වල්පොලමුල්ලේ උරුමක්‌කාරයින් සොයා අපට ආයිමත් ඇටන්වලට පල්ලම් බැසීමට සිදුවේ. ඒ මල්කිරිගොඩ කපොල්ල දක්‌වා කඳු බෑවුමක් නැගීමෙන් පසුවය. සේදී ගිය අඩිපාරේ ගලින්ගලට පැන මල්කිරිගොඩ නඟින විට දෙඅත්වලින් ගස්, මුල් අල්ලාගනිමින් අත්වාරු ගත යුත්තේ ඒ බෑවුම එතරම්ම දුෂ්කර එකක් නිසාවෙනි. එසේ ඇටන්වල බලා එන ගමනකදී වල්පොලමුල්ලේ කපිල මාමාට කුඩා අලි රංචුවකට මැදිවන්නට සිදුවිය. සැත්තෑවිය ඉක්‌මවා සිටි කපිල මාමා එදා හොඳටම බිරාන්ත වූයේ කිසිදාක මෙම පාරේදී ඔහුට අලියකු මුනගැසී නොතිබූ හෙයිනි. එකවරම සිදුවූ මේ අකරතැබ්බයෙන් තැතිගත් කපිල මාමා අලි රැළ මගහැර දිවයද්දී පය පැකිලී වැටී කකුල බිඳී ගියේය. එහෙත් වාසනාවකට එදා අලි රැළද අනපේක්‍ෂිත මනුෂ්‍ය මුණගැසීමට බියේ කැලේ බිඳගෙන පළා ගියේය. වල්පොලමුල්ල ජනශූන්‍ය වන්නට පටන් ගත්තේ මේ සිදුවීමත් සමගය. මාස කිහිපයක ප්‍රතිකාරවලින් පසු දැන් කපිල මාමා තම ඇඹේනියද සමඟ ඇටන්වලට එපිටින් වූ ගම්මානයක තම දරුවකුගේ නිවසක ජීවත්වේ. විඡේරත්න මාමා තම අඹුව සමග ඇටන්වල සිටින අතර උක්‌කුබණ්‌ඩා මාමා තම අඹුව සමඟ දිවිගෙවන්නේ ඇටන්වලට එපිටින් පිහිටි පිටවල ගම්මානයේ වෙසෙන දූගේ නිවසේය.
වල්පොලමුල්ලේ උරුමක්‌කාරයන් සොයා දැන් අපි ආපහු පල්ලම් බහින්නේ ලග්ගල උඩසියපත්තුවේ මේ ගම්මණ්‌ඩිය හොයාගෙනය. සැබැවින්ම වල්පොලමුල්ලට යන ගමනේදී පිටවල, ඇටන්වල ආදී ගම්මාන පසුකරගෙන යා යුතු අතර, අප මේ පල්ලම් බසින්නේ ගිය මාර්ගයේමය. එහෙත් මල්කිරිගොඩ කපොල්ලෙන් දුම්බර කඳුවලල්ලේ වැදගත් තැනකට පැමිණෙන අපට සුන්දරත්වයෙන් අනූන අපුරු කඳුමුදුනකට නැගීමේ අවස්‌ථාවක් උදාවේ. ඒ මානිගලය. එහි කෙළවර ඇත්ඔලුගල නොහෛdත් රඹුක්‌ඔළුවයි. මල්කිරිගොඩ සිට ඊසාන දිශානුගතව විහිදෙන මානිගල සහ ඇත්ඔලුගල දුම්බර කඳුකරයේ අපූරුව විඳින්නට තැනුණු ස්‌වාභාවික වේදිකාවක් වැනිවු තැනකි. කන්දක් යෑයි කීවාට මුදුනත පැතලි සානුවක් හැඩයේ ගත් මෙම කඳු මුදුන අතිවිශාල ක්‍රීඩාපිටියක් වැනි කුඩා ලඳු හා තණපිටිවලින් සමන්විත වූවකි.
මල්කිරිගොඩ කපොල්ල පසුකර මඳ දුරක් පල්ලම් බසිද්දී වනමැද අඩිපාරවලින් සමන්විත හතරමං සන්ධියක් මුණගැසේ. ඉන් එකක් වල්පොලමුල්ලට යන අපි ආපු මාර්ගයයි. දකුණතට ඇත්තේ මානිගල පසුකර දුම්බර වනමැද පිහිටි තවත් ගම්මානයක් වන රඹුක්‌ඔළුවට වැටෙන තවත් වන මඟකි. වම්පසට ඇටන්වලත්, ඉදිරියට මානිගලට යන පාරත්ය. ඇටන්වලට යන ගමනේ මේ සුන්දර මානිගලට නැඟ දුම්බර මිටියාවතේ සුන්දරත්වය විඳ මඳක් ගිමන් නිවාගන්නට සිතූ අපි දුම්බර මිතුරු කැළද සමඟ මඳ බෑවුම නැඟ මානිගලට ගොඩවැදුනෙමු.
මාතලේ - රත්තොට රිවස්‌ටර්න් පාරේ ගිරිදුර්ගය පසුකර ඉළුක්‌කුඹුර දෙසට ඇදෙන කාහටත් මේ සුන්දර මානිගල ඈතින් දිස්‌වේ. රිවස්‌ටර්න් මුහුනතට හිරු උදාවන්නේ මානිගලට මුදුනෙනි. එසේම හිරුබැස යන්නේ මානිගලට ලම්භවකය. එවිට යෝධ ගල්පවුරක් මෙන් නැඟී සිටින මානිගලේ බටහිර මුහුනතේ දැවැන්ත ගල් පතුරක් කඩා හැලුණු ස්‌ථානයකට වැටෙන හිරු එළිය හා සෙවනැල්ල අනුව ඒ අවට කම්කරුවන් අතීතයේදී වෙලාව බලාගැනීමට පුරුදුව හිඳ ඇත. එනිසා වේලාව යන අරුතෙන් "මනිගල" වූ මෙම සෞන්දර්යාත්මක යෝධයා පසුව මානිගල නම් සිංහල ඌරුවට හැදුණු නමක හිමිකරුවා බවට පත්ව ඇත. උතුරින් ඇටන්වල ගමට ඉහළින්ද නැගෙනහිරන් රඹුක්‌ඔළුව නම් ගම්මානයට ඉහළින්ද නැඟී සිටින මෙම කඳු රාජයා එම ගම්මාන වැසියන්ව මහා සාඩම්බරයකි. වැහි සුළංවලින් ආරක්‍ෂා කරන ආරක්‍ෂක පවුරකි. ඒ ආරක්‍ෂක පවුරේ මුදුනත හා මුදුනත සිට හාත්පස සිසාරා දුම්බර මිටියාවතේ ආශ්චර්යය අත්විඳිනු රිසියෙන් අද අපි මානිගලට සේන්දු වී සිටින්නෙමු.
මානිගලට ඉහළින් දිස්‌වන කඳුවලල්ල පතනේගල, බටඅඬුව කපොල්ල (රිවස්‌ටන්) කිරිමැටියා කන්ද යකුන්නේගල ඔස්‌සේ ගොම්බානීය හරහා නකල්ස් සිට උඩදුම්බර දක්‌වා දිවෙන ප්‍රධාන කඳුවැටියෙන් සමන්විතය. උතුරින් තැනිතලාවක් බවට පත්වන දඹුලු, සීගිරි ප්‍රදේශයද වයඹ දෙසින් කරගහතැන්න ප්‍රදේශයද දිස්‌වේ. ඒ මත රේඩියෝ සම්ප්‍රේෂණ කුළුණු රැසකි. දකුණු දෙසින් දක්‌නට ඇත්තේ ගොම්බානීය, නකල්ස්, කිරිගල්පොත්ත වැනි කඳු යායකි. යළිත් නැගෙනහිර දෙසට ඈතින් වන්නිමාන, ලකේගල, ලබුලැස්‌සපතන ආදී කඳු අතර අලංකාර තුන්හිස්‌ගල මතුව පෙනේ. කෙළින්ම පහළ බලද්දී නෙත ගැටෙන්නේ ඇටන්වල හා රත්නින්ද ප්‍රදේශවල වෙල්යායයි. ඇටන්වල විහාරස්‌ථානය හා ගම්මැද්දට පහලින් ගලා හැලෙන තෙල්ගමු ඔය පැහැදිලිව හඳුනාගත හැක්‌කේ වෙල්යාය මැදින් දිවෙන කුඹුක් වන තීරය නිසාය. සැබැවින්ම මානිගල මෂ්තකය නම් දුම්බර අඩවියේ සුන්දරත්වය අත්විඳීමට කියාපු තැනකි. මේ සුන්දර මෙන්ම අපුරු වේදිකාවෙන් බැස යැමට සිත් නොදේ. මන්ද දුම්බර කඳුකරයේ අපුරු දර්ශන මෙන්ම එම වනපෙතේ සිහිල් සුළං රැළිද අප පිනවන නිසාය.
ඇටන්වල නෑදැයින් සොයා ගිය ගමන මීළඟට
ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2013/10/27/feature04.html

0 comments:
Post a Comment