Pages

Tuesday, October 15, 2013

හලාල් කප්පමට එරෙහි සටන යළිත්

අවසන් කරන බව පැවසූවත් අවසන් නොකළ “ හලාල් ” අවසන් කිරීමේ ජනතා සටන මේ මස 22 දා ආරම්භ කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි. එදින උදේ 8 ට කිරුළපන බොදු බල සේනා මූලස්ථානයේ සිට රථ පෙළපාලියකින් ශ්‍රී දළදා මාළිඟාව දක්වා ගොස් දළදා වහන්සේ අභියස අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව මෙම ක්‍රියාදාමයට මුල පුරන බව බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාන්දෙනියේ නන්ද හිමියෝ අවධාරණය කළහ.

බෞද්ධ ජනතාව මත බලහත්කාරයෙන් පටවා ඇති හලාල් සහතිකය සම්බන්ධ ගැටළුව කිසිවෙකුගේ සිත් නොරිදෙන පරිදි සාකච්ඡාමය මාර්ගයෙන් විසදා ගැනීමට උත්සාහ කළත් මතෛක් සිදුවූයේ බෞද්ධ ජනතාව රැවටීමක් බව ද උන් වහන්සේ පැවසූහ. සමාජය නොදැනුවත්වම සමාජය වෙලා ගනිමින් තිබුණු හලාල් ගැටළුව ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර, හලාල් සහිත භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළඹෙන අවස්ථාවේ දී මැදිහත් වූ පාර්ශවයන් මාධ්‍ය ඔස්සේ හලාල් අවසන් කරන බවට පැවසූවත් මේ වන විටත් හලාල් භාණ්ඩ වෙළෙඳ ‍පොළට නිකුත් කෙරෙමින් තිබෙන බවද හිමියෝ පෙන්වා දුන්හ.

අනවසර ආගමික ස්ථාන, ඉතිහාසය විකෘති කරන ‍පොත පත, හා බෞද්ධ ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කළත් වසර ගානක සිට ඔවුන් පවසන එකම පිළිතුර නිති සකස් කරමින් පවතින බව යැයිද ප්‍රශ්න මඟ හැරීමේ අදහසින් බලධාරීන් මෙලෙස පැවසීම තව දුරටත් ඉවසා සිටිය නොහැකි බව ද උන් වහන්සේ පවසති. උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීමේ අදහසින් “මෙය පුරා විද්‍යාත්මක ස්ථානයකි” ලෙස සඳහන් වන පුවරු සවිකරන බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ‍පොරොන්දු වුවත් මතෛක් එම ‍පොරොන්දුව ඉටුකිරීමට අ‍පොහොසත් වීම නිසා වටිනා සෙල්ලිපි සහිත සුගුලා දේවියගේ මමිය සහිත ස්ථානය කළුගල් කොරියක් බවට පත්ව ඇතැයි ද උන් වහන්සේ කීහ.

තව දුරටත් මෙවැනි නොසළකා හැරීමේ තත්ත්වයන් ඉවසා සිටිම සිගිරි ගල ගල් කොරියක් වීමට හේතුවක් විය හැකි බවද උන් වහන්සේ වැඩි දුරටත් පැවසිය.

රන්මලී සෝමසිරි
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=19404:2013-10-14-13-11-12&catid=34:news&Itemid=62

0 comments: