Pages

Sunday, March 23, 2014

පෝෂණ සමාජ ආර්ථික ගැටලු රැසකට කදිම විසඳුම - හීල් බත්

හීල්බත් පිළිබ`දව හෙළයාට තිබූ දැනුම සහ අත්දැකීම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි වී ගොස්‌ ඇත්තේ ඉතාම කනගාටුදායක අයුරිනි. අද "හීල් බත් කියන්නේ මොනවද?" කියා ගුරුවරුන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් අසන්නට පාසල් දරුවන්ට සිද්ධ වී ඇත්තේ එබැවිනි. කුඩා දරුවන් පමණක්‌ නොව බොහෝ වැඩිහිටියන්ද හීල්බත් කියන්නේ කුමක්‌දැයි දන්නේ නැත. හීල් බත් ගැන දන්නා අයවත් හීල්බත් උණු බත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි? යන ප්‍රශ්නයට පිළිතුර දන්නේ නැත. 

හීල්බත් කියන්නේ කුමක්‌ද? හීල්බත් උණුබත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි? ආදී ප්‍රශ්න වලට බොහෝ දෙනා නිවැරදි පිළිතුර නොදන්නා බැවින් එම අපැහැදිලිතාවය මගහැරවීම ස`දහාත් හීල් බත් පිළිබ`දව නිවැරදි දැනුමක්‌ සහ හීල්බත් ආහාරයට ගැනීමේ උනන්දුවක්‌ සහ සංස්‌කෘතියක්‌ සමාජයේ යළිත් ඇතිකරලීම ස`දහාත් අපි ඒ ගැන සාකච්ඡා කරමු. 

හීල් බත්

හීල් බත් යනු පෙර දින රෑට උයාගන්නා බතේ උදේට ඉතිරිවන කොටසයි. එනම් හීල් බත් ආහාරයට ගැනීම යනු උදේට එසේ ඉතිරි වී ඇති බත් ආහාරයට ගැනීමයි. මෙය බොහෝ දෙනා දියබත් සමග පටලවා ගනී. 

දියබත් යනු රෑට ඉතුරුවන බත් දංකුඩයට වතුර දමා ගාන ලද පොල් සහ කපන ලද රතු`එනු දෙහි ඇඹුල් ආදිය දමා පානයක්‌ වශයෙන් උදේට ආහාරයට ගැනීමට සකසා ගන්නා බතයි. දියබත් සාදාගන්නේ හීල් වූ බත් දංකුඩයෙන් බව සත්‍ය නමුත් හීල්බත් යනු දියබත් නොවන බව දැන් ඔබට වැටහිය යුතුය. දිය බත් යනු හීල් බත් දංකුඩය ආහාරයට ගන්නා එක්‌ ආකාරයකි. නමුත් හීල් බත් යනු දංකුඩය පමණක්‌ නොවේ. 

හීල් බතෙහි ගුණ පෝෂණ විද්‍යාත්මක පමණක්‌ නොව ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක ආර්ථික විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක ආදී පු`එල් පරාසයක විහිදී පවතියි. හීල් බත් උණු බත්වලට වඩා ගුණදායක වන්නේ ඇයි? යන ප්‍රශ්නය එවැනි පු`එල් පරාසයක සිට සළකා බැලීමේදී අපට පහත ස`දහන් දස වැදෑරුම් ගුණයන් හීල් බතෙහි ඇති බව තහවුරු කර ගත හැකිය.

හීල් බත්වල බී කාණ්‌ඩයේ විටමින් ප්‍රමාණය සහ සී විටමින් ප්‍රමාණය වැඩිය

වාතයේ සහ අවට පරිසරයේ ඇති යීස්‌ට්‌ ඇතු`එ හිතකර ක්‌ෂුද්‍ර ජීවින් හීල් බත් උපස්‌ථරය මත ක්‍රියාත්මක වේ. එවිට හීල් බතෙහි පැසීමේ ක්‍රියාවලියක්‌ සිදු වේ. අප බත් පීනු වී ඇතැයි කියන්නේ මෙම පැසීමේ ක්‍රියාවලිය උවමනාවටත් වඩා සිදු වී කල් ඉකුත් වූ විටයි. පැසීමේ ක්‍රියාවලියේ හිතකර තත්ත්වයේදී ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා බී විටමින් කාණ්‌ඩයේ විටමින්වල සහ සී විටමින්වල සාන්ද්‍රණය ඉහළ යයි. එනම් හීල් බත් යනු විටමින් වලින් ස්‌වභාවිකව බලකරණයට ලක්‌ වූ ආහාරයක්‌ වේ. 

විශේෂයෙන්ම විටමින් බී 12 ශරීරයට ලැබෙන්නේ ක්‌ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසාය. මස්‌ ආදී සත්ත්ව ආහාර තුලට බී 12 විටමිනය ලැබී ඇත්තේද එම ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය හරහාය. එහෙත් විටමින් බී 12 ශරීරයට ලබා ගත හැකි එකම මාර්ගය ලෙස ප්‍රචලිත වී ඇත්තේ මස්‌ ඇතු`එ සත්ත්ව ආහාර ගැනීමය. ජනප්‍රිය මතය එසේ වුවත් සත්ත්ව ආහාර කිසිවක්‌ නොගන්නා අයට සැළකිය යුතු විටමින් බී 12 ප්‍රමාණයක්‌ හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට එකතු කර ගත හැකිය. 

හීල් බත් උණු බත් වලටත් වඩා පහසුවෙන් දිරවයි

බත් තිරි`ගු ආදී අනෙකුත් ධාන්‍ය වලට සාපේක්‌ෂව ඉතා හො`දින් ජීරණය වේ. හීල් බත් වල සිදු වන ඉහත කී පැසීමේ ක්‍රියාවලිය නිසා බත්වල ජීරණ හැකියාව තවදුරටත් දියුණු වේ. විශේෂයෙන් ප්‍රොaටීන් වල ජීරණ හැකියාව තව දුරටත් ඉහළ නැංවේ. 

හීල් බත් ජෛවී ආහාරයකි

ජෛවී ආහාර ආහාරයට ගන්නා සතුන් ආහාර පිස ආහාරයට ගන්නා මිනිසා සහ මිනිසා විසින් ඇති කරන සතුන්ට වඩා බොහෝ නිරෝගීය. විශේෂයෙන්ම එවැනි සතුන්ට විටමින් ඌනතා සහ දියවැඩියාව, ධමනි තුළ කොලෙස්‌ටරෝල් බැ`දීම, පිළිකා ආදී නිදන්ගත රෝග ඇත්තේම නැති තරම්ය. 

එයට හේතු වන්නේ ආහාර පිසීමේදී පිළියෙළ කිරීමේදී සහ අධික ලෙස ශුද්ධ කිරීමේදී ශරීර සෞඛ්‍යයට හිතකර තාපයට සහ අනෙකුත් භෞතික සහ රසායනික සාධකවලට සංවේදී විටමින් වර්ග, එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග විනාශ වී යාමය. පලතුරු සහ අමුවෙන් ආහාරයට ගත හැකි පලාවර්ග ඇතු`එ එළව`එ අද අතිශයින්ම සෞඛ්‍ය ප්‍රවර්ධනාත්මක ආහාර ලෙස සළකන්නේ ඒවා ජෛවී ලෙස ආහාරයට ගත හැකි බැවිනි. එවිට ඒවායේ ඇති හිතකර සංඝටක කිසිවක්‌ විනාශ නොවී ශරීරයට ලැබේ.

බත් පිසගන්නා ආහාරයක්‌ බැවින් උණු බත් ජෛවීය ආහාරයක්‌ වන්නේ නැත. එහෙත් හීල් බත් අප පෙරදී පෙන්වා දුන් ආකාරයට ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා ජෛවී ආහාරයක්‌ බවට පත් වෙයි. එනම් හීල් බත් ජෛවී ආහාර වල ලක්‌ෂණ සහිත සෞඛ්‍යයට බෙහෙවින්ම හිතකර ආහාරයකි. 

හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවේ

හීල් බත් ආහාරයට ගැනීමේදී කිසිම මුදලක්‌ වැය වන්නේ නැත. එබැවින් අප වැනි ආදායම් තත්ත්වය සීමාසහිත රටක ජනතාවට සුදුසුම ආහාරයක්‌ වේ. රාත්‍රී ආහාරයෙන් පසු සෑම ගෙදරකම පාහේ බත් සැළකිය යුqතු ප්‍රමාණයක්‌ ඉතුරු වේ. බොහෝ දෙනා කරන්නේ මේ බත් ටික හිත් පිත් නොමැතිව වීසී කර දැමීමය. ආහාර ගන්නට සල්ලි නෑ යෑයි නිතර මැසිවිලි නගන අයගේ කුණු ගොඩවල් පරීක්‌ෂා කළ විට ඒවායේ වැඩිපුරම දැක ගත හැක්‌කේ ආහාරයට නොගෙන ඉවත දමන බත්ය. 

විශාල පවුලකට පමණක්‌ උදේට හීල් බත් කෑම ස`දහා වැඩිපුර සහල් ටිකක්‌ රාත්‍රියට ලිප තබන්නට සිදු වෙයි. නමුත් එයට පාන් වැනි ආහාරවලට මෙන් මහා මුදලක්‌ වැය වන්නේ නැත. ව්‍යාංජනද බොහෝ විට රාත්‍රියට ඉතුරු වන බැවින් ඒවා සමග හීල් බත් කන්නට හැකිය. හීල් බත් කන්නට අමතරව දෙයක්‌ අවශ්‍ය වූවොත් ඒ පොල් සම්බෝලයක්‌ වැනි පහසුවෙන් සාදා ගත හැකි ආහාරයකි. 

හීල් බත් ඉන්ධන අර්බුදයට හො`දම විස`දුමකි

හීල් බත් කන විට එක වේලකට වැය වන ඉන්ධන ප්‍රමාණයෙන් දෙවේලකටම උයා ගැනීම සිදුවේ. ඉන්ධන ලෙස දර භාවිතා කළත් ගෑස්‌ භාවිතා කළත් විදුලිය භාවිතා කළත් එයින් විශාල ඉන්ධන ඉතිරියක්‌ සිදුවේ. 

හීල් බත් අර පිරිමැස්‌ම පිළිබ`ද විශිෂ්ට ආදර්ශයකි 

හීල් බත් කෑමේදී බත් ඇටයක්‌ හෝ අහක දමන්නට සිදු වන්නේ නැත. බත් අහක දැමීම කොතරම් පාපකර්මයක්‌ දැයි අපේ අම්මලා ආච්චිලා අපට කියා දී ඇත. බත් අහක දැමීමේ පාපයේ බරපතල කම උගන්වන අම්මා මා කුඩා කලදී කියාදුන් කථාන්දරයක්‌ මෙහිදී මට සිහි වෙයි. 

එක්‌තරා ගොවි මහතෙකුගේ බිරියක්‌ ඉතාම අරපිරිමැස්‌මෙන් කටයුතු කරන්නීය. ඇය බත් ඇටයක්‌ වත් අහක දමන්නේ නැත. එහෙත් දිනක්‌ ඇය බත් උයද්දී බත් හැලිය පෙන දමමින් උතුරන විට එක්‌ බත් ඇටයක්‌ ලිප් ගල මතට වීසි වී ඇත. එය දුටු ඇය ඉරටුවක්‌ රැගෙන එම බත් ඇටයද ආපසු බත් හැලියට අරගෙන දමන්නට උත්සාහ කළේය. නමුත් ඇයට ආපසු ගත හැකි වූයේ බත් ඇටයෙන් භාගයක්‌ පමණි. අනෙක්‌ බත් ඇට භාගය ලිපට වැටී පිලිස්‌සී ගියේය. මේ පිළිබ`දව දුකෙන් පසුවූ එම ගෙවිලිය රෝගාතුරව මිය ගියාය. 

එසේ මියගොස්‌ බත් ඇට භාගයක්‌ අහක දැමීමේ පාපයට එළදෙනක්‌ වී ගොවි මහතාගේ හරක්‌ පට්‌ටියේම උපන්නාය. ඒ අතර ගොවි මහතා වෙනත් විවාහයක්‌ කර ගත්තේය. අලුත ගෙනා බිරි`ද කිසිම අර පිරිමැස්‌මක්‌ නැතිව බත් හැලි පිටින් අහක වීසි කරන්නට වූවාය. 

කාලයාගේ ඇවෑමෙන් එළදෙනද මිය ගිය අතර ගොවි මහතා එළදෙනගේ අං තට්‌ටුව සහිත හිස්‌ කබල බුලත් කොටුවේ කණුවක ගසා තැබුවේය. ගොවි මහතාගේ දෙවන බිරිය බත් අහක දමන ආකාරය බුලත් කොටුවේ සිට දුටු මියගිය එළදෙනගේ හිස්‌ කබලට පවා සිනා පහළ වූයේ "මා බත් ඇට භාගයක්‌ අහක දැමීමේ පාපයට මේ සා සාපයකට ගොදුරු වූවා නම් මේ තරම් බත් අහක දමන මේ ගැහැණියට යන්නට අපායක්‌වත් තියෙනවාද?" කියා සිතීමෙනි. 

අපට මෙම කථාව මෙහිදී කියන්නට සිදු වූයේ අද බොහෝ ගෘහණියන් බත් වීසි කිරීම කොතරම් අපරාධයක්‌ දැයි නොසිතා බත් විසි කිරීමේ මහා අපරාධය කරන නිසාය. 

හීල් බත් කෑමෙන් එම අපරාධය සහමුලින්ම වළකා ගත හැකිය. එය අරපිරිමැස්‌ම පිළිබ`ද විශිෂ්ට ආදර්ශයක්‌ වේ. 

හීල් බත් බෙහෙවින්ම පරිසර හිතකාමී ආහාරයකි 

හීල් බත් කෑමේදී විශාල වශයෙන් ගෘහස්‌ථ ඉන්ධන පරිභෝජනය අඩු කළ හැකි බව ඉහතින් විස්‌තර කරන ලදී. ඉන්ධන දහනයේදී සිදුවන පරිසර දූෂණයද එමගින් අඩු වේ. එසේම දර සහ අනෙකුත් ඉන්ධන වැඩිපුර භාවිතා කරන විට ගස්‌ වැල් ඇතු`එ ස්‌වභාවික පරිසරය විනාශ වේ. ඒ අනුව ඉන්ධන භාවිතය පරිසරයට ඔරොත්තු දෙන මට්‌ටමින් තබා ගැනීමට හීල් බත් කෑම බෙහෙවින්ම උපකාරී වෙයි. 

හීල් බත් උදෑසන ගෙදර යුද්ධයට හො`දම විස`දුමකි

බොහෝ නිවෙස්‌වල උදෑසනට අවදි වූ විට ඇත්තේ එකම යුද්ධයකි. ඒ දරුවන් පාසල් යෑවීමට කලින් කෑම දීම ස`දහා උයා පිහා ගැනීමටය. දෙමව්පිය වැඩිහිටියන් වැඩට යන්නේ නම් යුද්ධය දෙගුණ තෙගුණ වේ. උදේ නිවසෙන් පිටත්වෙන්නට කලින් උදෑසන උයන ආහාරය කා පිටත්වීම ස`දහා උදේට උයන්නට පැය එකහමාරක්‌ දෙකක්‌ කළින් අවදි වන්නට සිදු වෙයි. එසේ කළ නොහැකි බොහෝ දෙනා ක්‌ෂණික, කෘත්‍රීම කෑම මුදලාලිලාගේ දංගෙඩියට අසු වී ඇත. එහෙත් උදෑසන ගෙදර යුද්ධය අවම කර ගැනීමටත් ක්‌ෂණික කෑම මුදලාලිලාගෙන් බේරෙන්නටත් ඇති හො`දම විස`දුම උදේ ආහාරය ලෙස හීල් බත් කෑමයි. 

හීල් බත් පවුලේ මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි

හීල් බත් පවුලේ මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට බෙහෙවින්ම දායක වේ. එයට හේතු රාශියක්‌ම පවතියි. හීල්බත් වල බී විටමින් ප්‍රමාණය වැඩි නිසා ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට ඉවහල් වේ. ඒ තුළින් හො`ද ක්‍රියාශීලී මනසක්‌ද ඇති වේ. හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවන නිසා ආහාරවලට යන වියදම බොහෝ දුරට අඩු කර ගත හැකිය. 

හීල් බත් දීර්ඝායු ලබාදීමට හේතු වේ

ඉහත විස්‌තර කරන ලද කරුණුවලින් ඔබට පෙනී යන්නේ හීල් බත් වල පෝෂණීය ගුණය මෙන්ම ඖෂධීය ගුණයද ඉහළ බවය. එනම් ඒ තුළින් ලෙඩ රෝග ඇති වීමේ අවදානම අඩු වී කායික සෞඛ්‍යය ප්‍රවර්ධනය වීම සිදුවේ. එසේම හීල් බත් ඉහතින් විස්‌තර කළ ආකාරයට මානසික සහ අධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමටද ඉවහල් වේ. එසේ කායික මානසික අධ්‍යාත්මික සෞඛ්‍යය හීල් බත් කෑම තුළින් දියුණු වන විට දීර්ඝායු ලැබීම නියත ලෙසම සිදු වේ. 

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2014/03/23/feature08.html

1 comments:

sarath said...

Aththa thamayi!Issarahata heel bath kala thamayi inna wenne. Dammama huru wena eka hondayi!