Pages

Tuesday, October 15, 2013

වන විනාශයෙන් ලෝකෙන්ම හතරවන තැන ලංකාවට

2011 වසරේ සංවර්ධන කටයුතු සඳහා විදේශීය සමාගම්වලට වනාන්තර ඉඩම් අක්කර 65,525ක් බදු දී ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

කන්තලේ චුන්නක්කාඩු රක්‍ෂිතයෙන් අක්කර 150,00ක්, ලූණුගම්වෙහෙර ප‍්‍රදේශයෙන් අක්කර 3000ක් සහ සෝමාවති රක්‍ෂිතයෙන් අක්කර 3000ක්ද එසේ බදු දුන් ඉඩම් අතර ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධානයක රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.

මීට අමතරව කෙසෙල් වවන සමාගමකට ඉඩම් අක්කර ලක්‍ෂයකට වඩා බදු දී ඇතැයි ඔහු කීය.

ස්වීඩනයේ, ගෞතන්බර්ග් විශ්ව විද්‍යාලය මගින් ලෝකයේ නිවර්තන වැසි වනාන්තර පිළබඳව මෑතකදී කරන ලද සමීක්‍ෂණයකදී ප‍්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර ශ‍්‍රී ලංකාව හතර වන තැනට පත්ව ඇති බවත් කාරියවසම් මහතා පැවසීය.

1882 වර්ෂයේදී මෙරට වනාන්තර ප‍්‍රමාණය මුළු භූමී ප‍්‍රමාණයෙන් සියයට 82ක්ව පැවැති නමුත් 2007 වර්ෂයේදී එනම් අවුරුදු 125 කට පසුව එය සියයට 17ක් දක්වා අඩු වී ඇතැයි ඔහු සඳහන් කළේය.

http://lankacnews.com/sinhala/news/102790/

0 comments: