Pages

Monday, October 28, 2013

සෞදි කතුන් රිය පදවා ශරීයා නීතිය කඩති

කාන්තාවන් ට පනවා ඇති රිය පැදවීමේ තහනමට එරෙහිව සෞදි අරාබියානු කාන්තාවන් දෙදෙනෙකු රියාද් නගරය තුල රිය පැදවීමෙන් තම විරෝධය පළ කර තිබේ.

සෞදි බලධාරීන්ගේ අණ නො තකා ඔවුන් දෙදෙනා මෙසේ රියාද් නගරය තුල රිය පදවන අකාරය අන්තර් ජාලයට එක් කර තිබූ වීඩියෝවක් මගින් මේ වන විට ලොව පුරා අවධානයට ලක් වී අවසන්ය.

සෞදි අරාබියානු අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යාංශය පවසා තිබුණේ කවරකු හෝ මේ තහනම නොතකා කටයුතු කරන්නේනම් එය එරට ශුද්ධවූ නීතියට එරෙහිව යෑමක් බැවින් වරදකරුවන් විශේෂ දඬුවමකට ලක්වන බවයි.

මේ අතර දාහත් දහසක් පමණවූ ජනතාවක් අත්සන් කළ පෙත්සමක් මගින් සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන ලෙස හෝ එසේ නැතිනම් මෙලෙස තහනම පවත්වා ගැනීමට සාධාරණ හේතු ඉදිරිපත් කරන ලෙසයි.

- BBC

http://lankacnews.com/sinhala/foreign-news/103475/

0 comments: