Pages

Saturday, October 12, 2013

නිකාබය නිසා පිළිකෙව් කෙරෙන මුසලු කාන්තාව

මූණ වහගෙන මෙහෙ එන්න එපා
- රාධිකා සන්තානි නිකාබ් අත්දැකීම් හෙළිකරයි

සාම්ප්‍රදායික මුස්‌ලිම් කාන්තාවක ලෙස නිකාබයෙන් සැරසී දිනක්‌ ගත කළහොත් ඒ අත්දැකීම කුමක්‌ වේද. බ්‍රිතාන්‍ය ඉන්දියානු කාන්තාවක්‌ වන රාධිකා සන්තානි සිය අත්දැකීම් මෙසේ බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පතට ඉදිරිපත් කර තිබේ.

ඇය පවසන්නේ මේ ඇඳුමෙන් සැරසී සිටියදී මහජනයා තමාව ගණන් නොගන්නා පුද්ගලයකු ලෙස සලකන්නේ යෑයි දැනුනු බවය.

මම මේ ඇඳුම ඇඳගෙන ලන්ඩන් නුවර සිට බ්‍රසල්ස්‌ නුවර වෙත යන්නට තීරණය කළා. මම බ්‍රිතාන්‍ය ඉන්දීයානු කාන්තාවක්‌. මේක ඇන්
ම මම නියම මුස්‌ලිම් කාන්තාවක්‌ ලෙසයි පෙනුනේ. ලන්ඩනයේ උමං දුම්රියේ ගමන් කරන්දී මිනිස්‌සු මංදිහා බලලා අහක බලා ගත්තා. මගේ ජංගම දුරකථනය බිමට වැටුණු වෙලාවේවත් කිසිවෙක්‌ අනුකම්පාවෙන් මගේ දිහා බැලුවේ නෑ. මගේ මුහුණ සම්පූර්ණයෙන් ම වැහිලා තියෙන හින්දා මිනිස්‌සු දන්නේ නැහැ මම හිනාවෙනවද? ඔරවනවද කියලා. මේ ඇඳුම ඇඳලා ඒකට පුරුදුවෙන්න පැය ගණනක්‌ ගියා. මුලින්ම හුස්‌ම ගන්නත් අපහසු වුණා. මේ ඇඳුම ඇඳගෙන ඉන්න කොට රස්‌නෙයි. ඒකට යටින් තව ඇඳුම් කීයක්‌ තියෙනවද?

කොහොම නමුත් මම බ්‍රසල්ස්‌ නුවරට ආපුවාම තේරුණා ලන්ඩනයේදී මේ ඇඳුමට තියන ප්‍රතිචාරය හොඳයි කියලා. බ්‍රසල්ස්‌ දේශසීමා කාර්යාලයේ හිටපු ආරක්‍ෂක නිලධාරියා මට කිව්වේ ඔබ වැනි අය විශේෂයෙන් ඔබේ ආගමේ අය මේ රටේ නීතියට ගරු කළ යුතුයි. ඔබට මුහුණ පෙන්නන්න බැරි නම් අපේ රටට එන්න එපා. ඔය මුහුණ වහගෙන ඉන්න එක ඉවත් කරලා දාන්න. නැත්නම් මෙතැනින් පිටවෙලා යන්න." ඇත්තටම ඔහු ප්‍රසිද්ධියේම මගේ වේලය ගලවන්න බලකළා. එයින් මම බලවත් අපහසුතාවකට පත්වුණා.


කොහොම නමුත් නැවත ලන්ඩන් බලා එද්දී බ්‍රිතාන්‍ය දේශසීමාවේ හිටපු ආරක්‍ෂක නිලධාරීන් නම් මට කරුණාවෙන් සැලකුවා.


http://www.divaina.com/2013/10/12/forign02.html

සබැඳි ලිපි -
[

බුර්කා තහනම් කළ යුත්තේ ඇයි?
http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html 
බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ
http://denethharinna.blogspot.com/2013/09/blog-post_7308.html
විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී
http://denethharinna.blogspot.com/2013/09/blog-post_22.html
බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයට

http://denethharinna.blogspot.com/2013/08/blog-post_27.html
]

0 comments: