Pages

Saturday, October 19, 2013

සුගලා දේවියගේ මමිය හමුවී නැතත් රූස්‌සමලේ පුරාවස්‌තු විනාශයක්‌ සිදුවී ඇතැයි පිළිගන්නවා - පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ

සුගලා දේවියගේ මමිය හමුවී නැතත් දිඹුලාගල, සිරිපුර, පලුදෙණියේ රූස්‌සමලේ කඳුයායේ පුරාවස්‌තු විනාශයක්‌ සිදුවී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඊයේ (17 වැනිදා) පිළිගත්තේය.

මේ සම්බන්ධයෙන් ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසූරිය මහතාගේ උපදෙස්‌ මත පෙරේදා (16 වැනිදා) කමිටුවක්‌ පත් කළ බවත් එහි වාර්තාව මාසයක්‌ ඇතුළත ලැබීමට නියමිත බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. රූස්‌සමලේ කඳුයායේ පෞරාණික නටබුන් සහිත ස්‌ථාන සලකුණු කර එම ස්‌ථානවලට මීටර් 250 ක්‌ දුරින් ගල්කොරිය පවත්වාගෙන යැමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබිණි. එහෙත් කොන්දේසි කඩකර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි ද දිසානායක මහතා කීය. කඳුයායේ තිබී සුගලා දේවියගේ මමිය හමුවී ඇති බවට පැතිර ගිය කතාවේ කිසිදු සත්‍යතාවයක්‌ හෝ ශ්‍රී ලංකාවේ එවැනි මමියක්‌ පැවතීමේ හැකියාවක්‌ නැතැයි ද කී දිසානායක මහතා මමියක්‌ හමුවුවත් එය කාගේ ද යන්න කාබනික හෝ වෙනත් විද්‍යාත්මක පරීක්‍ෂණවලින් තොරව ස්‌ථිර කළ නොහැකි යෑයි ද කීය.

රූස්‌සමලේ ගල්කොරිය මේ වන විට නවතා දමා ඇති බවත්, විමර්ශන වාර්තා අනුව එහි වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඇමැතිවරයා උපදෙස්‌ දී ඇති බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා
http://www.divaina.com/2013/10/18/news20.html

සබැඳි ලිපි -
[
රූස්‌සමලේ කන්දෙන් සුගලා දේවියගේ මමිය හමුවී නැහැ - පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්
http://denethharinna.blogspot.com/2013/10/blog-post_3793.html
පුරා විද්‍යාවේ සෙළුව පෙන්වන 'සුගලා පුවතේ' නිමක්‌ නැති අවසානය! දෙගොඩ තලායන මාෆියාවක ගිලී යන ජාතික උරුමය...
http://denethharinna.blogspot.com/2013/10/blog-post_7843.html
සුගලා දේවියගේ මැණික්‌ අබරණ සොයා නිධන් හාරමින් සිටි සිව්දෙනෙක්‌ දැලේ
http://denethharinna.blogspot.com/2013/10/blog-post_4687.html
උරුමය දවා හළු කළ පසු....!
http://denethharinna.blogspot.com/2013/10/blog-post_7574.html
ගල්කොරිකාරයෙක්‌ නුවරගලදී හමුවූ සුගලා දේවියගේ මමියත් පුච්චලා!
http://denethharinna.blogspot.com/2013/10/blog-post_8310.html
සුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකති
http://denethharinna.blogspot.com/2013/10/blog-post_4.html
]

0 comments: