මුස්‌ලිම් ආගමික ස්‌ථාන රැසකට පසුගිය කාලයේ කළ පහරදීම් සහ හානි සිදුකිරීම් පිළිබඳ වාර්තාවක් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය පසුගිය වසරේ අගෝස්‌තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේ හකීම් මහතා විසින් ඇයට භාරදෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ හා ජාතික නිදහස් පෙරමුණේ චම්පික රණවක සහ විමල් වීරවංශ යන ඇමැතිවරුන් කැබිනට් මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රශ්න කිරීම නිසා මේ උණුසුම් තත්ත්වය හටගත් බව වාර්තා විය. තමා පිල්ලේ මහත්මිය හමුවූ නමුත් ඇයට එවැනි වාර්තාවක් භාරදුන්නේ නැතැයිද එහෙත් තම පක්‍ෂයේ කණ්‌ඩායමක් විසින් එවැන්නක් සිදුකරන්නට ඇතැයිද හකීම් ඇමැතිවරයා මෙහිදී පවසා තිබේ. ආණ්‌ඩුව ඇතුළේ සිටියත් මුස්‌ලිම් කොන්ග්‍රසය වෙනම පක්‍ෂයක් යයි හකීම් මහතා පැවසූ විට "ඔබට ආණ්‌ඩුව ඇතුළේ ඉන්නට බැරිනම් යන්න පුළුවන්" යයි පවසා ජනාධිපතිවරයා රැස්‌වීමෙන් ඉවත් වී ගොස් ඇත.
පසුව රවුෆ හකීම් මහතා මේ සිද්ධිය ගැන මාධ්‍ය මගින් විමසූ විට පවසා තිබුණේ "කැබිනට් මණ්‌ඩල රැස්‌වීමේදී ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. වාද විවාද උණුසුම් අයුරින් සිදුවෙනවා. එදා සිදුවුණෙත් එවැනි වචන හුවමාරුවක් පමණයි. ඒ සිද්ධිය එතැනින් අවසන්" යනුවෙනි. තම පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් නොවන බවද ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණි.
ජනාධිපති රාජපක්‍ෂ මහතාට මෙහිදී වඩාත්ම කේන්ති ගොස් තිබුණේ ජිනීවාහිදී පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට ඉදිරිපත් කිරීමට යන යෝජනාවට පක්‍ෂව සවුදි අරාබිය හා කුවේට් රාජ්‍යය ඡන්දය දීමට තීරණය කොට ඇතැයි වාර්තාවීම හේතුවෙනි. මෙම රටවල් දෙකම පසුගිය සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ ඇමරිකානු යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේය. එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ සහායද මෙහිදී ශ්‍රී ලංකාවට නොලැබෙනු ඇතැයි පැවැසේ. ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා පසුගියදා කුවේටයට හා සවුදි අරාබියට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු වශයෙන් ගොස් ජිනීවා යෝජනාවේදී ශ්‍රී ලංකාවට සහාය දෙන ලෙස ඉල්ලා තිබිණි.
මේ තත්ත්වයට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ පවසයි.
මේ පිළිබඳව මුස්‌ලිම් කොන්ග්‍රසය පවසන්නේ මුස්‌ලිම් පල්ලිවලට පහරදීම් පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන නැවතත් මුස්‌ලිම් සංවිධාන විසින් ජාත්‍යන්තරයට තොරතුරු සපයා ඇති බවයි. එමෙන්ම මෙම සිදුවීම බටහිර තානාපති කාර්යාල විසින් ඇමරිකාව ඇතුළු බටහිර රටවලට යවා ඇති බවටද තොරතුරු ලැබී තිබේ.
එසේම නවනීදන් පිල්ලේ මහත්මියගේ වාර්තාවේ සඳහන් ආගමික ස්‌ථානවලට පහරදීම් පිළිබඳ තොරතුරු එම වාර්තාවට ශ්‍රී ලංකාව විසින් ප්‍රතිචාර දක්‌වමින් යවා ඇති වාර්තාව මගින්ද තහවුරු කොට ඇත. ආගමික ස්‌ථාන 182 ක සිදුවීම් පිළිබඳව රජයේ වාර්තාවේ දැක්‌වේ. එම සිදුවීම්වලින් 105 ක් හින්දු කෝවිල් පිළිබඳවද බෞද්ධ විහාරස්‌ථාන 16 ක් පිළිබඳවද ක්‍රිස්‌තියානි පල්ලි 41 ක් පිළිබඳවද මුස්‌ලිම් පල්ලි 20 ක් පිළිබඳවද වන අතර හින්දු කෝවිල් 105 න් 95 කම සිදුවී ඇත්තේ සොරකම් බවද රජයේ වාර්තාවේ සඳහන් කොට ඇත.
කෙසේ වුවද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ආගමික ස්‌ථාන පිළිබඳව ලැබී තිබූ තොරතුරු ඇයගේ කාර්යාලයෙන් ලබාගෙන ඇමරිකාව විසින් අරාබි රටවලට ලබාදී ඇතැයි දැනගන්නට තිබේ.
මුස්‌ලිම් ආගමික ස්‌ථානවලට සිදුවී ඇති පහරදීම් පිළිබඳ වාර්තාවක් නවනීදන් පිල්ලේ මහත්මිය අතට පත්වීම නිසා හකීම් ඇමැතිවරයා දේශද්‍රෝහියකු ලෙස හැඳින්වීමට ආණ්‌ඩුවේම හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ උත්සාහ ගත්තද, එම තොරතුරු පිල්ලේට ලබා නොදී මුස්‌ලිම් කොන්ග්‍රසය නිහඬව සිටියේ නම් ඔහු මුස්‌ලිම් ජනතාවගේ ද්‍රෝහියෙකු වීමට ඉඩ තිබූ බව මුස්‌ලිම් කොන්ග්‍රස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් මේ පිළිබඳව අදහස් දක්‌වමින් පැවැසීය.
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයේ ඉතිහාසය දෙස බලන විට මුල් කාලයේ එය ආණ්‌ඩු පිහිටුවීමේ තීරණාත්මක සාධකය බවට පත් වී තිබූ බව පෙනේ.
1988 ජනාධිපතිවරණයේදී පොදුජන එක්‌සත් පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂිකාව වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයේ සහාය ලබා ගැනීම සඳහා එහි නායක එම්. එච්. එම්. අෂ්රොෆ මහතා සමග සාකච්ඡා කිහිපයක්‌ම පැවැත්වූ නමුත් ඔහු ඉදිරිපත් කළ කොන්දේසිවලට මැතිනිය එකඟවූයේ නැත. මේ නිසා එම කොන්දේසි එජාප ජනාධිපති අපේක්‍ෂක රණසිංහ ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කළ අතර ඔහු ඒවාට එකඟවීම නිසා මුස්‌ලිම් කොන්ග්‍රසය ප්‍රේමදාස මහතාට සහය දුන්නේය. නැගෙනහිර පළාතේ ඡන්ද විශාල වශයෙන් ප්‍රේමදාස මහතාට ලැබුණේ මුස්‌ලිම් කොන්ග්‍රස් සහාය නිසාය.
1994 මහ මැතිවරණයේදී ජයගත් පොදුජන එක්‌සත් පෙරමුණට හිමිවූයේ මන්ත්‍රී ආසන112 ක් පමණි. මේ නිසා එක්‌සත් ජාතික පක්‍ෂයද ආණ්‌ඩුවක් පිහිටුවීමට සුළු පක්‍ෂවල සහය පැතීය. එවකට එජාප නායකයා වූ ගාමිණී දිසානායක මහතා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයේ සහාය ලබා ගැනීම සඳහා එහි නායක අෂ්රොෆ මහතා කොළඹට ගෙන්වා ගැනීම සඳහා හෙළිකොප්ටරයක් කල්මුණේට යෑවීය. එහෙත් කොළඹ පැමිණි අෂ්රොෆ මහතා කෙළින්ම රොස්‌මිඩ් පෙදෙස නිවෙසට ගොස් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය හමු වී ඇයට සහයෝගය දීමට පොරොන්දු විය. ඒ නිසා පොදුජන එක්‌සත් පෙරමුණට ආණ්‌ඩුවක් පිහිටුවා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය අගමැති වශයෙන් පත්කර ගැනීමට හැකිවූයේ එදා මුස්‌ලිම් කොන්ග්‍රසයේ සහාය ලැබීම නිසාය. එතැන් පටන් මුස්‌ලිම් කොන්ග්‍රසය 2001 දක්‌වා චන්ද්‍රිකා ආණ්‌ඩුවේ ඇමැති තනතුරු දරමින් රැඳී සිටියේය.
එහෙත් මුස්‌ලිම් කොන්ග්‍රස් නායකවරයා හා නාවික කටයුතු ඇමැති එම්. එච්. එම්. අෂ්රොෆ මහතා 2000 සැප්තැම්බර් මස 16 දා මාවනැල්ල ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් හෙළිකොප්ටරය කඩා වැටී මරුමුවට පත්විය. අනතුරුව එම පක්‍ෂයේ නායකයා වූයේ රාවුෆ හකීම් මහතාය. ඔහුට අෂ්රොෆ මහතාගේ කැබිනට් ඇමැති පදවිය හිමි වූ අතර අෂ්රොෆ මහතාගේ වැන්දඹු බිරිඳ වූ ෙෆරියල් අෂ්රොෆ මහත්මියට එම ආණ්‌ඩුවේ නිවාස හා ඉදිකිරීම් ඇමැති ධුරය හිමි වූවාය. මේ අතර මුස්‌ලිම් කොන්ග්‍රසය තුළ හටගත් මතභේද නිසා ෆේරියල් අෂ්රොෆ මහත්මිය ඉන් ඉවත් වී "ජාතික සමගි සන්ධානය (NUA) නම් පක්‍ෂයක් පිහිටුවා ගත්තේ මුස්‌ලිම් කොන්ග්‍රසයේ පිරිසක්‌ද සමගිනි.
මේ කාලයේදී මුස්‌ලිම් කොන්ග්‍රසය හා චන්ද්‍රිකා ආණ්‌ඩුව අතර මතභේද හටගත් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් හකීම් මහතා ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබුවාය.
එයින් පසු චන්ද්‍රිකා ආණ්‌ඩුව බිඳ වැටුණු අතර අනතුරුව 2001 පැවැති මහ මැතිවරණයේදී මුස්‌ලිම් කොන්ග්‍රසය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ජාතික පෙරමුණට එක්‌වී තරග කළේය. මෙයින් ජයගත් එක්‌සත් ජාතික පෙරමුණ පිහිටුවනු ලැබූ ආණ්‌ඩුවේ ඇමැති තනතුරු කීපයක් හකීම් මහතා ඇතුළු පිරිසකට හිමි විය.
අනතුරුව පැවැති 2004 මහ මැතිවරණයේදීත් 2005 ජනාධිපතිවරණයේදීත් 2010 පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණයේදීත් මුස්‌ලිම් කොන්ග්‍රසය සිටියේ එක්‌සත් ජාතික පක්‍ෂය සමගය.
එහෙත් 2004 මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මුස්‌ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් 12 දෙනාගෙන් ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා ඇතුළු 6 දෙනකු එම පක්‍ෂයෙන් ඉවත්වී "මුස්‌ලිම් ජාතික කොන්ග්‍රසය නමින් පක්‍ෂයක් පිහිටුවා ගත්තේය.
ඒ අතර 2004 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයට මන්ත්‍රී ධුර 10 ක් ලැබුණි. එහිදී රිෂාඩ් බදුර්දීන් මහතා ඇතුළු මන්ත්‍රීන් සිව් දෙනෙකු එම පක්‍ෂයෙන් කඩාගෙන ගොස් රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් සමස්‌ත ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසය නමින් නව පක්‍ෂයක් පිහිටුවාගෙන චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ආණ්‌ඩුවට එක්‌විය.
මහින්ද රාජපක්‍ෂ මහතා 2005 ජනාධිපතිවරණයෙන් ජයගෙන විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2010 දී යළි ජනාධිපති වීමෙන් විපක්‍ෂයේ සිටි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසය 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය යටතේ තරගකොට මන්ත්‍රී ආසන 6 ක් ජය ගත්තේය. එම පක්‍ෂයට බෝනස් ආසන 2 ක්‌ද ලැබීමෙන් මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 8 ක් විය. ඒ අනුව පක්‍ෂ නායක රාවුෆ හකීම් මහතා මහනුවර දිස්‌ත්‍රික්‌කයෙන්ද, නූර්දීන් මෂුර් මහතා වන්නි දිස්‌ත්‍රික්‌කයෙන්ද, එස්. එම්. තව්ෆSක් මහතා ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයෙන්ද, බසීර් සේගුදාවුඩ් මහතා මඩකලපු දිස්‌ත්‍රික්‌කයෙන්ද, එච්. එම්. එම්. හැරිස් සහ පයිසාල් කසිම් යන මහත්වරු අම්පාර දිස්‌ත්‍රික්‌කයෙන්ද තේරීපත්වූ අතර පක්‍ෂයේ මහ ලේකම් හසන් අලි සහ කළුතර එස්. එම්. අස්‌ලම් යන මහත්වරු එජාප ජාතික ලැයිස්‌තුවෙන් පත්වූහ.
මොවුන් අතරින් බසීර් සේගුදාවුඩ්, නූර්දීන් මෂුර් සහ පයිසාල් කසිම් යන මන්ත්‍රීවරු ආණ්‌ඩුවට එක්‌වීම සඳහා ජනාධිපති රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා පැවැත්වූ බව හකීම් මහතාට දැන ගන්නට ලැබුණි. මේ වන විට එක්‌සත් ජනතා නිදහස් සන්ධාන ආණ්‌ඩුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 144 ක් තිබූ අතර තවත් මන්ත්‍රීවරුන් බඳවාගෙන ඔවුන්ට දීමට ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති තනතුරු තිබුණේද නැත. එහෙත් මෙම මන්ත්‍රීවරුන් තිදෙනාට ආණ්‌ඩුවට එක්‌වීමේ බලවත් ඕනෑ කමක් තිබුණි. මේ අතර මුස්‌ලිම් කොන්ග්‍රසයේ එච්. එම්. එම්. හැරිස් සහ එස්. එම්. තව්ෆsක් යන මන්ත්‍රීවරුන් දෙදෙනාද ආණ්‌ඩුවට එක්‌වීම සඳහා සාකච්ඡා කරන්නට වූහ. මේ තත්ත්වය යටතේ මුස්‌ලිම් කොන්ග්‍රසය හකීම් හසන්අලී හා අස්‌ලම් යන මන්ත්‍රීවරුන්ට සීමාවන තත්ත්වයක් උද්ගත විය.
මේ තත්ත්වය යටතේ හකීම් මහතා මුහුණ පෑවේ බරපතළ අර්බුදයකටය. අන්තිමේදී පක්‍ෂය බේරා ගැනීම සඳහා ආණ්‌ඩුවට පක්‍ෂය වශයෙන් එකතු වීමට ඔහු තීරණය කළේය.
පසුව ජනාධිපතිවරයාට තෙවැනි වරටත් ජනාධිපති පදවිය දැරියහැකි බවට ගෙන ආ 18 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කර ගැනීමටද මුස්‌ලිම් කොන්ග්‍රසය ආණ්‌ඩුව සමග ඡන්දය දුන්නේය. ආණ්‌ඩුවට එක්‌වීමේ ප්‍රතිඵලයක් වශයෙන් රාවුෆ හකීම් සහ බසීර් සේගුදාවුඩ් යන මහත්වරුන්ට කැබිනට් ඇමැති තනතුරු ලැබුණි.
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසය අතීතයේදී මෙන් ආණ්‌ඩු පිහිටුවීමේදී තීරණාත්මක සාධකය බවට පත්වී තිබූ නමුත් දැන් ඒ තත්ත්වය නැත. එම පක්‍ෂයට ආණ්‌ඩුවෙන් ගියත් යන්නට තැනක් නොමැත. ඒ නිසා ආණ්‌ඩුව තුළ රැඳී සිටිමින් තමන්ට සහ තම පාක්‍ෂිකයන්ට යමක් කර ගැනීම පමණි ඔවුන්ට ඉතිරිව ඇත්තේ. මේ නිසා ජනාධිපතිවරයා කුමක් කීවත් කරබාගෙන සිටීම හැර වෙනත් විකල්පයක් එම පක්‍ෂයට නැත.
එසේ වුවද නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් ජයගත් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට එහි පාලනය ගෙනයා හැකිවී තිබෙන්නේ මුස්‌ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීන්ගේ ඡන්ද නිසාය. මුස්‌ලිම් කොන්ග්‍රසයට දෙමළ ජාතික සන්ධානයට සහාය දී හවුල් පාලනයක් එහි ගෙන යැමට ඉඩ තිබිණි.
දයා ලංකාපුර
http://www.divaina.com/2014/03/09/politics01.html
Pic Source

0 comments:
Post a Comment