Pages

Thursday, October 24, 2013

හලාල් ලිංගික උපකරණ වෙළඳසැලක් තුර්කිය අරඹයි

අන්තර්ජාලයේ ක‍්‍රියාත්මක ඉස්ලාමික ලිංගික අලෙවිසැලක් තුර්කිය විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

කොන්ඩම්, සම්බාහන තෙල් වර්ග සහ සුවඳ ආලේපන ආදිය මෙහි අලෙවි කෙරෙන අතර ඒ සෑම නිපැයුමක්ම ආරක්ෂිත සහ ඉස්ලාම් දහමට අනුකූලව සකසා ඇති බව මෙම වෙබ් අඩවියේ නිර්මාණකරුවන් සහතික කර තිබේ.

හලාල් ලිංගික වෙළඳසැල ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවිය මුස්ලිම් රාජ්‍යයක් වූ තුර්කියේ ආරම්භ වූ පළමු ඉස්ලාමික ලිංගික උපකරණ වෙළඳසැල ලෙස වාර්තා අතරට එක් වේ.

පිරිමි සහ කාන්තාවන් සඳහා වන උපකරණ වෙත ප‍්‍රවේශ වීම සඳහා වෙනම මාර්ග 2ක් අඩවිය තුළ ඇති අතර ඉස්ලාම් දහමට අනකූල ලිංගික හැසිරීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාද වෙබ් අඩවිය තුළ ඉඩකඩ විවර කර තිබේ.

නම් හෙළි නොකළ වෙළඳසැල නිර්මාණකරුවන් පවසා ඇත්තේ ලිංගික හැසිරීම් වලට ඉස්ලාම් දහම එරෙහි බවට පැතිරී යන මිත්‍යා මතයන් නිවැරදි කිරීම තමන්ගේ අරමුණ වූ බවයි.

කාමුක වෙළඳසැල් තුර්කිය තුළ මින් පෙර පැවතුණද කන්සර්වේටිව් මතධාරී රෙසෙප් ටායිප් එර්ඩෝගන් අගමැතිවරයා පසුගිය වසරේදී පවසන ලද්දේ ඒවා ආදර වෙළඳසැල් ලෙස යළ නම් කරන ලෙසයි.

http://lankacnews.com/sinhala/foreign-news/103190/

0 comments: