Pages

Friday, October 25, 2013

ඔත්තු බලන ඇමරිකාවට එරෙහි යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මතයි

බෙල්ජියානු සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන ලෝක මූල්‍ය දත්ත බැංකුව වෙත ප‍්‍රවේශ වීමට ඇමරිකාවට ඇති හැකියාව අත්හිටුවන ලෙස යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක් වැඩි ඡුන්දයෙන් සම්මත වී ඇතැයි වාර්තා වේ.

ස්ට‍්‍රැස්බර්ග්හි පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 280ක් සහ විපක්ෂව 254 ලැබී ඇති අතර නියෝජිතයන් 30 දෙනෙකු සහභාගී වී නොමැත.

ස්විෆ්ට් නම් මෙම දත්ත බැංකුවෙන් ඇමරිකාව බුද්ධි තොරතුරු ලබාගන්නා බව බ‍්‍රසීලයේ ග්ලෝබෝ රූපවාහිනි නාලිකාව මගින් වාර්තා කිරීම මේ තීරණයට හේතුවී ඇතැයි පැවසේ.

මේ පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන තුරු ස්විෆ්ට් වෙත ඇතුළුවීමට ඇමරිකාවට ඇති බලතල අත්හිටුවන ලෙස මෙමගින් යුරෝපා පාර්ලිමේන්තුව බලකර තිබේ.

2001 සැප්තැම්බර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව ආරක්ෂක පියවරක් වශයෙන් ලොව පුරා හුවමාරුවන මූල්‍ය ගණුදෙනු පිළිබඳ සන්නිවේදනයන්ගෙන් යම් ප‍්‍රමාණයක් ඇමරිකානු භාණ්ඩාගාරය වෙත ලබාදීමට 2010දී එකගතාවයකට පැමිණ තිබිණි.

තීරණය ඇමරිකානු චරපුරුෂ කටයුතු පිළිබඳ යුරෝපය පුරා ඇති විරෝධය පිළිබඳ සංකේතාත්මක තීරණයක් වන අතර ක‍්‍රියාත්මක වීමට නම් යුරෝපා කොමිසම ඇතුළු විවිධ යුරෝපා රජයන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇත.

ස්විෆ්ට් කටයුතු වලින් ඇමරිකාව තහනම් කිරීමට තවම තීරණයක් නැතැයි පවසන යුරෝපා කොමිසමේ ස්වදේශ කටයුතු කොමසරිස් සිසිලියා මැල්ම්ස්ට්‍රොම් පවසන්නේ ඇමරිකානු රජය 2010 සම්මුතිය ආරක්ෂා කරන බව ඇමරිකානු භාණ්ඩාරයේ නියෝජ්‍ය ලේකම් ඬේවිඞ් කොහෙන් තමන් වෙත දැනුම්දුන් බවයි.

ප‍්‍රංශයේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයන් ගණනාවකගේම සන්නිවේදනයන් ඇමරිකානු චරපුරුෂයන් විසින් නිරීක්ෂනය කරන බව ප‍්‍රංශ පුවත්පතක් විසින් වාර්තා කිරීමෙන් පසුව ප‍්‍රංශ රජය විසින්ද ඇමරිකානු තානාපතිවරයාගෙන් පැහැදිලිකිරීමක් ඉල්ලා ඇතැයි පැවසේ.

http://lankacnews.com/sinhala/foreign-news/103385/

සබැඳි ලිපි -
[
මේක පුදුම ලෝකයක්! ඇමරිකානු රහස්‌ ඔත්තු සේවය ජර්මානු චාන්සලර්ගේ ජංගම දුරකථනයටත් සවන් දීලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_9627.html
]

0 comments: