ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්‌කලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා වවුනියාවේ පැවැති එම පක්‍ෂයේ ඉහළ පෙළේ රැස්‌වීමකදී මෙම තීරණය ගෙන තිබේ.
මාන්කුලම් උතුරේ අගනගරය ලෙස නම්කොට දැනට යාපනයේ පිහිටි උතුරු පළාත් සභා කාර්යාලය, පළාත් අමාත්‍යාංශ හා පරිපාලන කාර්යාල එහි පිහිටුවිය යුතු බව ද ටෙලෝ සංවිධානය සකස්‌කොට ඇති යෝජනාවේ දැක්‌වේ. උතුරු පළාතේ පරිපාලන දිස්‌ත්‍රික්‌ක 5 මැදිව පිහිටා ඇති බැවින් මාන්කුලම් අගනගරයට වඩාත් සුදුසු බවද එහි සඳහන් කොට ඇත.
මීට පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයද 2004 වසරේදී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආණ්‌ඩුවෙන් මාන්කුලම් උතුරේ අගනුවර කරන්නැයි ඉල්ලා තිබිණි.
දයා ලංකාපුර
http://www.divaina.com/2014/03/02/news02.html
Pic Source






0 comments:
Post a Comment