දහනව වැනි සියවසේ පස්‌චාත් භාගය වූ 1884 දී එනම් මින් වසර 129 කට පෙරාතුව මේ ලක් පොළොවෙහි උපන් ජාතියට දේශයට සදානුස්‌මරණීය වූත්, අමුල්‍යවූත් සේවාවක් ඉටු කළ අජානීය පුරුෂයකු පිළිබඳව සියවසකටත් අධික කාලයක් ඉක්‌ම ගිය තැන හෝ යමක් ලියන්නට අවස්‌ථාවක් ලැබීම මහා පිනකැයි මම සිතමි. ඒ උදාර මිනිසාගේ ජීවන චරිතය පිළිබඳව ශාස්‌ත්‍රීය වූත්, පර්යේෂණාත්මක වූත් තොරතුරු සොයා විමසා ඉදිරිපත් කිරීමට ප්‍රශස්‌ත ප්‍රයත්නයක යෙදෙමින් කේ. එච්. එම්. සුමතිපාල ශූරීන් "ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය 1798 - 1965" නම් ග්‍රන්ථයෙහි සංඥාපනයෙහි සඳහන් කළ උද්ධෘතයකින් මේ කෙටි ලිපිය ඇරඹීම යෝග්‍ය යෑයි මට හැඟේ.
කන්නන්ගර මැතිතුමාගේ ජීවිතය අරභයා ලියෑවුණු ලේඛන සොයා ගිය මට දිනපතා පුවත්පතකවත් එතුමා ගැන දිග ලිපියක් සොයා ගත නොහැකි විය. අඩ සියවසකට ආසන්න කාලයක් මුළුල්ලෙහි පොදු ජන සේවයෙහි යෙදී සිටි පුද්ගලයකුගේ ජීවිතය ගැන කිසිම පොත පතක පළ වී නොතිබීම මගේ විමතියට කරුණක් විය. හුදෙක් පුවත්පතක තීරු භාගයකට වඩා දික් වූ ලිපියක් පළවීමට මේ කරුණම ප්‍රමාණවත් විය යුතුව තිබුණි. එහෙත් තීරු භාගයක්‌වත් සොයා ගැනීම උගහට විය. එතුමා තමාගේ ජීවන චරිතයක් ලියා නැත.
ඕනෑම රටක ජාතික ප්‍රබෝධයක් විවෘත වන්නේ අධ්‍යාපනය තුළිනි. විෂම චක්‍රයෙන් මිදීමට ඇති එකම මග ජාතික ප්‍රබෝධයයි. ජාතික අධ්‍යාපනයක් නොමැතිව ජාතික ප්‍රබෝධයක් ඇති නොවේ. අධ්‍යාපනය තුළින් ජාතික ප්‍රබෝධයක් ජනිත කිරීමට අතීතයේදී අපේ නායකයෝ අපොහොසත් වූහ. ඊට හේතුව නායකයනට වෙනත් කාරණා කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවීමයි. ඒ හේතු නිසා අධ්‍යාපනය වන්නාටවාදී ආකාරයට සැලසුමක් හා අරමුණක් නැතිව දියත් විය.
ලංකාවේ අධ්‍යාපනය කෙරෙහි මෙවන් අදහස් දරමින් ඒවා සඵල කර ගැනීමට මුළු ඇමැති ධුර කාලයම කැප කළේය. ඒවා බොහොමයක් දීර්ඝ කාලීනව ජාතියට වාසිදායකව පවත්නා නමුත් එතුමන්ගේ බොහෝ අපේක්‍ෂා ඉටු නොවී එතුමාට පමණක් සිමා විය. 1947 මහ මැතිවරණයෙන් මේ ශ්‍රේෂ්ඨ පරාර්ථකාමියා පරාජයට පත් වීම එයට හේතුවයි. 1943 දී ලංකාවේ අධ්‍යාපනය ගැන සොයා බලා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බව නිර්දේශ කළේය. එහි සභාපති වශයෙන් කන්නන්ගර මැතිතුමා 1944 දී ඒ සඳහා වූ පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. මේ සියලු කටයුතු වළදීම එතුමාට මන්ත්‍රණ සභාව තුළත් ඉන් පිටත රට තුළත් සතුරෝ බොහෝ වූහ. ඒ සියල්ලටම මුහුණ දුන් එතුමා නිදහස් අධ්‍යාපනය යන්නෙහි ගැඹුරු පුළුල් අර්ථය මෙසේ දක්‌වා තිබේ.
නිදහස් අධ්‍යාපනය කියන්නේ දැනුම ලබා දීම පමණක් නොවේ. දැනුම තමාට හා අන්‍යයන්ට කරදරයක් නොවන ලෙස සකසා ගත හැකි නුවණත්, එමගින් යථාර්ථය තේරුම් ගෙන කටයුතු කිරීමේ ප්‍රඥාවත් ඇතිකර ගැනීමයි.
මේ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග, උපාය විධි වටාපිටාව, සැලසුම් එතුමා ආරම්භ කළ ද සමහරක් එතුමන් සමඟම වැඩ පිළිවෙලින් ඉවත්ව ඇත.
නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීම සඳහා එතුමන් ගෙන ගිය සටන මාර යුද්ධයකැයි කිව හැක. කල් දැමීම, බාධා කිරීම් මධ්‍යයේ එය සම්මත වීම වැළැක්‌වීමට අවසන් දවසේ අවසන් මොහොතේත් යොදා තිබූ වැඩ කටයුතු සියල්ල පරාජය කිරීමට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ මෙහෙයවීමෙන් පැවති කැලණි භික්‍ෂු සංගමය ප්‍රධාන දිවයිනේ භික්‍ෂු සංවිධාන ගණනාවක් සහ පොදු ජනතාවත් ගෙන ගිය අහිංසක දූරදර්ශී ක්‍රියාමාර්ග මහෝපකාරී විය. මේ පනත සම්මත වීම සම්පූර්ණයෙන් ම භික්‍ෂුන්ගේ ජයග්‍රහණයකැයි එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වූ වී. නල්ලයියා මහතා කියා ඇත්තේ එහෙයිනි.
1947 මැතිවරණයෙන් පරාජයට පත් කන්නන්ගර මහතා එයින් කිසිදු සැලීමකට පත් නොවූ අතර පාලක පක්‍ෂයේ හිතවතකු හැටියට දේශපාලනයෙන් ඉවත් වනතුරුම ක්‍රියා කළේය. ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ අභාවයෙන් පසු 1952 පවත්වන ලද මැතිවරණයෙන් කන්නන්ගර මහතා අගලවත්ත ආසන නියෝජිතයා වශයෙන් තේරී පත්විය. ඩඩ්ලි සේනානායක මහතාගේ නව ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලයේ පළාත් ආණ්‌ඩු ඇමැති ධුරයට පත්විය. අධ්‍යාපන ඇමැතිවරයකු වශයෙන් දීර්ඝ පළපුරුද්දක් ඇති, මෙරට නිදහස් අධ්‍යාපනයේ ප්‍රමුඛතම සේවාවක් ඉටු කළ එතුමාට ඒ අවස්‌ථාවේ ඇමැති ධුරය නොලැබිණ. කෙසේ නමුත් පළාත් ආණ්‌ඩු ඇමැති වශයෙන් ද එතුමා අගනා සේවයක් කළේය. 1956 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ එතුමා ඒ වන විට 72 වැනි වියේ පසුවිය.
ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර, (වැ. බ. මහානායක) අනුනායක මහා ස්‌ථවිර
http://www.divaina.com/2013/10/31/provin04.html
සබැඳි ලිපි -
[
නොනිමි මෙහෙවරක කන්නන්ගර දැක්‌මhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5062.html
]

0 comments:
Post a Comment