Pages

Saturday, October 19, 2013

වාහන නතර කිරීමේ ප්‍රවේශ පත්‍රයක්‌ නොගත් හිලරි ක්‌ලින්ටන්ට ලන්ඩනයේදී ස්‌ටර්ලින් පවුම් 80 ක දඩයක්‌

ලන්ඩන් නුවර චැතම් මධ්‍යස්‌ථානය අසල වාහන නතර කිරීම සඳහා වූ ප්‍රවේශ පත්‍රයක්‌ රහිතව සිය බෙන්ස්‌ රිය නතර කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරියකුවූ හිලරි ක්‌ලින්ටන්ට ස්‌ටර්ලින් පවුම් 80 ක දඩයක්‌ නියම වී ඇත.

මේ දඩය නියම කර ඇත්තේ වාහන නැවතීම් ගැන විමර්ශනය කරන නිලධාරියායි.

හිලරි ක්‌ලින්ටන්ගේ රියට දඩ ගැසීම ගැන ඇගේ ආරක්‍ෂක නිලධාරීන් හා එකී නිලධාරියා අතර දැඩි වචන හුවමාරුවක්‌ද සිදුවී ඇත.

මෙම සිද්ධිය ගැන එකි නිලධාරියා පවසා ඇත්තේ නීතිය කාටත් පොදු බවයි.

http://www.divaina.com/2013/10/17/forign03.html

ප.ලි.
නීතියක සහ විනයක අසිරිය. හිටපු ජනපති බිරිඳ, හිටපු රාජ්‍ය ලේකම්වරිය සහ  අනාගත ජනපතිනිය... 
ලංකාවේ සිදුවිනි නම්, පොලිස් නිලධාරියා, ඔහු අයත් පොලිසියේ ස්ථානාධිපති ඇතුළු සැවොටම මාරුවීම්!

0 comments: