Pages

Thursday, October 31, 2013

මරණය දැක දැක ගවයෝ බේරෙති. පොලිසිය එනවිටත් කුළුගෙඩි පහර කෑ සතුන් පණ අදිමින්...

සේයාරුව හා සබැඳි ලිපිය - http://denethharinna.blogspot.com/2013/03/bbs.html
වැලිසර නීති විරෝධී ගව ඝාතකාගාරයක්‌ පෙරේදා වැටලූ බස්‌නාහිර උතුර අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ ඝාතනය කරන ලද ගැබ්බර එළදෙනුන්, ඝාතනය කිරීමට සූදානම් කර සිටි එළදෙනුන් එකොළොස්‌ දෙනකු, කුඩා හරක්‌ පැටවුන් එකොළොස්‌ දෙනකු සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම අපරාධ ස්‌ථානය වටලන අවස්‌ථාව වන විටත් එළදෙනුන් ඝාතනය කරමින් තිබූ බවද පොලිසිය පවසයි.

එළදෙනුන්ගේ හිසට කුළුගෙඩිවලින් පහරදීම නිසා එම සතුන් මරණාසන්නව පණ අදිමින් සිටි බවද පොලිසිය කියයි.

යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම නීති විරෝධී ගව ඝාතකාගාරය වැටලූ බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් වැලිසර පදිංචි අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය කියයි.

මෙම එළදෙනුන් මහමඟදී සොරා ගත් සතුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරගෙන යන බවද පොලිසිය පවසයි.

එළ ගවයන් ඝාතනය කිරීමට සැකකරුවන් භාවිත කළ කුළු ගෙඩි, පිහියා, පොරෝ ඇතුළු තවත් දැ පොලිස්‌ භාරයට ගෙන ඇත.

බස්‌නාහිර උතුර අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක අමරසේකර, උප පොලිස්‌ පරීක්‍ෂක ජයසේකර, පොලිස්‌ සැරයන් ලක්‌මාල් (28511) ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සඳහා සහභාගී වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2013/10/31/news25.html

0 comments: