Pages

Monday, October 28, 2013

'මුලතිව්හි දිවුරුම්දීම වැළැක්‌වීමෙන් දෙමළ ඩයස්‌පෝරාවේ කුමන්ත්‍රණය පරාජය වුණා' - ආනන්ද සංගරී

උතුර පළාත් සභාවට තේරී පත්වූ සමහර මන්ත්‍රීවරුන් මුලතිව්හිදී දිවුරුම් දීමට ගත් උත්සාහය නතර කර එය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමට මන්නාරම අගරදගුරු රායප්පු ජෝශප් පියතුමන් ගත් පියවර ගැන සතුටු වන බව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා පවසයි.

මෙම තීරණයත් සමඟ සරුසාර ජීවිත ගතකරන දෙමළ ඩයස්‌පෝරාවේ කුමන්ත්‍රණ පරාජය වූ බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ආනන්ද සංගරී මහතා මන්නාරම අගරදගුරු තුමන්ට යෑවූ" ලිපියේ මෙසේද සඳහන් වෙයි.

පසුගියදා පැවැති පළාත් සභා මැතිවරණයේදී සන්ධානයේ පොදු අපේක්‍ෂක ලෙස තරග කළ නිසා විවිධ පාර්ශ්ව සහ ප්‍රශ්න අමතක කරන්නට ඇති. ඊට හේතුව ජනතාව ඡන්දය ලබා දුන්නේ දෙමළ ජාතික සන්ධානයට මිස පෞද්ගලික එක්‌ එක්‌ දේශපාලන පක්‍ෂ වලට නොවේ. එහෙත් නොසිතූ ලෙස පළාත් සභා තරග කළ සියලු අපේක්‍ෂකයන් කුමන හෝ දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් වූහ. කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ දෙමළ සන්ධානයේ තරග කළ ප්‍රධාන අපේක්‍ෂකයා මම වුවත් තමිල් අරසුකච්චි පක්‍ෂයෙන් තරග කළ අපේක්‍ෂකයන් තිදෙනා නාම යෝජනා භාරදුන් දිනයෙන් පසු මා අදවන තුරුත් දුටුවේ නැත.

පළමු රැස්‌වීමේදී මෙම තිදෙනාට සහාය දෙන්නේ යෑයි පක්‍ෂ දෙකක නායකයන් එනම් මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙයිකලනාදන් හා ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් හා කරච්චි සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු ප්‍රචාරක කටයුතු වල නිරත වූහ. සෙසු අපේක්‍ෂකයන් සියලු දෙනාට මේ පිළිබඳ දැනුම් දුන්නේද නැත. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරියනේත්‍රන් හා යෝගේශ්වරන් යන දෙදෙනාත්, කොළඹින් මනෝ ගනේෂන් හා භාස්‌කරා යන දෙදෙනාත් පැමිණ මේ තිදෙනා වෙනුවෙන් ප්‍රචාරයක්‌ සිදුකළේය. ඒ හැර දෙමළ සන්ධානයේ පත්කළ මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් රැස්‌වීම් ගණනාවක කතා කළා පමණක්‌ නොව කිලිනොච්චි නගරයේ හා සතිපොළේ එම අපේක්‍ෂකයන්ට සහය දක්‌වන අත්පත්‍රිකා බෙදාදීමටද පියවර ගත්තේය. බරපතළම සිද්ධිය වූයේ පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමට සකස්‌ කරන ලද න්‍යාය පත්‍රයේ කිළිනොච්චිය සඳහන් නොකිරීමයි. විශේෂයෙන් පක්‍ෂ නායකයන් කතා කරන එක රැස්‌වීමක්‌ හෝ කිලිනොච්චියේ පැවැත්වූයේ නැත.

පසුගියදා පැවැති උතුර පළාත් මැතිවරණයේ මා මෙවැනි පරාජයකට මුහුණ දුන්නේ ඇයිද කියා ඔබතුමන් දැනගැනීමට උත්සාහ නොකිරීම පිළිබඳ මා පුදුම වූවෙමි. ඔබතුමන් මා වසර 35-40 ක පමණ කාලයක සිට හඳුනන අතර අප දෙදෙනා අවස්‌ථා කිහිපයකදී හමුවූවා පමණක්‌ නොව පසුගිය දසවසරක්‌ තුළ දින පහකටත් වැඩි කාලයක්‌ ඔස්‌ටි්‍රයාවේ පැවැති සම්මන්ත්‍රණයේදී හමුවූයෙමි. මේ අවස්‌ථාවේ කරුණු ගණනාවක්‌ කතා කිරීමට අවස්‌ථාව සැලසුනි. මාගේ දේශපාලන පසුබිම ඔබ වහන්සේ හො¹කාරවම දන්නවා ඇති.

http://www.divaina.com/2013/10/28/news18.html

0 comments: