Pages

Tuesday, October 22, 2013

උතුරු පළාත් සභාවේ කොටි නාඩගම්

දෙවියන් වහන්සේ සමගත් යක්‍ෂයා සමගත් හොඳින් කටයුතු කිරීමට නොහැකි තැනැත්තාට යහපත් දේශපාලනඥයෙකු වීමට නොහැකි බව කියවෙන්නේ ලතින් කතාවකය. මේ වන විට උතුරේ මහඇමැති සී. වී. විග්නේෂ්වරන් යක්‍ෂයින් සමගත් දෙවියන් සමගත් එකවර ගනුදෙනු කිරීමට පටන් අරන් තිබේ.

දේශපාලනයට පිවිසීමට පෙර මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සේවය කළ සී. වී. විග්නේෂ්වරන් බොහෝ වැදගත් නඩු තීන්දු ලබාදුන්නේය. ඔහුගේ තීරණය අවසන් තීරණය විණි. ඉන් එහාට කවරෙකුත් විග්නේෂ්වරන්ගේ තීරණයට අභියෝග නොකළේය. ඉඳහිට ඔහු දුන් නඩු තීන්දු වෙනුවෙන් ඇපෑලක්‌ ඉදිරිපත් වුවද එම ඇපෑල විභාග වූයේද තවත් උසාවියකදීය. මේ නිසා අධිකරණ ක්‍ෂේත්‍රයේදී විග්නේෂ්වරන්ට කිසිදු ගැටලුවක්‌ උදානොවූ නිසා ඔහුට ප්‍රශ්නයකින් තොරව විශ්‍රාම යැමට හැකියාව ලැබුණි.

නමුත් දේශපාලනයට පැමිණි විග්නේෂ්වරන් විසින් ගනු ලබන තීරණ හා දෙනු ලබන තීරණ පිළිගැනීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සූදානම් නැත. මේ තත්ත්වය මත දැන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පළාත් සභා මන්ත්‍රීවරුද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද නගර සභාවල මන්ත්‍රීවරුද ප්‍රබල පිල්තුනකට බෙදී සිටිති.

දෙමළ ජාතික සන්ධානයට ප්‍රධාන දේශපාලන පක්‍ෂ පහක්‌ ඇතුළත් වෙයි. ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට්‌ සංවිධානය හා ඊ. පී. ආර්. එල්. එෆa සංවිධානය මෙම පක්‍ෂ පහයි. සී. වී. විග්නේෂ්වරන් අයත් වන්නේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයටය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයත්, ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණත් හැරුණුවිට ප්ලොට්‌, ටෙලෝ හා ඊ. පී. ආර්. එල්. එෆ්. යන සංවිධාන ඉතා ප්‍රසිද්ධියේ අවි ආයුධ දරමින් බොහෝ මිනිසුන් ඝාතනය කිරීමේ සිද්ධීන්වලට මෙන්ම අපරාධවලටද සම්බන්ධ සංවිධාන තුනකි. මාලදිවයිනට ප්‍රහාර එල්ල කිරීමට ගියේද ප්ලොට්‌ සංවිධානයයි. මේ රටේ තෝමස්‌ කුක්‌ බැංකු මංකොල්ලය ඇතුළු බොහෝ කොල්ලකෑම් ගණනාවකටද කප්පම් ගැනීමේ සිද්ධීන් ගණනාවකද මෙකී සංවිධාන තුන වරින් වර හවුල් වී තිබේ.

හොරකම් කොට පුරුදු වූ පුද්ගලයාට කාටත් හොරෙන් ලුණු පොල්කට්‌ටේ හෝ ඇඟිල්ල ඔබා එහි රස බැලීමේ පුරුද්දක්‌ තිබේ. එමෙන්ම ආයුධ පරිහරණය කිරීමේ සංස්‌කෘතියට හා මිනීමරු සංස්‌කෘතියට නෑකම් කී පුද්ගලයන්ගේ පුරුද්ද ද එයම වන්නේය. දේශපාලනයට ඔවුන් පිවිසියද ඔවුන්ගේ ආරේ ගති නැවත ඉස්‌මතු වන්නේ කැලේ මාරු වූවාට කොටියාගේ පුල්ලිමාරු නොවන බවට කියන පැරැණි ජනවහර සනාථ කරමිනි.

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තේරී පත්වුණු මන්ත්‍රීවරු සංඛ්‍යාව තිහකි. ඉන් 21 දෙනෙකු පසුගිය 11 වෙනිදා යාපනයේ වීරසිංහම් ශාලාවේදී දිවුරුම් දුන්හ. දිවුරුම් දීමේ උළෙල වර්ජනය කළ මන්ත්‍රීවරු 9 දෙනාගෙන් 5 දෙනෙකු ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේය. ඉතිරි 4 දෙනාගෙන් දෙදෙනෙකු ප්ලොට්‌ සංවිධානයේය. අනෙක්‌ දෙදෙනා ටෙලෝ සංවිධානයේය. එනම් දිවුරුම්දීම වර්ජනය කළ මන්ත්‍රීවරු මෑත ඉතිහාසයේ ආයුධ සන්නද්ධව සිටි කණ්‌ඩායම්වලට ඇතුළත් වූවෝ වෙති.

දිවුරුම්දීම වර්ජනය කළ දා පටන්ම මේ මන්ත්‍රීවරු ජනමාධ්‍ය ඔස්‌සේද තමන්ගේ ආධාර කරුවන් ඉදිරියේද විවිධ ප්‍රකාශ කරමින් මහඇමැති විග්නේෂ්වරන්ව ද දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන්වද පතුරු ගැසුවේය. දෙමළ ජාතික සන්ධානය යනු විග්නේෂ්වරන්ගේ හෝ සම්බන්ධගේ බූදලයක්‌ නොවන බව කීහ.

දිවුරුම් නොදුන් මේ මන්ත්‍රීවරු 9 දෙනා මුලතිව් වට්‌ටුවාල් ප්‍රදේශයේ පිහිටි කෝවිලකදී දිවුරුම් දීමට යොදාගෙන තිබුණේ ඔක්‌තෝබර් 14 වෙනිදාය. එහෙත් මන්නාරම අගරදගුරු රායප්පු ජෝෂප් මේ මන්ත්‍රීවරු අමතා ප්‍රකාශ කොට තිබුණේ වෙනම දිවුරුම් දීම නවතා ඉදිරි දිනක දෙමළ ජාතික සන්ධානයේ පිරිස ඉදිරියේම දිවුරුම් දෙන ලෙසය. දෙමළ ජාතික සන්ධානය පිල්වලට කණ්‌ඩායම්වලට බෙදෙනු කැඩෙනු දැකීමට අකමැති අගරදගුරුවරයා මේ පිළිබඳව විග්නේෂ්වරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පිරිස්‌ද දැනුවත් කළහ. එහෙත් ටෙලෝ සංවිධානය නියෝජනය කරන යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් උතුරු පළාත් සභාවට තේරීපත්වූ එම්. කේ. ශිවාජිලිංගම්ගේ මල්ලෙන් ඔහු එතෙක්‌ සඟවාගෙන සිටි කලුබළලා එළියට පැන්නේය.

දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමත් අගරදගුරු තැනගේ ඉල්ලීමත් පසෙකලා ශිවාජිලිංගම් 14 වෙනිදාම දිවුරුම් දුන්නේය. ඔහු දිවුරුම්දීමට තෝරාගෙන තිබුණේ මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයයි. මුලතිව් මුල්ලිවයික්‌කාල් යනු එල්. ටී. ටී. ඊ. යේ හදවතයි. අවසන් යුදගැටුම් සමයේදී එල්. ටී. ටී. ඊ. නායකයා ආරක්‍ෂාව සඳහා යොදාගෙන තිබුණෙත් ජීවත් වූයේත් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයයි. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා දිවුරුම්දීමට යොදාගෙන තිබුණේද මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ නොව යුද නටබුන්වලින් පිරි ප්‍රදේශයකි. ඔහුගේ මේ තෝරාගැනීම දෙස බලන විට ඔහුගේ මනසේ තවමත් හොල්මන් කරන්නේ කුමන අදහස්‌ද කවර බලවේගයන්ද යන්න ඉතා පැහැදිලිය.

ශිවාජිලිංගම් දිවුරුම් දී පැය කීපයකට පසුව ප්ලොට්‌ සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන් හා ජී. ටී. ලිංගනාදන් යන මන්ත්‍රීවරු දෙදෙනාද යාපනයේදී දිවුරුම් දුන්හ. ඔවුන් දෙපළ දිවුරුම් දුන්නේ ප්ලොට්‌ සංවිධානයේ මහලේකම් එස්‌. ආනන්දන් නමැත්තා ඉදිරියේදීය. ධර්මලිංගම් සිද්ධාර්ථන් ප්ලොට්‌ සංවිධානයේ නායකයාය. වවුනියාවේදී ප්ලොට්‌ බලය ඉස්‌මතු වී තිබූ කාල වකවානුවේදී ඔවුහු ආයුධ සන්නද්ධව මුළු වවුනියාවම පාලනය කළහ. එම කාලයේදී වවුනියාව තුළ ඔවුන් නොකළ අපරාධයක්‌ නොමැත. ජී. ටී. ලිංගනාදන් ප්ලොට්‌ සංවිධානයේ තවත් ජ්‍යෙෂ්ඨ නායකයෙකි. වවුනියාව නගර සභාවේ බලය ප්ලොට්‌ සංවිධානයට නතු වූ අවස්‌ථාවේදී වවුනියාව නගර සභාවේ සභාපති වූයේ ජී. ටී. ලිංගනාදන්ය.

දැන් දිවුරුම්දීම සඳහා ඉතිරිව සිටින්නේ ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ මන්ත්‍රීවරු පස්‌දෙනකු හා ටෙලෝ සංවිධානයේ එක්‌ මන්ත්‍රීවරයෙකු පමණි. ඔවුන් දිවුරුම් දීමේදී කුමන ජංජාලයක්‌ නටන්නේදැයි යන්න තවමත් ප්‍රශ්නයකි.

ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයද ආයුධ අතට ගත් සංවිධානයකි. එහි නායක වර්ධරාජා පෙරුමාල් දේශපාලනයට පිවිසීමත් සමගම එම සංවිධානය දෙකඩ විය. වරදන් කණ්‌ඩායම හා සුරේෂ් කණ්‌ඩායම වශයෙන් දෙකට බෙදුණු ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ දැන් ක්‍රියාත්මක වන්නේ සුරේෂ් කණ්‌ඩායම පමණි. නමුත් වරදරාජා පෙරුමාල් ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවේ සිටි කාලයේදී ඔවුන්ගේ සහාය ඇතිව උතුර පළාත් සභාව පිහිටුවා මහ ඇමැති බවට පත්විණි. එහෙත් එදා ඔහු ත්‍රිකුණාමලයේදී ඊළාම් කොඩිය ඔසවා දිවුරුම්දීමට ගත් උත්සාහය අසාර්ථක වීමත් සමගම ඔහු නාමික මහ ඇමැතිවරයෙකු පමණක්‌ බවට පත්විය.

වර්තමානයේදී ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයට නායකත්වය දෙන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් දෙමළ ජාතික සන්ධානය යටතේ පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කොට යාපනය දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්ව සිටියි.

ප්ලොට්‌ සංවිධානය එල්. ටී. ටී. ඊ. යට විරුද්ධව සටන් කළ කාලයේදී එහි නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් එල්. ටී. ටී. ඊ. මරණකරුවන්ගේ ලැයිස්‌තුවේ ඉහළින්ම සිටි අයෙකි. එහෙත් 2002 වර්ෂයේදී එල්. ටී. ටී. ඊ. ය දේශපාලනයට පිවිසීමත් සමගම සිද්ධාර්ථන්ද දෙමළ ජාතික සන්ධානයට එක්‌වීම නිසා ඔහුට එල්. ටී. ටී. ඊ.යෙන් තිබූ මරණ වරෙන්තුව අහෝසි විණි.

සී. වී. විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති ධුරයට පත්වීමත් සමගම මේ ආයුධ සන්නන්ධව මිනීමරන කණ්‌ඩායම් ක්‍රමයෙන් ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයක්‌ ආරම්භ වී තිබේ. විග්නේෂ්වරන් මහතාද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ කරන ලෙස විග්නේෂ්වරන්ට උපදෙස්‌ දුන් බවත් විග්නේෂ්වරන් එසේ කිරීමට එකඟ වූ බවත් මේ දිනවල උතුරු දේශපාලන කරළියේ බෙහෙවින් කතා කරන මාතෘකාවක්‌ බවට පත්වී තිබේ.

ආයුධ සන්නද්ධව සිට ලේ තවරාගත් චරිතවලට දෙමළ ජාතික සන්ධානය එපා කරවීමට විග්නේෂ්වරන් හා ආර්. සම්බන්ධන් ගෙන යන වැඩපිළිවෙළ දැන් බොහෝ දුරට සාර්ථක වී තිබේ. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂයත්, ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණත් පමණක්‌ ප්‍රබල කරගනිමින් උතුරේ නව දේශපාලන මතවාදයක්‌ ගෙනයැමට විග්නේෂ්වරන් හා ආර්. සම්බන්ධන් උත්සාහ දරන අතරතුරදී ප්ලොට්‌, ටෙලෝ හා ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධාන ඔවුන්ට බලකරන්නේ දෙමළ ජාතික සන්ධානය පක්‍ෂයක්‌ වශයෙන් ලියාපදිංචි කළ යුතු බවය. එහෙත් විග්නේෂ්වරන් හා සම්බන්ධන් ඊට ඇහුම්කන් දෙන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය පිල් තුනකට බෙදී සිටීමය.


විග්නේෂ්වරන් හා ආර්. සම්බන්ධන් සමග මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා මුලින් කුලුපගව කටයුතු කළත් උද්ගත වූ ප්‍රශ්න දෙකක්‌ මත මාවෙයි සේනාධිරාජා මේ දෙදෙනාගෙන් ගැලවී ගොසිනි. ඉන් පළමු වැන්න ඔහුට මහඇමැති අපේක්‍ෂක තනතුර නොලැබීමය. දෙවැන්න මහ ඇමැති වූ සී. වී. විග්නේෂ්වරන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම කෙරෙහි මාවෙයි සේනාධිරාජා දැක්‌වූ ප්‍රබල විරෝධයයි. මාවෙයි අපේක්‍ෂා කළ තත්ත්වයන් දෙකම ඉෂ්ට නොවූ නිසා ඔහු මේ දෙදෙනා සමග විරසකයකින් පසුවෙයි. එහෙත් මේ විරසකය තවමත් බෙදීමක්‌ දක්‌වා වර්ධනය වී නොමැති නිසා තවමත් ඔවුන් එකම කණ්‌ඩායමක්‌ ලෙස උතුර ප්‍රදේශයේදී පෙනී සිටිති.

උතුරේ දෙමළ ජනතාව රජය කෙරෙහි විශ්වාසය නොතබා තමන්ගේ ජාතිය කෙරෙහි විශ්වාසය තබා දෙමළ ජාතික සන්ධානයට ඡන්දය දුන්හ. දෙමළ ජාතික සන්ධානයද බලාපොරොත්තු නොවූ අන්දමේ අතිවිශාල බලයක්‌ උතුරේ ජනතාව දෙමළ ජාතික සන්ධාන නඩයට ලබාදුන්නේ ඔවුන්ගේ අපේක්‍ෂාවන් හා බලාපොරොත්තු දෙමළ ජාතික සන්ධානය විසින් ඉටු කරනු ඇතැයි යන විශාල බලාපොරොත්තුවත් සමගිනි. එහෙත් දැන් උතුරේ දෙමළ ජනතාවගේ බලාපොරොත්තු සුන්ව යමින් පවතී. දෙමළ ජාතික සන්ධානයේ පිරිස්‌ එකිනෙකා කා කොටා ගනිමින් විරසකවෙමින් අලුත් අර්බුද හදාගනිමින් යන ගමන කොතැනකින් කෙළවර වේදැයි දෙමළ ජනතාව බලා සිටිති.

කෙසේ වෙතත් දැන් උතුරේ වැසියන්ට සිදුවී ඇත්තේද මැතිවරණවලදී දකුණේ ජනතාවට සිදුවූ ඉරණමම මිස අලුත් දෙයක්‌ නොවේ. දකුණේ ජනතාව තමන්ගේ ඡන්දය ප්‍රකාශ කොට බලයට පත්වන්නන්ගෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙති. අවසානයේදී බලයට පත්වූ දේශපාලනඥයා තමන්ගේ ගොඩ ලොකු කර ගැනීමටත් සැප සම්පත් හඹා යැමටත් කටයුතු කිරීමේදී අසරණ වන්නේ ඡන්ද දායකයාය. උතුරටත්a ඒ කතාව එසේමය.

මෙහිදී අප අමතක නොකළ යුතු වැදගත් කාරණයක්‌ තිබේ. දෙමළ දේශපාලනඥයන් හරියට මැලේරියා මදුරුවන් කූඩැල්ලන් වැනි පිරිසකි. මැලේරියා මදුරුවා මිනිසාට දෂ්ට කොට ලේ උරාබොන අතරතුර මිනිසාට මැලේරියා රෝගයද බෝ කරති. කූඩැල්ලා මිනිසාගේ ලේ උරා බොමින් පෝෂණය වුවද ඌ මිනිසාට ලෙඩ නොදමයි. එහෙයින් මැලේරියා මදුරුවන්, කූඩැල්ලන් බඳු වූ මේ දෙමළ දේශපාලනඥයන්ගේ පරෙස්‌සම් වීමට සියලු දෙනා වගබලා ගත යුතුයි. එසේ නොවුවහොත් ඉතා නුදුරේදීම කිසියම් වසංගතයක්‌ වැළඳෙනු ඇත.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/10/20/feature03.html

0 comments: