විස්‌ඩන් ක්‍රිකටර් ඔෆ් ද ඉයර් සම්මානයට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකිකයා සිදත් වෙත්තමුණි කියන කතාව
අප ක්‍රිකට් ගැන දන්නේය. කොතරම් දන්නවාදැයි කියනවානම් ජාතික කණ්‌ඩායමේ සංයුතිය කුමක් විය යුතුද? 20 විස්‌ස හොඳද? අයි.පී.එල්. අපේ ක්‍රිකට් වලට බලපාන්නේ කොහොමද කියා ගමේ කඩපිලේදී හමුවන කොළුගැටයෙකුගෙනුත් දැනගන්නට පුළුවන. අප දන්නා ක්‍රිකට් රසවත්ය. කෙලවරක් නැතිව කතා කරන්නට හිතෙන තරමට උනන්දුව උපදවන්නේය. ඒත් අප නොදන්න ක්‍රිකටුත් තිබේ. අප නොදන්නා ක්‍රිකට් දන්නා ක්‍රිකට් වලට වඩා බොහෝ අපූරුය. කුහුල උපදවන්නේය. අතිශයින්ම රසවත්ය.
මේ තීරය මේ සතියේ සිට ඇරඹෙන්නේ ඒ අප නොදන්න ක්‍රිකට් ගැන රස වෑහෙන කතා කියන්නටය.
ශ්‍රී ලාංකීය ක්‍රිකට් නව පරිච්ඡේදයකට හැරවූ මෙරට ක්‍රිකට් විරුවන් ශ්‍රේණිගත කළහොත් එහි පළමු ස්‌ථාන අතර නිරන්තරයෙන්ම සිදත් වෙත්තමුණි යන නාමය සටහන් වේ. 1970 දශකයේ සිට 1980 දශකයේ අග භාගය වන තෙක් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව ලෝකය සමග සටන් කරන විට ඔහුගේ පිති ප්‍රහාරය මෙරට ජයග්‍රහණයට යෝධ පවුරක් විය.
ලොව වේගවත්ම පන්දු යවන්නන් ක්‍රීඩා කළ වකවානුවක හිස්‌වැසුම් නොමැතිව ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ සිදත් වෙත්තමුණි අනතුරුව හිස් වැසුම් පැමිණෙන යුගයේදීද ආරම්භක පිතිකරුවාම විය. ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා නොකළ යුතු යුගය 1970-80 දශකය බව සිහිපත් කරන සිදත් වෙත්තමුණිගේ ක්‍රිකට් දිවියේ අපූරු සිදුවීම් රාශියක් තිබේ. එවැනි මතකයන් ඔහු මෙසේ අවදිකරයි.
මම පළමු වතාවට ජාත්‍යන්තර තරගයකට සහභාගි වුණේ 1977 වසරේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගෙ කණ්‌ඩායම ලෙස අපි ඉන්දියාවේ ගෝපාල්වල තරගයකට සහභාගි වුණා. ඒ කාලෙ ඉන්දියාවට යන කොට අපිට සල්ලි ගෙනියන්නත් බැහැ. ඒ සංචාරයේදී අපූරු සිදුවීමක් වුණා. එදා අපිට එහෙදි වියදම් කරන්න සල්ලි නැහැ. කට්‌ටියම බඩු ගේන්න ක්‍රමයක් කල්පනා කර කර හිටියා. ඒ වුණත් අපිට කන්න විතරයි සල්ලි තියෙන්නෙ. පස්‌සෙ අපි අපේ ගාව තිබ්බ බඩු තව එක්‌කෙනෙක් මාර්ගයෙන් මදුරාසියෙ තැනකට ගිහිල්ල විකුණල සල්ලි ගත්තා. මගෙ පරණ බැට් එකකුත් විකුණල තමයි ලංකාවට එන කොට බඩු ගෙනාවෙ.
1977 දී මට පළමු වරට ශ්‍රී ලංකා කැප් එක හම්බ වුණා. ඒ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ තිබ්බ තරගයකදී. ඒ තරගයේ එංගලන්ත කණ්‌ඩායමේ නායකයා වූයේ ටෝනි ග්‍රේග්.
"අපි ඒ කාලෙ ක්‍රිකට් ගැහුවේ අර්ධ කාලීන වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයන් විදිහට. දැන් වගේ ක්‍රිකට් සම්පූර්ණයෙන්ම වෘත්තියක් වෙලා තිබුණෙ නැහැ. අපි වැඩ කරන ආයතනයෙන් අපිට ක්‍රිකට් ගහන්න අවස්‌ථාව දීල තිබ්බා. වැඩට ගිහිල්ලා සවස හතරට විතර ප්‍රැක්‌ටිස් වලට එනවා. සල්ලි තිබුණෙ නැති නිසා ජොබ් එක කළා. ක්‍රිකට් ගහන්න ආස නිසා ක්‍රිකට් ගැහුවා. කොහොම හරි ශ්‍රී ලංකා කණ්‌ඩායමට ගහන්නම ඕන කියල හිතේ තියෙන කට්‌ටිය සවස හතරට විතර ඇවිල්ල ඒ කාලෙ ප්‍රැක්‌ටිස් කරනවා. අනිත් අය හවස පහට විතර ඇවිල්ල ප්‍රැක්‌ටිස් කරනවා."
මම ක්‍රිකට් ගැහුවෙ මහ රාජා ආයතනයට. රාජ මහේන්ද්‍රන් මහතා ඒ කාලෙ හිටපු හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජොබ් එක දීල කිව්වා ඔය ගොල්ලන් වෘත්තීය මට්‌ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් විදිහට ක්‍රිකට් ගහන්න කියලා. ඊට පස්‌සෙ අපි උදේ ශාරීරික යෝග්‍යතාවලට එනවා. ඊට පස්‌සෙ ආයිත් වැඩට යනවා. ආයිත් සවස ප්‍රැක්‌ටිස් යනවා. ඒ ආකාරයට තමයි අපි ක්‍රීඩාව දිහා බලන විදිහ වෙනස් වෙන්න පටන් ගත්තෙ.
මම 1977 ඉඳන් 87 වෙනකම් අවුරුදු 10 ක් ක්‍රිකට් ගැහුවා. අන්තිම අවුරුද්දෙ මම, දුලිප් මෙන්ඩිස් සහ රෝයි ඩයස් වගේ අය තමයි 87 වෙනකොට කණ්‌ඩායමේ හිටිය ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෝ. අපිට ඒ කාලෙදි ටෙස්‌ට් මැච් එකකට රුපියල් දහ දාහක් හම්බ වුණා. අවුරුදු 10 ක් ගැහුවට පස්‌සෙ තමයි එහෙම මුදලක් හරි හම්බ වුණේ.
ඒ කාලෙ ජිම් තිබ්බෙ නැහැ. මම ජිම් එකකට ගියෙ ක්‍රිකට් වලින් විශ්‍රාම ගිහින් බොහෝ කාලයකට පස්‌සෙ. අපි ග්‍රවුන්ඩ් එකේ ඇති වෙන්න දුවනවා. ඊට පස්‌සෙ ව්‍යායාමයක් කරා. ඒ ටික විතරයි අපිට ක්‍රිකට් ගහන්න ප්‍රයෝජනවත් වුණේ. හැබැයි එහෙම වුණා කියල ක්‍රීඩකයන් ලොකු ආබාධවලට ලක්‌වුණේ නැහැ. දැන් කාලෙ හැම දේම තිබිලත් ක්‍රීඩකයෝ කොච්චර ආබාධවලට ලක් වෙනවද. මට මතකයි ජෙෆa තොම්සන් වගේ වේග පන්දු යවන්නො හයියෙන් බෝල් කරාට අපේ පන්දු යවන්නන්ට වැඩිය පොඩ්ඩක් වේගය වැඩි වෙන්න ඇති. ඒ ඇරෙන්න ලොකු වෙනසක් තොම්සන් වගේ පන්දු යවන්නන්ගෙ මම දැක්‌කෙ නැහැ. අපිට තිබ්බෙ ඔවුන් සමග ක්‍රීඩා කරද්දි මානසික ප්‍රශ්නයක්. ඒක හරියට දැකල නැති මිනිහෙක් එක පාරට දැකල බය වෙනව වගේ දෙයක් මිසක් ඒ කට්‌ටියගේ හැකියාව අපේ කට්‌ටියට වැඩිය ලොකු වෙනසක් තිබ්බෙ නැහැ.
1979 ලෝක කුසලානයෙන් පස්‌සෙ අපිට ටෙස්‌ට් තත්ත්වය ලැබෙන්න ඕන කියන මතයේ ගොඩක් කට්‌ටිය හිටියා. 1981 අපි එංගලන්තයට ගියා ප්‍රාන්ත තරගාවලියකට. එතනදි අපි හිතුවා අපිට ටෙස්‌ට් තත්ත්වය ලැබෙයි කියලා. ක්‍රිකට් සභාපති හිටියෙ ගාමිණි දිසානායක. උප සභාපති රාජ මහේන්ද්‍රන්. ඒ දෙන්නම ගොඩාක් මහන්සි වුණා අපිට ටෙස්‌ට් තත්ත්වය අරන් දෙන්න. කොහොම හරි 81 දී අපි එංගලන්ත සංචාරය යන කොට අපිට කියල තිබ්බෙ ඒ සංචාරය අපි හොඳට කළොත් අනිවාර්යෙන්ම ටෙස්‌ට් තත්ත්වය ලැබෙයි කියලා.
අපි යෝක්‌ෂයර් වල ගෲවානා හවුස් කියන හෝටලයේ ඉන්න කොට ටෙස්‌ට් වරම් ලැබුණා කියල පණිවිඩයක් ආවා. ඒ පණිවිඩය ලැබුණට පස්‌සෙ අපි හැමෝටම ලොකු සතුටක් දැනුණා. කට්‌ටිය එක එකා වැළඳගෙන සුබ පතා ගත්තා. අපි එදා හවස ලොකු පාටියක් දැම්මා. දැන් සිම්බාබ්වේ සහ බංග්ලාදේශ කණ්‌ඩායම්වලට වඩා ඒ කාලෙදි අපි හොඳයි.
පළමු ටෙස්‌ට් තරගය අපිට අත්දැකීම් තිබුණෙ නැති හින්ද තමයි පරාජය වුණේ. ඒකෙ පළමු දවස් තුනේ අපි තමයි උඩින් හිටියෙ. නමුත් දවස් පහක් ක්‍රීඩා කරන්නෙ කොහොමද කියන එක අපි දැනගෙන හිටියෙ නැති නිසා පරාද වුණා. මට මතකයි අපේ පළමු ටෙස්‌ට් තරගයේදී දෙවැනි ඉනිමේදී බැට් කරන්න ගියාම ඒ ගොල්ලො හිතුවෙ අපේ පිතිකරුවෝ අල්ලනවා. නැතිනම් හයේ හෝ හතරේ පහරවල් ගහනව කියල. එහෙම හිතල ජෝන් එම්බියුරි කියන දඟ පන්දු යවන්නෙක් බෝල් කරන කොට බැට්‌ස්‌මන් වටේ කස්‌ටියක් හිටියා. තවත් කට්‌ටියක් හතරේ සීමාවෙ තියල තිබ්බා. හැබැයි අපේ පිතිකරුවන් කළෙත් ඒගොල්ලන් හිතපු දේම තමයි. පස්‌සෙ එම්බියුරි විකට් හයක් ගත්තා.
පාකිස්‌තාන්වලට එරෙහිව මම පළමු ටෙස්‌ට් ශතකය ගැහුවා. හැබැයි මට ආසාව තිබ්බෙ කණ්‌ඩායමේ රැදී සිටිමින් උපරිම හොඳට ක්‍රීඩා කිරීම මිසක් පනහක් හෝ සියයක් ලබා ගැනීම නෙමෙයි. ඒක නිසාදොa මම පළමු සියය ගැහුවා කියල මට කිසිම සතුටක් වටිනාකමක් දැනුනෙ නැහැ. මට මතකයි රංජිත් ප්‍රනාන්දු මගේ රූම් එකට ඇවිල්ල කියනව ඔයාගේ ජීවිතයේ අද අමතක නොවෙන දෙයක් ඔයා කළා. ඒකෙ වටිනාකම ඔයා දන්නවද කියල. මම ගත් කටටම කිව්වා මට එහෙම කිසිම වටිනාකමක් දැනෙන්නෙ නැහැ කියල.
මම හිතන්නෙ ලෝකෙ හිටපු ගොඩක් වේගයෙන් බෝල් කරන හොඳම ෆස්‌ට් බෝලස්‌ල හිටියෙ 70-80 දශකයේ. මම අදටත් කියන්නෙ ඕපනින් බැට්‌ස්‌මන් කෙනෙක් හැටියට ගහන්න තිබ්බ නරකම කාලෙකදි තමයි මම ඕපනින් කරල තියෙන්නෙ. හැම රටම ගත්තොත් ලෝක පූජිත වේග පන්දු යවන්නො දෙන්නෙක් තුන්දෙනක් හිටියා.
ඒ කලෙ වේග පන්දු යවන්නෝ අම්බානකට පිතිකරුවන්ට තිත්ත කුණු හරුපෙන් බණිනවා. මොකද තරග තීරකවරු එහෙම ඒ කාලෙ නැහැනෙ. මගෙ පළමු ඔස්‌ටේ්‍රලියා සංචාරයේදි ඔස්‌ටේ්‍රලියාව නියෝජනය කරමින් හිටියා රොඩ්නි හොග් කියල වේග පන්දු යවන්නෙක්. මම ප්ලේස් කරපු පළමු බෝලෙටම මම හුක් පහරක් ගහන්න ගියා. මම හැරෙන්න ඉස්‌සල්ල මගෙ කණ ගාවින් කඩුලු රකින්නා අතට බෝලෙ ගියා. ඊට පස්‌සෙ රොඩ්නි මගෙ ඉස්‌සරහටම ඇවිල්ල අඩි දෙකක් විතර එහා ඉඳන් කිව්වා අනිත් පාර ඔහොම ගහන්න හැදුවොත් උඹගෙ ඇස් දෙක මැදට බෝලෙන් ගහනව කියලා. ඉතින් මම හිනා වෙලා නිකන් හිටියා. හිටපු ගමන් ඔය වගේ ප්‍රශ්න පිට්‌ටනියෙන් එහාට ගිහිනුත් තියෙනවා. සුද්දෙක් ඇවිල්ල කෑ ගහන කොට අපි හිනා වුණාම උන්ට තවත් කේන්ති යනවා.
ඒ කාලෙ අපිට ෂර්ට් දෙකයි කලිසම් දෙකයි තිබ්බෙ ක්‍රිකට් ගහන්න. බැට් එකක් දෙකක් තිබ්බා. එකක් කැඩුනොත් ඒකත් ප්‍රශ්නයක්. එංගලන්තයෙදි මම 100 ගහල ඉවර වුණාම මගෙ බැට් එක කැඩුණා. වාසනාවට එතකොට තව එකක් තිබ්බා. නැතිනම් ඉල්ලගෙන හරි එහා පැත්තෙ එක්‌කෙනාගෙන් මාරු කරගෙන හරි තමයි ගහන්න වෙන්නෙ.
අර්ජුන රණතුංග ශ්‍රී ලංකා නායකත්වයට පත්වුණාට පසුව තමයි ක්‍රීඩකයන්ගෙ මානසිකත්වය ලොකු වෙනසක් ඇති වුණේ. අර්ජුන එදා සුද්දන්ට පෙන්නන්න හැදුව ඕගොල්ලන්ට වැඩිය අපි හොදයි කියන එක. ඒකෙන් අපේ ක්‍රීඩකයන්ගෙ තිබ්බ බය ඉබේටම නැතිව ගියා. තරග දිනන්න පුළුවන් කියන එක හැම ක්‍රීඩකයකුටම ඇති වුණා. එහි ප්‍රතිඵලයක් තමයි 1996 ලෝක කුසලාන ජයග්‍රහණය.
96 ලෝක කුසලාන තරගාවලියේ අපි ෆයිනල් එක ගහන්න ලාහෝර් වලට ගියාම ලාහෝර්වල හිටියෙ රමීෂ් රාජා. ඔහුයි ක්‍රීඩාංගණයෙ කට්‌ටියයි ඇවිල්ල අපෙන් ඇහුවා ඔයගොල්ලන්ට මොන වගේ විකට් එකක්‌ද ලෑස්‌ති කරල ඕනෙ කියල. අපිට ඕන විකට් එක ඒගොල්ල හදන්නම් කිව්වා. ඒ වගේ ගොඩක් ලොකු සහයෝගයක් අපිට ලැබුණා.
ෆයිනල් එක කියල කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට ලොකු පීඩනයක් තිබුණෙ නැහැ. කොහොමත් තරගයකදී පීඩනයක් දාගන්න ක්‍රමයක් නැහැ. සාමාන්‍ය විදිහට තමයි ෆයිනල් එකත් ක්‍රීඩා කළේ. ඒ කාලෙ අර්ජුන මුලින්ම ෆීල්ඩ් කරල ආවාහම කරන දෙයක් තමයි පන්දුවාර 10 ක් හෝ 15 ක් යනකම් නිදා ගන්න එක. ඒ වෙලාවට ෙඩ්‍රසින් රූම් එක ඇතුලෙ කවුරුත් කතා කරන්නෙ නැහැ. කොහොමත් මැච් එකක් යන වෙලාවෙ කවුරුත් මොනවත් ප්‍රෙෂර් එකක් දාගන්නෙ නැහැ. පිට්‌ටනිය මැදට ගිහිල්ල කරන්න ඕන දේ කරල එනවා.
සෑම ක්‍රිකට් ක්‍රීඩකයකුටම ක්‍රිකට් පිටියේ වටිනා සමරු සටහනක් තිබේ. පළමු ටෙස්‌ට් තරගය ඉන්දියාවට එරෙහිව 1985 වසරේදී ජය ගැනීමේ මතකයත් එම තරගයේදී කණ්‌ඩායමේ ක්‍රීඩකයන් රුපියල් 25000 ක් පමණ දීමනාවක් ලැබුණු බවත් සිදත් වෙත්තමුණිගේ මතකයේ තිබේ.
සිය ක්‍රිකට් ජීවිතයේ පෙරළියක් වීමට තිබූ අවස්‌ථාවක සිදත් වෙත්තමුණි හරි තීරණයක් ගත්තේය. නැතිනම් ඔහුගේ ක්‍රිකට් දිවිය 1983 න් නිමා වීමට තිබුණි. ඒ ක්‍රිකට් තහනමක් හරහාය.
1983 තහනම් දකුණු අප්‍රිකානු සංචාරයට යන්න මටත් ලොකු ආරාධනාවක් ආවා. හැබැයි මම දැනගෙන හිටියා මේක ගියොත් මොකක්‌ද වෙන්නෙ කියන එක. සංචාරය ගිය අපේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන පවු කියල හිතෙනව. සමහර ක්‍රීඩකයො දකුණු අප්‍රිකාවට ගිහින් ඇවිල්ල කිව්වෙ අපි මචං දකුණු අප්‍රිකාව තියෙන්නෙ කොහෙද කියලවත් දන්නෙ නෑ කියල. රටවත් දන් නැතුව ගිය ටුවර් එකක් කියල.
මම හිතන්නෙ ඒ ගොල්ලන්ට ඔච්චර බරපතල වෙයි කියල හිතන් හිටියෙ නැතුව ඇති. මගෙ අයියත් ඒ කාලෙ ශ්‍රී ලංකා ගහනව. ඒ හින්ද මම නම් මෙහෙම දෙයක් වෙයි කියල දැනගෙන හිටියා. කාලෙන් කාලෙට ක්‍රිකට් රැල්ල වෙනස් වෙනවා. රටවල්වලට හොඳ නරක කාලවල් තියෙනවා. කොහොම හරි ලෝකෙ තියෙන ඔක්‌කොම රටවල් වලට වැඩිය අපේ රටේ තමයි වැඩියෙන්ම හොඳ ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්නෙ. යනුවෙන් සිදත් වෙත්තමුණි නමැති ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව නව පරිච්ඡේදයකට යොමු කළ අපූරු මිනිසා පවසයි.
අසේල විතාන
http://www.divaina.com/2013/10/20/feature01.html

- මම ජිම් එකකට ගියේ ක්‍රිකට්‌වලින් විශ්‍රාම ගියාට පස්‌සෙ
- අර්ජුන ෆීල්ඩ් කරලා ඇවිත් පන්දුවාර 10 ක් විතර නිදා ගන්නවා
- මම ගැහුවේ ඕපනින් බැට්‌ස්‌මන් කෙනෙක් හැටියට ගහන්න තිබ්බ නරකම කාලෙකදි

0 comments:
Post a Comment