Pages

Saturday, March 1, 2014

දැන් ගෙවල්වලත් හරක්‌ මරණවා - දයාරතන හිමි

ගව ඝාතනයට එරෙහිව පවත්වන උද්ඝෝෂණ සම්බන්ධයෙන් සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්‌මීමන දයාරතන හිමියන් සමග කරන ලද සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - රට පුරා ස්‌ත්‍රී දූෂණ, මිනීමැරුම් ආදී විවිධ අපරාධ වැඩිවෙලා. ඒවා ගැන කතා නොකර ඇයි ගව ඝාතනය පමණක්‌ නතර කරන්න මෙතරම් උනන්දු වන්නේ?

පිළිතුර - රටක සාමාන්‍යයෙන් විපක්‍ෂය හා මාධ්‍ය තමයි ජනතාවගේ මුර බල්ලා වෙන්න ඕනෑ. මේ ප්‍රශ්න ගැන ඒ ගොල්ලො තමයි කතා කරන්න ඕනේ. ඕවා නිවැරැදි කරන්න තමයි ප්‍රාදේශීය සභාවේ ඉඳන් පාර්ලිමේන්තුව දක්‌වා ජනතා නියෝජිතයන් පත් කරලා ඉන්නේ. රටේ තියෙන හැම ප්‍රශ්නයක්‌ ගැනම එක පාරට අපිට කතා කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් එක දෙයක්‌වත් හරියට කරගන්න බැරි වෙනවා. 

ප්‍රශ්නය - ගවයන්ට අමතරව තවත් විවිධ සතුන් මස්‌ පිණිස මරනවා. ඔබ වහන්සේලා ඒ ගැන ඇයි කතා නොකරන්නේ.

පිළිතුර - ඒක ඇත්ත. අපිට එක පාරට හැම දෙයක්‌ම නවත්වන්න බැහැනේ. එහෙම කළොත් මිනිස්‌සු මාව ගහලා මරා දමයි. අපේ රටේ 93% ක්‌ම ගව මස්‌ කන්න කැමති නැහැ. ගවයා කියන්නේ අපිට සම්පතක්‌. අම්මාගේ කිරෙන් වැඩෙනකොට එළදෙනගේ කිරිවලින් තමයි අපි පෝෂණය වෙන්නේ. දැන් බලන්න එන්න එන්නම ගව ඝාතනය වැඩි වෙලා. දැන් ගෙවල්වල පවා හරක්‌ මරන්න පටන් අරන්. ඒක නිසා ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ. 

ප්‍රශ්නය - අද දානේ ගෙයක්‌ ගත්තත් විවිධ වර්ගවල මස්‌ ජාති තියෙනවා. භික්‍ෂූන් වහන්සේලාත් ඒවා වළඳනවා. ඒ ගැන මොකද හිතෙන්නේ.

පිළිතුර - ඒකේ වරදක්‌ නැහැ. දානය වෙනුවෙන් තියෙන දේවල් පිළිගන්න එක භික්‍ෂුවකගේ යුතුකමක්‌. හැබැයි භික්‍ෂුවක්‌ දානය සඳහා මස්‌ මාංශ පිළියෙල කරන්න කියලා කිව්වොතින් ඒක වැරදියි. බුදුරජාණන් වහන්සේත් මස්‌ මාංශ අනුභව කිරීම ගැන වෙනමම දේශනා කරලා තියෙනවා.

ප්‍රශ්නය - සිංහල රාවය ජාතික සංවිධානයේ සාමාජිකයන් මස්‌ මාංශවලින් වැළකිලාද ඉන්නේ.

පිළිතුර - බහුතරයක්‌ අය මස්‌ මාංශ ආහාර සඳහා ගන්නේ නැහැ. ටික දෙනෙක්‌ ඉන්නවා මස්‌ කන අයත්. ඒත් ගවමස්‌ කන අය නම් නැහැ. 

ප්‍රශ්නය - බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි ගව ඝාතනයට විරුද්ධව සිය දිවි නසා ගත්තා. මේ උද්ඝෝෂණයේදීත් භික්‍ෂූන් වහන්සේ නමක්‌ සියදිවි හානි කරගන්න ගියා. බුදුදහම අනුව සියදිවි නසා ගැනීම පවක්‌ නේද?

පිළිතුර - බුදු දහම අනුවනම් සිය දිවි නසා ගැනීම පවක්‌ තමයි. බෝවත්තේ ඉන්දරතන හිමි සිය දිවි නසා ගත්තේ නැහැ. උන්වහන්සේ කළේ ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලමින් තම ජීවිතය පූජා කිරීමක්‌. එතන සිය දිවි නසා ගැනීමක්‌ නොවෙයි සිදුවූයේ. ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලමින් ආත්මීය පාරමිතා පූජාවකුයි උන්වහන්සේ කළේ. කොටුවේ පැවති උද්ඝෝෂණය වෙලාවෙත් ඒ භික්‍ෂූන් වහන්සේ සියදිවි නසා ගන්න නොවෙයි හැදුවේ. ගව ඝාතනය නතර කරන මෙන් ඉල්ලා ආත්මීය පාරමිතා පූජාවක්‌ කරන්න හැදුවේ. බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියේදී ආත්මීය පාරමිතා පූජාවල් කරලා තියෙනවා.

ප්‍රශ්නය - ගවමස්‌ වැඩිපුර ආහාරයට ගන්නේ මුස්‌ලිම් ජනතාව. ගව ඝාතනය නවත්වන්න කියලා ඔබ වහන්සේලා කරන යෝජනාවෙන් ඔවුන්ට අසාධාරණයක්‌ සිදුවෙනවා නේද?

පිළිතුර - අපි මුස්‌ලිම් ජනතාවට ගවමස්‌ කන එක නවත්වන්න කියලා කියන්නේ නැහැ. අපි ඉල්ලන්නේ ගව ඝාතනය නවත්වන්න කියලා විතරයි. බලන්න මැදපෙරදිග රටවල්වල ඌරන් මරන්න පුළුවන් ද කියලා. බැහැ. ඉන්දියාවේ ප්‍රාන්ත 13 ක ගව ඝාතනය තහනම් කරලා. භූතානය වැනි රටවලත් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම්. ඉතින් අපේ රටේ 93% ක්‌ ගවමස්‌ කන්නේ නැතිනම් ගව ඝාතනය නතර කරන්න බැරි ඇයි. 

ගයාන් සමරසිංහ
http://www.divaina.com/2014/02/23/feature16.html

Pic Source

සබැඳි ලිපි -
[
බොදු උරුමය වෙනුවෙන් කොටුවේ උද්ඝෝෂණ කළ සිංහල රාවයට එරෙහිව පොලිසියෙන් දැඩි පියවරhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7467.htmlබෞද්ධ අයිතීන් සුරක්‍ෂිත කරන රකින ලෙස ඉල්ලමින් දිවි නසා ගැනීමට තැත් කළ හිමිනම රිමාන්ඩ්!http://denethharinna.blogspot.com/2014/02/blog-post_2642.htmlගව ඝාතනය තහනම් කරන්න ජනපති සූදානම්. උපවාසය අවසන්!http://denethharinna.blogspot.com/2014/02/blog-post_7945.htmlයති රුහිරු හලමින් කතරගම සිට පැමිණි 'සිංහල රාවය' පාගමන කොළඹට...http://denethharinna.blogspot.com/2013/06/blog-post_2197.htmlගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිටhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_9967.htmlගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR
http://denethharinna.blogspot.com/2013/06/03.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html
]

0 comments: