Pages

Tuesday, October 22, 2013

විහාර හා දේවාලගම් පනත යටතේ නඩු විසඳීමට නව අධිකරණයක්‌

බෞද්ධ විහාර හා දේවාලගම් පනත යටතේ ඇති නඩු කඩිනමින් විසඳීම අරමුණු කර ගනිමින් නව දිසා අධිකරණයක්‌ මහනුවර අධිකරණ සංකීර්ණය තුළ පිහිටුවීමට කටයුතු යොදා තිබේ. 

මධ්‍යම පළාතේ දැනට පවතින බෞද්ධ විහාර හා දේවාලගම් පනත යටතේ ඇති නඩු ආරවුල් පිළිබඳව සලකා බලා මෙම නව අධිකරණය විවෘත කිරීමට පියවර ගත් බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

නව අධිකරණය විවෘත කිරීම අගවිනිසුරු මොහාන් පීරිස්‌ හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පස්‌වරු 2.30 ට සිදුකෙරේ.

http://www.divaina.com/2013/10/22/news09.html

0 comments: