Pages

Tuesday, October 29, 2013

නාමළුව විහාරයේ වෛත්‍යය හැරූ 12දෙනකුට ලක්‌ෂ 18ක දඩයක්‌. හතරදෙනෙක්‌ යළි රක්‌ෂිතයට

සියඹලාණ්‌ඩුව නාමළුව පුරාණ රජමහා විහාරයේ ඉපැරණි චෛත්‍යයක්‌ බැකෝ යන්ත්‍රයක්‌ යොදා හාරා විනාශ කර නිධන් සෙවීමෙහි යෙදුණු සැකකරුවන් 16 දෙනාගෙන් 12 දෙනකු වරද පිළිගැනීම හේතුවෙන් මොනරාගල වැඩ බලන මහෙස්‌ත්‍රාත් බණ්‌ඩාර මහතා විසින් එක්‌ අයෙකුට රුපියල් 150000 බැගින් රුපියල් 1800000 ක දහඅට ලක්‌ෂයක්‌ දඩයක්‌ ගෙවන ලෙසට නියෝග කළේය.

2013. 04. 19 හෝ 20 යන දිනවලදී චෛත්‍යය හාරා ඇති බවට සියඹලාණ්‌ඩුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැඩිදුර විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් අතරින් 04 දෙනකු නිවැරදි කරුවන් බව පැවසු හෙයින් ඔවුන් නැවතත් බන්ධනාගාරගත කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොනරාගල පොලිස්‌ පුරාවස්‌තු ඒකකයට කොළඹ පුරාවස්‌තු ආරක්‌ෂක කොට්‌sඨාසයේ සහාය ලැබී ඇති අතර මොනරාගල පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස්‌ මත සියඹලාණ්‌ඩුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක කපිල ධර්මප්‍රිය සේනාපති සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීහු කණ්‌ඩායමක්‌ පරීක්‌ෂණ කටයුතු සිදු කළහ. 

මොනරාගල විශේෂ - සේපාල මහානාම, මඩුල්ල කේ. එම්. පී. බණ්‌ඩාර 
http://www.divaina.com/2013/10/28/news13.html

0 comments: