Pages

Tuesday, October 15, 2013

උළෙල වර්ජනය කළ උතුරේ මන්ත්‍රීවරු කෝවිලේදී දිවුරති

උතුරු පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් තේරී පත්වුණු සෙසු මන්ත්‍රීවරුන් 11 වැනිදා යාපනයේදී දිවුරුම් දුන් අවස්‌ථාවේදී එම උළෙල වර්ජනය කළ මන්ත්‍රීවරුන් 9 දෙනා අද (14 දා) පෙරවරු 9.35 ට මුලතිව් දිස්‌ත්‍රික්‌කයේදී දිවුරුම් දීමට නියමිතය.

ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ පළාත් සභා මන්ත්‍රීවරු 5 දෙනෙක්‌ද, ප්ලොට්‌ හා ටෙලෝ සංවිධානවල මන්ත්‍රීවරු දෙදෙනා බැගින් 4 දෙනෙක්‌ද අද පැවැත්වෙන දිවුරුම් දීමේ උළෙලට සහභාගි වීමට නියමිතය.

මේ මන්ත්‍රීවරුන් පිරිස දිවුරුම් දීම සඳහා තෝරාගෙන ඇත්තේ මුලතිව් වට්‌ටුවාල් ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකි. නමුත් දිවුරුම් දීම සිදුකරන්නේ කා ඉදිරියේදී දැයි යන්න ඊයේ (13 දා) දහවල් වනතුරුත් හෙළි නොවුණි.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/10/14/news03.html

සබැඳි ලිපි -
[

සම්බන්ධන් - විශ්නේෂ්වරන් සාකච්ඡා නොකර තනි තීරණ ගන්නවා. ටී.එන්.ඒ. ඔවුන්ගේ බූදලයක්‌ නොවේ - සුරේශ් ප්‍රේමචන්ද්‍රන්http://denethharinna.blogspot.com/2013/10/blog-post_8710.htmlඋතුරේ ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 20 දෙනෙක්‌ දිවුරුම් දෙති: 9 දෙනෙක්‌ මගහරිතිhttp://denethharinna.blogspot.com/2013/10/20-9.htmlඋතුරේ ඇමති ධූර - නිදහස, සංහිඳියාවෙන් ගැටළු විසඳන්නට කියන සම්බන්ධන්ගෙන් ඒකාධිපති තීරණ
http://denethharinna.blogspot.com/2013/10/blog-post_10.html
අර්බුද මැද උතුරේ ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම 11 දා
http://denethharinna.blogspot.com/2013/10/11.html
]

0 comments: