පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානාක පසුගිය බ්‍රහස්‌පතින්දා උදේ වරුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූයේය. එම පුවත්පත් සාකච්ඡාව පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථය වුයේ කාරණා තුනක් පිළිබ`ද මේ රටේ නොදැනුවත් මනුෂ්‍යයින් දැනුවත් කිරීමය. පළමු කාරණාව සුගලාවගේ මමිය ගැනය. දෙවන කාරණාව එම මමිය හමුවී යෑයි කියනා පලුදෙනිය ගමේ ගල්වලේ සිදුවු පුරාවස්‌තු හානිය ගැනය. තුන්වන කාරණාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වී ඇති බරපතළ චෝදනා ස`දහා දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් පිළිතුරු සැපයීමය.
පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කියන කතාව
අධ්‍යක්‌ෂ ජනරාල්වරයා විසින් සුගලා දේවියගේ මමිය හමුවී යෑයි කියනා පුවත ප්‍රතික්‌ෂේප කරන්නේය. වඩාත් තර්කාන්විත ලෙසත්, සහේතුක ලෙසත්, විද්‍යාත්මක ලෙසත් ප්‍රතික්‌ෂේප කරන්නේය. ඔහු ඉදිරිපත් කරනා මුල්ම කාරණාව අනුව මමියක් වැනි කාබනික පුරාවස්‌තුවක් සංරක්‌ෂණය වී පැවතීමට ඇවැසි පාරිසරික සාධක ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපික රටක නැත. මමියක් සංරක්‌ෂණය කරගත හැකි තාක්‌ෂණයක් ඒ වකවානුවේ රටේ තිබුණේත් නැත. ඓතිහාසික හා වංශකතානුගත සාධක අනුව සුගලාව පොලොන්නරුවට සමීප සම්බන්ධකම් පවත්වන්නේ නැත. එමෙන්ම මමියක් ලැබුනේ නම් එය සුගලාවගේ යෑයි ගැමියන් හ`දුනා ගන්නේ කුමණ පදනමකින් දැයි වැටහෙන්නේත් නැත. අඩුම තරමින් මේ කටකතාව ගමේ මිනිසුන් අතර පැනනැඟුනේ කුමණ පදනමකින් ද යන්නත් ගැටලූවකි. එබැවින් ඔහුට අනුව මෙය කිසිම පදනමක් රහිත සුරංගනා කතාවකි.
දෙවන කාරණාව පලුදෙනියේ ගල්වල නිසා ඇති වු පුරාවස්‌තු හානිය ගැනය. ආචාර්ය සෙනරත් දිසානායකයන් පුවත්පත් සාකච්ඡාවේදි පැවසූ ආකාරයට අනුව වියළි කලාපයේ සෑම වර්ග කිලෝ මිටරයකටම පුරාවිද්‍යා ස්‌ථාන 12 ක් තිබෙන්නේය. ලංකාවේ පුරාවිද්‍යා ස්‌මාරක දෙලක්‌ෂ පනස් දහසක් තිබෙන්නේය. ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ස්‌ථාන දස ලක්‌ෂයක් තිබෙන්නේය. පුරාණ වළංකටු, ගඩොල් කැබලි විසිරුණ තැන් හමුනොවන තැනක් නැත්තේය. පුරාණ ලංකාවේ ආගමික ස්‌ථාන තනන්නේ ගමේ ඇති ඉහළම තැනය. එබැවින් වියලි කලාපයේ බොහෝ පර්වත උන්නතීන් පුරාවිද්‍යා ස්‌ථානය. ලෝකයේ නම් සංවර්ධන කටයුතු වලදී හඳුනාගත් පුරාවස්‌තු නිසි ලෙස වාර්තා කර ඉවත් කරන අවස්‌ථා ඇත. රටේ සංවර්ධන කටයුතු සඳහා කලුගල් කැඩීමට අවසර දීමේදී එවැනි ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදුවී තිබේ.
ඔහු පිළිගන්නා ලෙස පලුදෙනියේ මේ ප්‍රස්‌තුත ගල්වලේ ගල් කැඩිම ප්‍රශ්නකාරී කටයුත්තකි. එතැන ව්‍යසනයක් සිදුවී තිබේ. මේ සිදුවීම ගැන පරීක්‌ෂණයක් පවත්වන්නට මහාචාර්ය රාඡ් සෝමදේව ඇතුළු සිවුදෙනෙකුගෙන් යුත් මණ්‌ඩලයක් පත්කිරීමට ඇමතිවරයාගේ උපදෙස් පිට පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා විසින් කටයුතු කර ඇත. සෙනරත් දිසානායකයන්ට අනුව කමිටු වාර්තාවට අනුව වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමට නියමිතය.
තුන්වෙනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගැන ගොඩනැගි ඇති කතාවය. මේ නිලධාරීන් අතිශය බහුතරයක් කැපවීම් සහිතය. දැනුවත්ය. අවංකය. සෑම රාජ්‍ය ආයතනයකම සිටින්නාක් මෙන් මේ ආයතනයේත් හොරෙක්, තක්‌කඩියෙක් සිටින්නට පුලුවන. උන් සොයා දඬුවම් දී ඇත්තේය. ඉදිරියටත් දඬුවම් දීමට නියමිතය.
අපට කියන්නට ඇති කතාව
ඒ කතාව කොටස් දෙකකින් යුක්‌තය. මේ පුවත්පත් සාකච්ඡාව කරන්නට පෙර ආචාර්ය සෙනරත් දිසානායකයන් පලුදෙනිය ගල්කොරියේ කළ ක්‌ෂේත්‍ර චාරිකාවේ සිදුවිම් පිළිබඳ දිඹුලාගල 'දිවයින' මාධ්‍යවේදී ප්‍රසන්න සිල්වා අපට ලියා ඇති වාර්තාව එහි එක් කොටසකි. ඒ වාර්තාව මෙසේය.
අධ්‍යක්‌ෂ ජනරාල්වරයාගේ නුවරගල චාරිකාව
පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් සෙනරත් දිසානායක පසුගිය 16 සවස 2.35 පමණ වනවිට සිරිපුර, පලුදෙණියේ සුගලා දේවියගේ මමිය හමු වූQවා යෑයි පැවසෙන ගල්කොරිය නිරීක්‌ෂණය කිරීම සඳහා පැමිණියේය.
ඔහු ගමේ පන්සලට ගිහින් කතා කළේ නැත. ඔහු එනවග නොදන්නා නිසා ගමේ සාමාන්‍ය මිනිසුන්ට තමන්ට කියන්නට ඇති කතාව කියා ගන්නට ඉඩ ලැබුණේ නැත.
අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශක් කළේය. සුගලාගේ මමිය පිළිබඳව වන කතාව කිසිම පදනමක් නැති කතාවක් බව කීවේය. එසේම මෙම ගල්කොරිකරුවා විනාශකර ඇති ස්‌ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්‌ථානයක් බවද ප්‍රකාශ කළේය.
"2004 දී එවකට සමන්ත විද්‍යාරත්න නියෝජ්‍ය අමාත්‍ය තුමන්ගේ උපදෙස් මත මම සහකාර අධ්‍යක්‌ෂවරයා ලෙස පෞද්ගලිකව පරීක්‌ෂා කරල පුරාවස්‌තු තිබෙන නිසා මෙම ස්‌ථානයේ ගල කැඩීම තවකාලිකව තහනම් කළා. ඊට පස්‌සේ අනුරාධපුරේ කණ්‌ඩායමකට විශේෂ පරීක්‌ෂණයක් කරන්න භාරදුන්නා. ඒ අයත් මෙතන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන තහවුරු කළ නිසා මෙම ගල කැඩීම සම්පුර්ණයෙන් තහනම් කළා."
"නමුත් දෙවන අවස්‌ථාවේ මේ ගල කැඩීමට අවසර දුන්නේ මම නොවෙයි. මගේ අනුදැනුමක් නැතුව කුමන පදනමකින් කවුරු අවසර දුන්නද කියලා හොයලා බලනවා. ගරු ඇමතිතුමා කමිටුවක් පත්කරලා මේ ගැන සියුම්ව පරීක්‌ෂණ කරගෙන යනවා. මෙතන අගතියක් වෙලා ඇත්නම් ඒ නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරනවා. මෙතන මමියක් තිබුණා කියන එක මම ප්‍රතික්‌ෂේප කරනවා. නමුත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්‌ථානයක් බව එදත් පිළිගත්තා . අදත් පිළිගන්නවා. අදටත් මෙතන පුරා විද්‍යාත්මක වස්‌තු සුළු වශයෙන් දකින්න තිබෙනවා."
පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයාගේ නුවරගල පලුදෙනියේ කළ සංචාරයේ සංක්‌ෂිප්ත කතාව එසේය.
අප පුවත්පත් පිටු ගණන් ලියා කියුවේත් මේ කතාවය. සුගලාවගේ මමිය වැරදීමකින් හෝ හමුවී විනාශ කළානම් ඒ කළ අපරාධයටත් වඩා නින්දාසහගත, හෙළිදරව් වු මේ අපරාධය ගැනය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලය සහිතව විනාශ වු පලුදෙනිය පුරාවිද්‍යා භූමිය ගැනය. පුරාවිද්‍යා බලාධාරීන් අපේ ඔලු හෝදන්නට කතා කරන්නේත්, කසිකබල් පුවත්පත් වල තිබෙන දේ ගැන කරදරවීමට වෙලාවක් නැති බව පවසෙන්නේත් මේ හෙළිදරව් වීම සිදුවන විටය.
අප මුල සිටම දැක්‌වු ආකාරයට සුගලාගේ මමිය හමුවීම පිළිබඳ කතාව මේ සමස්‌ථයේ එක්‌තරා නොවැදගත් කොටසක් පමණය. ගැමියන් අතර උපන් කටකතාවක් පමණය. ගැමියන්ට හඳුනාගැනීම සඳහා සුගලාව සිය ජාතික හැඳුනුම්පතත් සමග මමියක් වී සිටියේ නැති බව මොළය කළඳක් සහිත ඕනෑම හරකෙක් දන්නේය.
එමෙන්ම තමන්ගේ ගමේ ගල්වලෙන් සුගලාගේ මමිය හමුවූ බව මිනිස්‌සු කියන්නේත් නැත. මේ කටකතාවට මූලය කුමක්‌දැයි ප්‍රදේශයේ ජනශ්‍රැතිය ගැන යම් වැටහීමක් තිබුණානම් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නට පුලුවන. සුගලාව පිළිබඳ වහර නුවරගල අවට පැතිරී තිබේ. ජනශ්‍රැතියේ එන සූරියදේව, සුගන්ධිකා පිළිබඳ කතාවත්, සුගලාව පිළිබඳ ගොඩනැඟුන ජනප්‍රවාදත් නුවරගල ගැමි ජීවිත හා බද්ධ වී තිබේ. ඔවුන්ගේ පුරාණ නටඹුන් සහිත විහාර සුගලාදේවි රජමහා විහාරය, සුරියදේව රජමහා විහාරය ආදී වශයෙන් ඔවුන්ම හඳුන්වා ගන්නේ ඒ ජනවහරේ එන ප්‍රබලකම නිසාය. එමෙන්ම පරාක්‍රමබාහුගේ අත්අඩංගුවට පත්වන සුගලාව පොලොන්නරුවේ ජීවත් වන බවත් ඇය මිය ගිය පසු එතුමියගේ දේහය මීවත්පුරයේ විශාල ගල්පව්වක් මත තිබු ගල් ගුහාවක තැන්පත් කළ බවත් මේ ජනප්‍රවාද වල එන්නේය.
මේ ප්‍රවාද සමග ජීවත්වන මිනිස්‌සු දකින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නෛතික අවසරය සහිතව විනාශ කරනු ලබනා මහා පුරාවස්‌තු ව්‍යාප්තියක් සහිත ගල් පව්වකි. මේ විනාශය නවත්වාගැනීම සඳහා සංවිධානය වන මිනිස්‌සුන්ව උන්හිටි තැන් වලිනුත් පලවා හරින යථාර්ථයකි. සුගලාගේ මමිය හමුවීම පිළිබඳ කතාව මේ ව්‍යසනයට එරෙහි සමාජයෙන් මතුවන විරෝධයක ස්‌වරූපය බව අප ලියා තැබුවේ මීට කලිනි. අපට දුක හිතෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සුගලාවගේ මමිය හමුවීමේ කතාව විද්‍යාත්මකව ප්‍රතික්‌ෂේප කිරීම සඳහා කාලයත් ශ්‍රමයත් මුදලුත් වියදම් කිරීමේ ශාස්‌ත්‍රීය කටයුත්ත කරනු ලබන්නේ රටට හෙළි වන අලඡ්ජි පුරාවස්‌තු සංහාරයේ ෙඛේදවාචකය දෙවනකොට තබාගෙන වීමය.
ඕපාදුපකාරයින්ට හැරුණ විට මේ රටට සැබෑ ලෙසම වැදගත් වූයේ නොදුටු සුගලාගේ මමිය නොවේ. රටට පෙනෙන්නට ගල්කොරිකාර ජාවාරමුන්ගේ මුදලට යටවී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කල හෙළිදරව් වූ පුරාවස්‌තු සංහාරය ය. පලූදෙනිය පුරාවිද්‍යාභූමිය තිබුණේ කාටවත් නොපෙනෙන තැනක නොවේ. ජනපදයක් මැද මහා දැවැන්ත ගල්පව්වක් මතය. මේ පුරාවස්‌තු සංහාරය එක දිනකදී සිදුවූවා නොවේ. 2004 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවම ගවේෂණය කර මේ භූමිය තහනම් කළ පසු ඒ විනාශය අවුරුදු 11 අඛණ්‌ඩව සිදුවූයේය. කිසිම විලි ලඡ්ජාවක් හා බියක් සැකක් නැතිව සිදුවූයේය. ඒ කාටවත් නොදැන නොවේ. රටටම පෙනෙන්නටය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සලසා දුන් නෛතික පදනම මතය.
දැන් මේ අපරාධයේ වගකිවයුත්තන් හොයන්නට ඇමතිවරයාගේ නිර්දේශ ප්‍රකාරව කමිටුවක් පත්කර ඇත. මේ කමිටුව පත් කරන්නේ සිදුවු අපරාධය අතේ පත්තුවු පසුය. ලිත සාධකත් සමග ලෝකයට හෙළිදරව් වූ පසුය. එය සිදුවන්නේත් පුරාවිද්‍යා ඉතිහාසයේ මුල්මවරට මෙවැනි අපරාධයක් සිදු වූ ආකාරයටය.
අප දන්නා පරිදි පුරාවිද්‍යා නිලධාරීන්ගේ බලපත්‍ර මත ඓතිහාසික ස්‌ථාන විනාශ කළ ආකාරය ගැන කමිටු පත්කරන්නට ගියහොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙන වැඩක් කරන්නට ඉඩක් නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර ලබාදුන් මැදිරිගිරිය දිග්ගලේ පුරාවස්‌තු විනාශකර ඇති ආකාරය ගැන පසුගිය මාධ්‍ය සාකච්ඡාවේදීම පොලොන්නරුව දිස්‌ත්‍රික් පුරාවිද්‍යා නිලධාරීවරයා විසින් රටට කීවේය. උතුරුමැද පළාත් නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්‌ෂවරිය විසින් ගල්කොරිකාරයින් අවුරුද්දෙන් අවුරුද්දට බලපත්‍ර ලබා ගැනීම සඳහා ගල සුද්දකර පුරාවිද්‍යා ගවේෂණ වාර්තා සඳහා ඉල්ලුම් කරන ආකාරය ගැන ගොං කතාවක් කීවාය. මේ හෙළිදරව් වන යථාර්ථය තුළ තවදුරටත් ගල්කොරිකාරයින් හා පුරාවිද්‍යා නිලධාරීන් විසින් සංධානගතව කරන අපරාධවල ප්‍රමාණය මේ රටට වසං කර වැඩක් නැති බව ඕනෑම මෝඩයෙකුට වැටහෙන්නේය. අප යළිත් කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතාර්කික වත්කම් සහිත නිලධාරීන්ගේ වත්කම් සොයා බලන්නේ නම් මේ අපරාධ වල සුල මුල හෙළිවන බවය.
කනගාටුව වන්නේ, මේ ව්‍යසනයේ ප්‍රමාණය පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකට අප කියනා ප්‍රමාණයෙන් නොදැනීමය. මේවා හෙළි කරනවිට, හෙළි කරන අප සමග උරණවීමය. කේවට්‌ටයන් රැලක් සමග යන මේ ගමනේ කෙළවර කොතැනදයි කියන්නට අප උත්සාහ කරන්නේ නැත. එහෙත් ජාතිය වෙනුවෙන් අවසාන මොහොතේදි හෝ කළ යුතු යුතුකමක් මේ උදවිය සතුව තිබේ. මුලින්ම තවදුරටත් ශාස්‌ත්‍රීය පඩත්තලකම් නොකර පුරාවිද්‍යා නිලධාරීන් ගල්කොරිකාරයින් හා එක්‌ව ජාතියට සිදු කළ ව්‍යසනයේ ප්‍රමාණය ඒ බරින්ම පිළිගැනීමය. නැවත ඒ කාලකණ්‌ණිකම් නොවීමට ප්‍රතිසංවිධානය වීමය.
දෙවැන්න මේ කටයුත්ත මේ බරින් කරන්නට බැරිනම් පලුදෙනියේ ජයසිංහ වැනි ගල්කොරිකාරයෙකුටත් උගේ කම්කරුවන්ටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරදී සියලුදෙනාම තුම්මුල්ලට ගොස් හිඟා කෑමය.
ජානක ලියනආරච්චි, ප්‍රසන්න සිල්වා
http://www.divaina.com/2013/10/20/feature17.html
සබැඳි ලිපි -
[
සුගලා දේවියගේ මමිය හමුවී නැතත් රූස්‌සමලේ පුරාවස්‌තු විනාශයක් සිදුවී ඇතැයි පිළිගන්නවා - පුරාවිද්‍යා අධ්‍යක්‍ෂhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5311.html
රූස්‌සමලේ කන්දෙන් සුගලා දේවියගේ මමිය හමුවී නැහැ - පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්
http://denethharinna.blogspot.com/2013/10/blog-post_3793.html
පුරා විද්‍යාවේ සෙළුව පෙන්වන 'සුගලා පුවතේ' නිමක් නැති අවසානය! දෙගොඩ තලායන මාෆියාවක ගිලී යන ජාතික උරුමය...
http://denethharinna.blogspot.com/2013/10/blog-post_7843.html
සුගලා දේවියගේ මැණික් අබරණ සොයා නිධන් හාරමින් සිටි සිව්දෙනෙක් දැලේ
http://denethharinna.blogspot.com/2013/10/blog-post_4687.html
උරුමය දවා හළු කළ පසු....!
http://denethharinna.blogspot.com/2013/10/blog-post_7574.html
ගල්කොරිකාරයෙක් නුවරගලදී හමුවූ සුගලා දේවියගේ මමියත් පුච්චලා!
http://denethharinna.blogspot.com/2013/10/blog-post_8310.html
සුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකති
http://denethharinna.blogspot.com/2013/10/blog-post_4.html
]

0 comments:
Post a Comment