Pages

Monday, March 17, 2014

පොළොන්නරුව දෙමළ මහා සෑයේ කැණීම් කටයුතු ඇරඹේ - මධ්‍යම සංස්‌කෘතික අරමුදල

පොළොන්නරුව, ඉපැරැණි දෙමළ මහා සෑයේ කැණීම් කටයුතු සිදුකොට එහි සංරක්‍ෂණ කටයුතු ආරම්භ කරන බව මධ්‍යම සංස්‌කෘතික අරමුදල පවසයි.

දැනට ලංකාවේ තිබෙන විශාලතම චෛත්‍ය මෙය වන අතර එය මහා පරාක්‍රමබාහු රජ සමයේ ඉදිකරවන ලද්දක්‌ බවට සැලකේ.

මෙවර එහි කැණීම් කටයුතු සහ සංරක්‍ෂණය කිරීම ආරම්භ වන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියමයෙන් බව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ඒ. රණවීර මහතා ඊයේ (06 දා) පෙරවරුවේ පොළොන්නරුව කෞතුකාගාර ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ රණවීර මහතා වට ප්‍රමාණය අඩි 1950 ක්‌ වන දෙමළ මහා සෑයෙහි අඩි 500 ක්‌ දක්‌වා කැණීම් කටයුතු සිදුකොට සංරක්‍ෂණය කිරීමට නියමිත බව කීය. එම ප්‍රමාණය දෙමළ මහා සෑයෙන් හතරෙන් එක්‌ කොටසක්‌ පමණ බවත් ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 20 ක්‌ බවද කීය.

මේ අතර පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ පිළිම වහන්සේලාගේ ආරක්‍ෂාව සඳහා දැනට ඉතිරිව ඇති කොටසේ අලුතින් පියස්‌සක්‌ ඉදිකිරීමටද මධ්‍යම සංස්‌කෘතික අරමුදල ජනපති නියමයෙන් පියවර ගන්නා බවද රණවීර මහතා මෙහිදී පැවසීය.

මීට අමතරව පොළොන්නරුව පූජා භූමියෙහි අභ්‍යන්තර මාර්ගය ඉතිරි කොටස ගඩොල් අතුරා සකස්‌ කිරීම සඳහා රුපියල් මිලියන 40 ක වියදමින් අවසන් කිරීමට නියමිත බවද සඳහන් කළේය.

කැණීම් සිදුකොට සංරක්‍ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත දෙමළ මහා සෑය නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවටද මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ නිලධාරීහු එක්‌ වූහ.

කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2014/03/11/news30.html

Pic Source

0 comments: