උඩවලව වනෝද්‍යානයේ මසුන් මැරීමට සියයක බලඇණියක්
ශ්‍රී ලංකාවේ වන හා වනජීවී රක්‍ෂිත වනාන්තරවලට දැන් උදාවී ඇත්තේ එතරම් හොඳ කල දසාවක් නොවේ. ඊට ප්‍රධාන හේතූන් කිහිපයකි. එනම්, වේගවත් සංවර්ධන ක්‍රියාදාමය හේතුවෙන් වන ආවරණය හා රක්‍ෂිත තුළ ඇති වැලි, බොරලු, පස්, ගල් වැනි ස්‌වාභාවික සම්පත් අක්‍රමවත්ව හා තොග පිටින් කුදලාගෙන යැමයි. පරිසර අමාත්‍යංශය හෝ වෙනත් පාරිසරික ආයතන ලෝකයට කියන තරම් "තිරසර" සංවර්ධනයක් මෙම ක්‍රියාදාමය තුළ ඇත්තේම නැති තරම්ය.
තවත් අතකින් ඇත්තේ සංවර්ධනය මුවාවෙන් කරන වන සම්පත් සහ අනෙකුත් සම්පත් සූරාගෙන කෑමය. මේ නිසාම පරිසරය ගැන කතා කරන අපට සතිපතා නොව දිනපතාම කප්පරක් පරිසර ප්‍රශ්නවලින් පත්තරවල පිටු පුරවා දමන්නට සිදුව තිබේ. ඇස් ඇත්තෝ බලත්වා, කන් ඇත්තෝ අසත්වා යෑයි මෙවන් පාරිසරික අර්බුද ගැන බලධාරීන්ගේ ඇස්, කන් අරිනු වෙනුවට දේශයට මෙවන් අපරාධ කරන වුන් දෙපයින් අල්ලා සක්‌වල ගලේ ගසන්නැයි දෙවියන්ගෙන්, යකුන්ගෙන් දෙස් දෙවොල් ඉල්ලා සිටින්නට අද අපට සිදුව ඇත්තේ මේ බොහෝ බලධාරීන් "වැටත් නියරත් ගොයම් කන" ප්‍රතිපත්තීන්හි නිරතව ඇති බව දකින්නට ඇති නිසාය.
මෙරටේ වන සම්පත මඳකට පසෙකින් තබා වනජීවී සංරක්‍ෂණය පිළිබඳව අවධානය යොමු කළහොත් එම ක්‍ෂේත්‍රය මහත් පරිහානියකට ලක්‌ව ඇති බව සඳහන් කිරීම වැරදි නොවේ. ගල්ඔය, උඩවලව හා වස්‌ගමුව ජාතික උද්‍යානවල හොර මැණික් ගැරීම සිදු වන්නේ එහි උද්‍යාන පාලකවරුන්, අනෙකුත් වනජීවී ක්‍ෂේත්‍ර නිලධාරීන්, සහකාර අධ්‍යක්‍ෂවරුන්, අධ්‍යක්‍ෂවරුන් හා වනජීවී අමාත්‍යංශයේ ද ඉහළම බලධාරීන් නොදැනුවත්ව නොවේ. එසේම වස්‌ගමුව, ජල ගැලුම් නිම්න, සෝමාවතිය වැනි වනෝද්‍යානවල වැලි ගොඩදැමීම ද, විල්පත්තුව ජාතික උද්‍යානයේ පස් කැපීම ද, ලුණුගම්වෙහෙර, උඩවලව, වස්‌ගමුව, මාදුරුඔය, බුන්දල වැනි වනෝද්‍යානවලට එළ හරක් ඇතුළු කර එහි තණපිටිවලට මුදාහැරීම ද ඇතුළු වන අපරාධ රැසක් සිදුවන්නේ අමාත්‍යංශය දක්‌වා සියලුම වනජීවී නිලධාරීන් ද බලධාරීන් ද දැනුවත්ව බව අපි වගකීමෙන් ප්‍රකාශ කරන්නෙමු. එහෙත්, අද වනජීවී සංරක්‍ෂණය පෙර කීවාක් මෙන් "වැටත් නියරත් ගොයම් කන" තත්ත්වයට පත්ව තිබේ. බොහෝ උද්‍යාන පාලකවරු ඇතුළු වනජීවී නිලධාරීන්, වනජීවී අමාත්‍යාංශ උපදේශකයින් හා තවත් ඉහළ බලධාරීන් ළඟ දණින් වැටී සිටිති. වනජීවී සංරක්‍ෂණ ඉතිහාසයේ සිටි සියලුම අමාත්‍යවරුන් ඉදිරියේ තිබූ වනජීවී නිලධාරීන්ගේ "සිංහ සෙයියාවන්" අද දියවී ගොස් ඇත. වනජීවී අණපනත් උල්ලංඝනය සිදු කරමින් වනජීවී රක්‍ෂිත වනාන්තර, ජාතික උද්‍යානවල අපරාධකරුවන් යකා නටද්දී වනජීවී නිලධාරීන්ට "බකන් නිලාගෙන" සිටින්නට සිදුව ඇත.
මීට කදිම නිදසුනක් අපි උඩවලව ජාතික වනෝද්‍යානයෙන් ගෙන හැර දක්‌වමු. උඩවලව ජාතික වනෝද්‍යානය අයත් වන්නේ ඌව පළාතේ මොණරාගල දිස්‌ත්‍රික්‌කයටය. හරියටම කියන්නේ නම් වනජීවී අමාත්‍යවරයාගේ මැතිවරණ බලප්‍රදේශයටය. අද මෙම උද්‍යානය තරම් වනජීවී අපරාධ සිදුවන වෙනත් වනෝද්‍යානයක් හෝ වනජීවී රක්‍ෂිතයක් මෙරටේ නැති තරම්ය. මේ තුළ මැණික් ගැරීම ජයටම සිදු වේ. හොර ගංජා වැවීමේ නමගිය වනෝද්‍යානය ද උඩවලවයි. එසේම, වන සතුන් දඩයම, ගෘහස්‌ථ හරක් උද්‍යානවලට ගාල් කිරීම (හරක් 15,000 කට ආසන්න ප්‍රමාණයක් විදුලි වැට අතරින් උද්‍යාන තුළට මුදාහැර ඇත.) හා උද්‍යානයේ ජලාශ තුළින් හොරෙන් මසුන් මැරීම ඇතුළු අපරාධ රැසක් මෙහි සිදු වේ.
එවන් අපරාධවල නිරත වූවෝ රැසක් පසුගිය කාලයේදී අත්අඩංගුවට ගැනීමට උද්‍යාන නිලධාරීහු සමත් වූහ. එහෙත්, අද මෙයින් බොහෝ දෙනා රාජකාරි පලිගැනීම්වලට ලක්‌ව සිටිති. නැතහොත් වනජීවී බලධාරීන්ගේ සෘජු බැණවැදීම්වලට හෝ ප්‍රශ්න කිරීම්වලට ලක්‌ව සිටිති. එසේත් නැතිනම් දුෂ්කර සේවා මාරුවීම්වලට අත වනමින් සිටිති. තවත් සමහරෙක් සේවය අත්හිටුවීමේ අනතුරකට ලක්‌ව සිටින අතර බොහෝවිට සිදුව ඇත්තේ ජාවාරම්කරුවන්ට මෙම නිලධාරීන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම්ය. මේ නිසා අද උඩවලව ජාතික උද්‍යානයේ වන හා වනසත්ව අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීම එහි නිලධාරීන්ට සිය දිවි නසා ගැනීමක් බවට පත්ව තිබේ.
මේ ඊට එක්‌තරා හොඳ උදාහරණයකි. උඩවලව වනෝද්‍යානයේ එක් නිලධාරියකු තම සගයන් සමග පසුගිය කාලයේදී වැදගත් වැටලීමක් සිදු කළහ.
එනම් උද්‍යාන තුළ අනවසරයෙන් රැඳී සිටිමින් මසුන් අල්ලමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමය. වනජීවී ඉතිහාසයේ වැදගත්ම වැටලීමක් බවට පත්වූ මෙම වැටලීමේදී අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වනසත්ත්ව හා තුරුලතා ආරක්‌ෂා කිරීමේ ආඥ පනත ප්‍රකාරව අධිකරණය මොවුන්ට රුපියල් පන්ලක්‌ෂයක දඩයක් නියම කළේය. මෙම ජාවාරම්කරුවන්ට දේශපාලන හිතවතකුද ගෑවී සිටියේය. නැතහොත් දේශපාලන හිතවත්කම නිසා ඔවුහු උද්‍යානය තුළ මාළු බෑවේය. එසේම මේ සියලු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ නිල වාහනයෙනි. අධිකරණ තීන්දුව වනජීවී දෙපාර්තමේන්තුව, වනජීවී අමාත්‍යාංශයට රජයට පක්‌ෂපාතීව හා වාසිසහගතව ලැබුණත් වනජීවී අමාත්‍යාංශ බලධාරීහු එයින් කිපුණහ. ඒ තම ආධාරකරුවන්ට දඬුවම් ලැබුණු නිසාය. වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් යාල උද්‍යානයේ කටගමුව පිවිසුමේ රාජකාරි සඳහා මාසයක කාලයකට අනුයුක්‌ත කරනු ලැබුවේ ඊට පළිගැනීමක් වශයෙනි. ඒ කාලය තුළ විශේෂ වැටලීම් බිඳ වැටිණි. දැනගන්නට ලැබුණු පරිදි 54 දෙනකුගෙන් සමන්විත ක්‍ෂේත්‍ර නිලධාරින්ට ලැබුණු (දඬුවම්) මාරු ලේඛනයේ වැටලීම් අංශයේ ප්‍රධානියාගේ නමද විය. ළඟ තැනකට නොව ඔහුට කිළිනොච්චියට මාරුවීමත් සූදානම්ව තිබූ බව දැනගන්නට තිබිණි. එසේම අනවසර මසුන් මරන්නන් අත්අඩංගුවට ගනු ලැබූ උඩවලව උද්‍යානයේ වනජීවී නිලධාරියා ගේ නමද 54 ලිස්‌ට් එකේ විය. ඔහුටද මාරුවීමක් ලැබීමට නියමිත බවට ආරංචි පැතිර ගියේය. එහෙත් පරිසර ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීම මත මෙම මාරු කිරීමේ සැලැස්‌ම තවමත් ක්‍රියාවට නැඟීමට වනජීවී බලධාරීන්ට හැකියාව ලැබී නැත. එය ක්‍රියාත්මක වුවහොත් උඩවලව උද්‍යාන පාලකවරයා ඇතුළු ඉහත නිලධාරීන්ට සිදුවන රාජකාරි පළිගැනීම කෙබඳු දැයි ප්‍රදර්ශනය වනු ඇත.
ඒ කෙසේ හෝ උඩවලවේ අනවසර මසුන් මැරීම අධෛර්යයට පත් කරනු වෙනුවට අපූරු යෝජනාවක් වනජීවී අමාත්‍යාංශය මගින් ගෙන ඇති බව වාර්තා වේ. එනම් වාරිමාර්ග කටයුතු සහ උඩවලව වනෝද්‍යානයේ පෝෂණ ජලාශයක් ලෙස තැනූ මව්ආර ජලාශයේ මසුන් මැරීම සඳහා වනජීවී අමාත්‍යවරයාගේ මැතිවරණ බලප්‍රදේශයේ උදවියට විශේෂ අවසරයක් ලබාදීමට ක්‍රියාකිරීමය. මෙතෙක් අලි ඇතුන් ඇතුළු වනසතුන්ගේද උද්‍යානයේ වනගහනය සඳහා පෝෂණ ජලාශයක්‌ද වූ මෙය තැනීමේදී මසුන් මැරීම සඳහා නොදීමේ එකඟතාවකට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තු වාරිමාර්ග දෙපාර්තමේන්තුවද පැමිණ තිබිණි. ඒ සැබෑ ලෙසට වනෝද්‍යානය තුළට අනවසරයෙන් පුද්ගලයන් (අපරාධකරුවන්) පැමිණීම වළක්‌වන හා වනසත්ත්ව සම්පත් සුරක්‌ෂිත කිරීම වෙනුවෙනි. යම් හෙයකින් මිනිසුන් මෙය භාවිත කරන්නේ නම් එය පැහැදිලිවම වන සතුන්ගේ චර්යාවන්ට බාධාවකි. එසේම මසුන් මැරීමේ අවසරයෙන් මෙහි පැමිණෙන අපරාධකරුවන් වන සතුන් දඩයම, ඇත්දළ ජාවාරම ඇතුළු ජාවාරම්වලද නිරත විය හැකි නිසාය. දැනටමත් මෙහි ඇතුළු වන ජාවාරම්කරුවෝ මෙවන් අපරාධවල නිරතව සිටිති. මෙනිසාම 2001 දී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ රජය සමයේදී ඇති කරන ලද නූතන ජලාශයක් වන මෙහි මසුන් මැරීම සඳහා වනජීවී අණපනත් තුළින්ම තහංචි පැනවීම්වලට ලක්‌කර තිබේ. (උඩවලව ජලාශය තුළ මසුන් මැරීමට අවසර ලබාදී තිබේ.)
මේ දක්‌වා එම නීති රීති ක්‍රියාවට නැඟුණද වත්මන් වනජීවී අමාත්‍යංශ පාලනාධිකාරිය එම නීතිරීති හා උද්‍යානයේ වනජීවී ආරක්‌ෂණය දෙවැනි තෙවැනි තැනට ඇද දමා තම ගෝල බාලයන්ට සැලකීමේ ප්‍රතිපත්තියට පැමිණ තිබේ.
ඒ අනුව බෝට්‌ටු (බෝට්‌ටුකරුවන්) 40 කට සහ සහායකයන් 67 දෙනකු සඳහා මව්ආර ජලාශයට ඇතුල් වී මසුන් මැරීම සඳහා අවසර නිකුත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා හෝ එහි යම් බලධාරියකු වනජීවී පාලනාධිකාරියට දැනුම් දී ඇත. දැනටමත් ඊට අදාළ බලපත්‍ර සඳහා නාමලේඛනයක් උඩවලව වනෝද්‍යානය හරහා වනජීවී දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට යවා තිබේ. ඒ අනුව උඩවලව උද්‍යානයේ ප්‍රධාන දොරටුවේ සිට කිලෝ මීටර් දෙකකටත් වඩා දුරින් වනෝද්‍යාන තුළ පිහිටි මව්ආර ජලාශයට පුද්ගලයන් ඇතුළත් කිරීම අමාත්‍යාංශ බලධාරීන්ගේ අවශ්‍යතාවයි. දඩමස් ජාවාරම් ඇතුළු වනජීවී අපරාධ රැසක් වාර්තාවන උඩවලව වනෝද්‍යානය තුළ මිනිස් ක්‍රියාකාරකම් සීමා කිරීමට වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් උත්සාහ ගන්නා මොහොතක තවත් සිය දෙනකුට වඩා සිවිල් වැසියන් උද්‍යානයට ඇතුළු කිරීමට බලධාරීන් ගන්නා උත්සාහය නින්දිතය. මෙය පැහැදිලිවම අණපණත් උල්ලංඝනය කිරීමක් වන අතර වන සත්ත්ව සංරක්‌ෂණය හෑල්ලුවට හා අවතක්‌සේරුවට ලක් කිරීමකි. අනතුරේ හෙළීමකි. වනජීවී අමාත්‍යවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය පිළිබඳව වහා හොයා බලා උඩවලව වනෝද්‍යානයේ වන සත්ත්ව සංරක්‌ෂණය සඳහා තදබල පියවර ගන්නා ලෙසයි. මව්ආර ජලාශයේ මසුන් මැරීමේ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.
ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2013/10/20/feature15.html

0 comments:
Post a Comment