස්‌තැන්න මහත්මිය අප සමඟ පැවසුවේ වී වගා කිරීමට තරම් ජලය ජලාශවල නොමැති බවයි.
දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 10 ක දැඩි නියඟයක් පවතින අතර ඒවායෙහි ජලාශ බොහෝමයක් මේ වන විටත් නොසෑහෙන තරම් සිඳී ගොස් ඇත. ඇතැම් ජලාශවලින් ඊට අදාළ ප්‍රදේශවලට පානීය ජලය සැපයීම සිදු කරන්නේ ද මහත් පරිශ්‍රමයකිනි. එහෙව් තත්ත්වයක් යටතේ වී වගාව සඳහා ජලය බෙදාහැරීම සිදු කළහොත් පානීය ජලය සැපයීමට නොහැකි වන අතර දින කිහිපයක් ඇතුළත වී වගාවත්, පානීය ජලය නොමැතිකම නිසා මිනිස් ජීවිතත් අවදානමකට ගොදුරු වනු ඇත. මේ නිසා වාරිමාර්ග බලධාරීන් එක්‌ව මන්නාරම, වවුනියාව, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මොනරාගල, කුරුණෑගල, ගාල්ල, පුත්තලම, අනුරාධපුරය, මාතලේ යන දිස්‌ත්‍රික්‌කවල දිස්‌ත්‍රික් ලේකම්වරුන් සහ ගොවි සංවිධානවල සාමාජිකයන් කැඳවා මෙවර යල කන්නයේ වී වගා නොකරන ලෙස දැනුම් දී තිබේ. අනුරාධපුරයේ හුරුළු වැව, නුවර වැව, තිසා වැව, ත්‍රිකුණාමලයේ කන්තලේ වැව, පොලොන්නරුවේ වැලිකන්ද, දෙහිඅත්තකණ්‌ඩිය, කුරුණෑගල කිඹුල්ආණ, බතලගොඩ, හක්‌වඩුන, පුත්තලම ඉඟිනිමිටිය ජලාශ බරපතළ ලෙස ජල ප්‍රශ්නයට ගොදුරු වී ඇති ජලාශයන් ය. මෙම ජලාශ ආශ්‍රිතව වී වගා කරන ගොවීන්ට මෙවර යල කන්නයේ වී වගාව සඳහා කිසිසේත් ම ජලය ප්‍රමාණවත්ව ජලාශවල නැත. එහෙත් මඩකලපුව, අම්පාර, හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවල ගොවීන්ට කිසිදු ගැටලුවකින් තොරව යල කන්නයේ වී වගාව සාර්ථකව සිදු කළ හැකිය.
මෙයින් ගොවිජනයා පත්වන අසීරුතාව සුළුපටු නැත. එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ද මේ අවස්‌ථාවේ ගත හැකි වෙනත් පිළියමක් ද නැත. කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුවෙන් කළ විමසීමකදී එහි කාලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසූරිය මහත්මිය පැවසුවේ පසුගිය වසරේ ඔක්‌තෝබර් - නොවැම්බර් මාසවල නිසි පරිදි වර්ෂාව නොලැබීම මේ සියල්ල කෙරෙහි සෘජුව බලපා ඇති බවයි. මෝසම් වැසිවලින් වැඩිම ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඔක්‌තෝබර්, නොවැම්බර් වර්ෂාවෙන් බවත්, එය සියයට තිහකට වැඩි බවත් ඒ මහත්මිය කීවාය. මෙවර එම වැස්‌ස සියයට විස්‌සටත් වඩා අඩුවෙන් ලැබුණු බව පැවසූ වර්ණසූරිය මහත්මිය සාමාන්‍යයෙන් මාර්තු - අප්‍රේල් මාසවලදී අපේ රටට ලැබෙන්නේ සමස්‌ත වර්ෂාපතනයෙන් සියයට 14 ක් පමණක් යෑයි ද කීවාය. පසුගිය වසරේ වැස්‌ස ප්‍රමාණවත් තරම් නොලැබුණු නිසාත්, මාර්තු - අප්‍රේල් මාසවලදී කොහොමටත් ලොකු වැසි ඇති නොවන නිසාත් අවශ්‍යතාවලට සාපේක්‍ෂව ප්‍රමාණවත් ජලය නැති බව ඒ මහත්මිය කීවාය.
මෙකී අවදානම දුර සිට හඳුනා ගනිමින් වී වගාව සඳහා ජලය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන නිසාත්, වී වගාවට වැඩි ජල ප්‍රමාණයක් මුදා හැරීමෙන් පානීය ජලය හිඟවන නිසාත් මෙවර යල කන්නයේ වී වගාව නතර කර දැමීමට ගොවීන්ට සිදුවනු ඇත. අපේ රටේ ගොවීන් කන්නයෙන් කන්නයට වී වගා කරනුයේ ණය බරින් දැඩි ලෙස පීඩාවට පත්වෙමිනි. එක් කන්නයක් වගා කිරීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ ණය බර තවත් වැඩි වනු ඇත. එපමණක් නොව වගා නොකළහොත් ඔවුන්ට එම කන්නය පුරා ජීවත් වන්නට ද වන්නේ කුස ගින්න මහත් සේ ඉවසා දරා ගනිsමිනි. මෙම අර්බුදයට සුළු විසඳුමක් ලෙස විකල්ප භෝග වගා කරන්නට ඔවුන්ට උපදෙස් ලැබී ඇතත් එය සාර්ථක විසඳුමක් නොවන බවට ගොවීහු මැසිවිලි නගති. කුරක්‌කන්, තල, කවුපි, මුං ඇට, වගා කිරීමෙන් වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය නොවන බැවින් ඉහත කී දිස්‌ත්‍රික්‌කවලට එම වගාවන් නිසි පරිදි බෙදා දීමට වාරිමාර්ග බලධාරීන් ගොවි සංවිධානවලට උපදෙස් ලබා දී ඇත. යම් හේතුවකින් නිසි කළමනාකරණයකින් තොරව සෑම ප්‍රදේශයකම එකම අතුරු භෝගයක් වගා කළහොත් එයින්ද සිදුවන්නේ ගොවීන්ගේ ආර්ථික අහේනිය තවදුරටත් වර්ධනය වීමය. මේ නිසා එකම හෝ එක හා සමාන හෝ බීජ වර්ග වැඩි නොවන ලෙස ඒ ඒ ප්‍රදේශවල ජල කළමනාකරණයට අනුගත වෙමින්, ගොවීන්ට ද ආර්ථික වශයෙන් ශක්‌තියක් ලැබෙන පරිදි වගා කටයුතු ආරම්භ කළ යුතු බවට වාරි බලධාරීන් උපදෙස් දී තිබේ.
මාර්තු මාසය මැද දී අන්තර් මෝසම් කාලගුණය ආරම්භ වීමට නියමිතය. එහෙත් ඇතැම් විට එය ප්‍රමාදවීමෙන් හෝ නිසි පරිදි ස්‌ථාපනය නොවීමෙන් ලැබිය යුතු සියයට 14 ක වැස්‌ස ද මෙවර අපේ රටට අහිමි වන්නට ඉඩ ඇත. එසේ වුවහෙත් දැනට තිබෙන ජලය පතුලට ම සිඳී ජලාශ ඉරිතැලී දස දහස් ගණනක් ජනයා පිපාසයෙන් වියළෙනු ඇත. ලෝක අනාවැකිකරුවන් ද දක්‌වන්නේ මාර්තු මාසයේ දැඩි නියඟයකට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහෝමයකට මුහුණ පාන්නට සිදුවන බවය. ලෝක අනාවැකි එසේ පවසද්දී අපේ කාලගුණ බලධාරීන් ද ඊට ඉඟි සපයමින් ඉදිරි මාස කිහිපයේ සැලකිය යුතු වැස්‌සක් ඇති නොවන බව පවසති. මේ කරුණු සලකා බැලීමේදී දැනට තිබෙන වතුර අරපරෙස්‌සම් කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව පැහැදිලිය. කළුතර, ගාල්ල, මාතර දිස්‌ත්‍රික්‌කවල ඇතැම් ප්‍රදේශවල පානීය ජලයට දැනටමත් මුහුදු ජලය මුසු වී තිබේ. එයින් පැහැදිලි වන්නේ ගංගා සිඳී මුහුද ගොඩබිම දෙසට ගංගා දිගේ ආපසු පැමිණෙන බවයි. මෙයින් එම මුහුදු ජලය පැමිණෙන ගඟ දෙපස වගාවන් ද විනාශ වන අතර, ජලය අපවිත්‍ර වීමක් ද සිදු වේ.
ලෝකයේ සිදුවන ගෝලීය වෙනස්‌කම්වලට සාපේක්‍ෂව වර්ෂාවේ තීව්‍රතාවත්, උණුසුමේ දැඩි බවත් උත්සන්න වී ඇත. එබැවින් වැසි කාලයේදී ලැබෙන ජලය වැඩි වශයෙන් ආරක්‍ෂා කර තැබීම සඳහා නව ක්‍රමවේදයන් සැකසිය යුතුය. එසේම රට පුරා වැව්, ජලාශ වැඩි වැඩියෙන් තිබිය යුතුය. අතීතයේ තිබූ වැව් බොහෝමයක් අද දක්‌නටවත් නැත. විශේෂයෙන් ම ග්‍රාමීයව පැවැති කුඩා වැව් විනාශ වී යැම හේතුවෙන් ග්‍රාමීය ජනයාගේ ජල අවශ්‍යතාව කෙරෙහි එය දැඩි ලෙස බලපා තිබේ. දැනට ඉතිරිව තිබෙන වැව් හා ජලාශ ද නිසි කළමනාකරණයකින් යුතුව පවත්වා ගෙන යැමෙන් වැසි ජලය අපතේ යැම පාලනය කර ගැනිමට හැකි වනු ඇත. වාන් දොරටු හා අනෙකුත් ප්‍රතිසංස්‌කරණ කටයුතු නඩත්තු කිරීම්, පිරුණු ජලය හිස්‌කර නොව ස්‌වභාවිකවම ජලය සිඳී ඇති කාලවලදී සිදු කරන්නට හැකි නම් කොතරම් අගේද? පිරුණු ජලය හිස් කර වාන් දොරටුවල නඩත්තු කිරීම් සිදු කළ අවස්‌ථා අපි අත්දැක ඇත්තෙමු. ජලය නිසි පරිදි රැක ගැනීමට නොහැකි වීමෙන් හෝ හිතාමතා ම ජලය අපතේ යෑවීමෙන් නියං කාලයේදී පීඩාවටත්, අසරණ බවටත් පත් වනුයේ අසරණ මිනිසුන් පමණි.
තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2014/03/02/feature16.html

0 comments:
Post a Comment