Pages

Saturday, October 19, 2013

සිහලුන්ට විනකටින ශ්‍රීධරන්ගේ සහජීවනය නොහොත් තේසවලාම නමැති හත්වලාම සහ ශ්‍රීධරන්ගේ "ආදර කතාව"

යාපනයේ පදිංචියට ගිය සිංහල වැසියන් පිරිසකට කිලිනොච්චියේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් විසින් තර්ජනය කරනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ. යාපනයේ නාවක්‌කුලි ප්‍රදේශයෙන් සිංහල පවුල්වලට පර්චස්‌ 15 බැගින් ලබාදී ඇත. මේවා එස්‌. ශ්‍රීධරන්ගේ මුත්තාට හෝ ලොකු අප්පොච්චිට අයත් ඉඩම් නොව ආණ්‌ඩුවේ ඉඩම් ය. සිංහලයන්ට පදිංචි වීමට අයිතිය ඇත්තේ මැදවච්චියෙන් එහා යෑයි තර්ජනය කළ ශ්‍රීධරන් "පසුව බලාගම්මු" යෑයි කියා ඇත. පස්‌සෙ බලා ගැනීම සඳහා දැන් කිසිවක්‌ ඉතිරි නැති බවත් පස්‌සෙ බලා ගැනීම සඳහා ඉතිරිව තිබූ එකම දේ වන ප්‍රභාකරන්ගේ මළමිනිය ද දැන් නැති බවත් ශ්‍රීධරන්ට මතක්‌ කර දෙමු. එමතු ද නොව ප්‍රභාකරන්ගේ අධි ආරක්‍ෂක අධි සුඛෝපභෝගී AC බංකරය ද පසුගියදා බිමට සමතලා කරන ලදි. ඒ නිසා ශ්‍රී ධරන් වැනි අයට දැන් ඉතිරිව ඇත්තේ කන්නාඩියකට පස්‌ස පැත්ත හරවා ඒ දෙස බැලීම පමණි. මේ ගැන විමසන ලද කල්හි ශ්‍රීධරන් නිසා ඇත්තේ සිංහලයන් සමග කතාබහ කළා මිස තර්ජනය නො කළ බව ය. මිනිසකුට ආමන්ත්‍රණය කිරීමේදී ස්‌වරය උස්‌ පහත් කිරීම තුළින් යුද්ධයේ කළු කොඩිය සහ සාමයේ සුදු කොඩිය යන දෙකම වැනීමට පුළුවන. පිහිය ළෙල වන්නේ ආදරයෙන් නමුදු එය ඇඟේ ගෑවුණොත් අඟ පසඟ කැපී වෙන්වෙයි. එහිදී පිහිය වනන ලද්දේ ආදරය ප්‍රකාශ කිරීමට යෑයි කීමෙන් සතපහක වැඩක්‌ නැත. මෙකී පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් තණකොළ කැපීම සඳහා කිතුල් ගසට යෑවිය යුතු මිනිහෙකි. එවිට රා මුට්‌ටියක්‌ ගෙන බිමට බැසීමට ඔහුට පුළුවන.

යාපනයේ ඉඩම් යනු තමිල්නාඩුවේ ඉඩම් නොව ලංකාවේ ඉඩම් ය. යාපනයේ වැසියන්ට හැර රටේ සෙසු ප්‍රදේශවල දෙමළ නො වන වැසියන්ට ඉඩම් ලබාදීම සඳහා "තේසවලාම" නමැති ඉඩම් නීතියක්‌ ඇතත් එය ලංකා ආණ්‌ඩුව විසින් ඉඩම් බෙදන අවස්‌ථාවලදී ගණන් ගන්නේ නැත. දෙමළ බෙදුම්වාදයේ මූලික වේදිකාවක්‌ වූයේ භූමිය පිළිබඳ ප්‍රශ්නයයි. උතුරේ දෙමළ නායකයන් විසින් දෙමළ නිජබිම යෑයි තමාට කියා දෙන ලද ප්‍රදේශයෙන් සිංහල ජනයා එලවා දැමීම සඳහා ඉතාම ලාභ යුද උපකරණ වන මන්න සහ කැති භාවිත කළ ප්‍රභාකරන් කුඩා දරුවා පවා කැති ගාමින් නීච සංහාරයක්‌ කළේ ය. එය එක්‌ ජන වර්ගයක්‌ ඉතිරි වන පරිදි සෙසු සියලු ජන වර්ග විනාශ කරන වැඩපිළිවෙළකි. ජර්මනියේ හිට්‌ලර් යුදෙව්වන්ට කළේ මෙයම ය. බොස්‌නියාවේ රදොවාන් කරාසි සහ රැම්කෝ ම්ලෙඩික්‌ නමැති යුද අපරාධකරුවන් කළේත් මෙයමය. ශ්‍රීධරන් සිංහලයන්ට බැණවැදීමෙන් යළි අරඹන්නට උත්සාහ කරන්නේත් මෙයම බව අපි කල්පනා කරමු. මෙය උග්‍ර මානසික විකෘතියකි. හැදුණොත් හිරේ දමාවත් සනීප කරන්නට කිසිසේත්ම බැරි ලෙඩකි.

අපි තිස්‌ අවුරුද්දක යුද්ධයකින් ඉතා නරකට පීඩා විඳි ජාතියක්‌ වෙමු. ශ්‍රීධරන් අදහන දෙවියන් වන ප්‍රභාකරන්ට (අපි එසේ සිතමු) හරියාකාර මිනී වළක්‌වත් නැත්තේ ඔහු කළ නීච යුද අපරාධ නිසා බව අපි විශ්වාස කරමු. ඔසාමා බින් ලාදින්ටත් මිනී වළක්‌ නැත්තේ මේ නිසා ය. හිට්‌ලර්ටත් මිනී වළක්‌ නැත. මිනිසකු පර්චස්‌ 15 ක පැලක්‌ අටවා ගත්තාට මෙලොවින් යන දවසට එය රැගෙන යන්නේ නැත. යාපනයේ ඉඩමක පදිංචි වන සිංහල මිනිහාට එය කීයටවත් කොළඹට ගෙන එන්නට බැරි ය. ශ්‍රීධරන්ට කොළඹින් ඉඩමක්‌ ගෙන ගෙයක්‌ හදා ගැනීමට කිසිම බාධාවක්‌ නැත. යාපනයේ දේශපාලනය කරන දේශපාලනඥයන්ගෙන් 99% කට ම කොළඹ ගෙවල් ඇත. මේවා ගෙවල් නොව මහා මන්දිර ය. දෙමළ ජාතික සන්ධානයේ කී දෙනකුට මෙසේ යාපනයේ ගෙවල් තිබේද? ශ්‍රීධරන් කට ඇරිය යුත්තේ මෙවැනි කරුණු ගැන හැදැරීමෙන් පසුව ය. ජාතිවාදය අවුස්‌සන කිසිදු කතාවක්‌ "මෝඩ කතාවක්‌" ලෙස සලකා සමාව දිය යුතු නැත.

http://www.divaina.com/2013/10/19/editor.html

සබැඳි ලිපි -
[
යාපනයේ පදිංචියට ගිය සිංහල වැසියන්ට ටීඑන්ඒ මන්ත්‍රී තර්ජනhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_4359.html
]

0 comments: