Pages

Tuesday, October 29, 2013

ගණිකා වෘත්තිය සහ ගබ්සාව පිළිබඳ නිමල්කාගේ ප්‍රකාශයට හෙළ උරුමයෙන් පිළිතුරු

පනින රිලවුන්ට ඉණිමං බදින්නට සංචාරක කර්මාන්තය මුවාවෙන් එන ගණිකා ව්‍යාපාරයට නීත්‍යානුකූලභාවය ලබගැනීමේ කසකරුවන්ගේ ව්‍යායාමය, මතවාදය පරාජය කිරීමට පෙරට පැමිණීම ජාතික, ආගමික, සංස්කෘතික බලවේගවල වගකීමක් බව ජාතික හෙළ උරුමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පවසන්නේ ගබ්සාව, ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ යෝජනාව සදාචාරයේ පදනමට එල්ල කරන කුළුගෙඩි පහරක් බවයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

ගබ්සාව සහ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව නිදහස වේදිකාවේ සම කැඳවුම්කාරිනී, එමෙන්ම කුප‍්‍රකට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකරිණියක වන නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය ප‍්‍රකාශ කර ඇත. මෙම මතවාදය කාලාන්තරයක් තිස්සේ අප සමාජය තුළ තහවුරු කිරීම සදහාත්, එය නීතිගත කරගැනීම සඳහාත් ඇය ඇතුළු ඇයගේ දේශපාලන ප‍්‍රවාහය කටයුතු කරමින් ඇත. මාතවාදීමය වශයෙන් ඉදිරිපත් කරන මෙම අදහස නීත්‍යානුකූල කරගැනීම සදහා විවිධ ස්වරූපවලින් කරළියට එමින් ඇත.

කාන්තා අයිතිවාසිකම් මුවාවෙන් ලිංගික නිදහස හා ලිංගික අයිතීන් මුවාවෙන් සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය හා ලෞකික අනාගමික සමාජයක අවශ්‍යතාවය මුවාවෙන් මෙම මතවාදය න්‍යායාත්මකවත් දේශපාලනිකවත් කරලියට ගෙන එමින් ඇත.

විමල්කා ප‍්‍රනාන්දුගේ අලූත්ම තර්කය වී ඇත්තේ සංචාරක කර්මාන්තයේ නව ප‍්‍රවණතාවය වන විවේකී සංස්කෘතිය හෙවත් නිවාඩුවාදයේ මූලිකාංගය ලිංගික හැසිරීම බැවින් එයට අවශ්‍ය පහසුකම් සැපයීම සදහා ලිංගික සේවාව සපයන ගැහැණු සහ පිරිමින්ට නීතිමය ආවරණයක් ලබාදිය යුතු බවය. එය ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාවටද හේතුවන බව පවසයි. මෙය පැහැදිලිවම රටේ සංස්කෘතියත් සදාචාරයත්, සාරධර්මත් බිඳ දැමීමට ඉදිරිපත් කරන යෝජනාවකි.

මේ යට ඇත්තේ රටේ සදාචාරාත්මක සංස්කෘතික පවුර බිද දැමීමය, අත්තිවාරම පුපුරවා හැරීමය, රටේ සදාචාරයේ, සංස්කතියේ හා සාරධර්මවල වටිනාකම පිළිබද  අදහසක් නැති, සීමා මායිම් හදුනන් නැති බටහිර මතවාදවලින් ඔළුව කුරුවල් කරගත් සිංහල බෞද්ධ සංස්කෘතියට, සදාචාරයට තූ නොදකින් කියමින් කෙළ ගසන, වෛර කරන මෙම මතවාදයට සහ දේශපාලනික අදහසට එරෙහිව සියලූ ජාතික බලවේගත්, සියලූ ආගමික හා සදාචාර බලවේගත්, ආධ්‍යාත්මික බලවේගත්, ගබ්සාව , ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව කියන මතවාදී වසංගතය පරාජය කිරීමට පෙරට පැමිණිය යුතුය.

මක් නිසාද පනින රිලවුන්ට ඉණිමං බදින්නට සංචාරක කර්මාන්තය මුවාවෙන් එන ගණිකා ව්‍යාපාරයට නීත්‍යානුකූලභාවය ලබගැනීමේ කසකරුවන්ගේ මේ ව්‍යායාමය, මතවාදය පරාජය කිරීමට පෙරට පැමිණීම ජාතික, ආගමික, සංස්කෘතික බලවේගවල වගකීමකි.

http://lankacnews.com/sinhala/news/103635/

සබැඳි ලිපි -
[
ගණිකා වෘත්තිය සහ ගබ්සා කිරීම මෙරට නීතිගත කළ යුතුයි - නිමල්කාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_2047.html
]

1 comments:

Anonymous said...

CASINO HONDAIDA,