Pages

Saturday, October 19, 2013

කබරගොයා තලගොයා වීම. 'හරාම්' උනත් කෑම හිඟ නම් බලුමස් කන්න - සිරියානු මුස්‌ලිම් ආගමික නායකයෝ

කෑම හිඟයක්‌ පවතී නම් බලු මස්‌ කෑම වරදක්‌ නොවන බව සිරියානු මුස්‌ලිම් ආගමික නායකයෝ ප්‍රකාශ කර ඇත.

ඩැමස්‌කස්‌ අගනුවර අවට කැරැලිකරුවන් විසින් අත්පත් කරගෙන ඇති නගරවල ඇතිවී තිබෙන දැඩි ආහාර හිඟය නිසා ආගමික නායකයෝ මෙම ප්‍රකාශය සිදු කර ඇත. 

කෑම හිඟ නම් බලු මස්‌, බළල් මස්‌, බූරු මස්‌ ආහාරයට ගන්නා ලෙස දැනුම් දී ඇත.

හඡ්ජි උත්සවය වෙනුවෙන් මුස්‌ලිම් පල්ලිය නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වන බව බී.බී.සී. වෙබ් අඩවිය කියයි.

මුස්‌ලිම් ආගමික සම්ප්‍රදාය අනුව බලු මස්‌ කෑම තහනම් නමුත් ආහාර හිඟකම නිසා මේ මස්‌ කෑමේ තහනම ඉවත් කරමින් විශේෂ නියෝගයක්‌ ආගමික නායකයන් විසින් සිදුකර ඇත. හොම්ස්‌ හා ඇලෙපෝ නගරවලද ආහාර හිඟය නිසා මේ හා සමාන නිවේදන මීට පෙර නිකුත් කර තිබිණි.

http://www.divaina.com/2013/10/19/forign06.html

0 comments: