Pages

Thursday, October 17, 2013

උතුරේ තව තිදෙනෙක්‌ දිවුරුම් දෙති

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තේරී පත්වුණු තවත් මන්ත්‍රීවරුන් තුන්දෙනකු ඊයේ (16දා) දහවල් වවුනියාවේදී දිවුරුම් දී තිබේ.

ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයට අයත් කේ. සරවේස්‌වරන්, වෛද්‍ය කේ. ශිවමොහාන් සහ එම්. ත්‍යාගරාජා යන මේ මන්ත්‍රීවරුන් තිදෙනා දිවුරුම් දෙනු ලැබුවේ වවුනියාවේ නීතිඥ ටී. දයාබරන් මහතා ඉදිරියේදීය. 

දෙමළ ජාතික සන්ධානය සමග දිවුරුම් දීමේ උළෙල වර්ජනය කළ මන්ත්‍රීවරු 9 දෙනාගෙන් තවත් එක්‌ මන්ත්‍රීවරයකු පමණක්‌ ඉතිරිවී සිටින අතර ඔහු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා හමුවේ දිවුරුම්දීමට නියමිතය.

දිවුරුම් දීමේ අවස්‌ථාවට සහභාගි වූ වන්නි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්‌ති ආනන්දන් ප්‍රකාශ කළේ ලබන 25 වැනිදා උතුරු පළාත් සභාවේ කටයුතු මහා සභා වාරයත් සමග ආරම්භ වන විට දෙමළ ජාතික සන්ධානය වශයෙන් මේ සියලු දෙනා පෙනී සිටින බවයි. කිසිදු අන්දමක පිල් බෙදීමක්‌ හෝ කැඩී යැමක්‌ දෙමළ ජාතික සන්ධානය තුළ සිදු නොවන බවද ශිවශක්‌ති ආනන්දන් මන්ත්‍රීවරයා පැවසීය.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/10/17/news04.html

සබැඳි ලිපි -
[
ශිවාජි තනිවම දිවුරුම් දෙයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5495.htmlඋළෙල වර්ජනය කළ උතුරේ මන්ත්‍රීවරු කෝවිලේදී දිවුරතිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5239.htmlසම්බන්ධන් - විශ්නේෂ්වරන් සාකච්ඡා නොකර තනි තීරණ ගන්නවා. ටී.එන්.ඒ. ඔවුන්ගේ බූදලයක්‌ නොවේ - සුරේශ් ප්‍රේමචන්ද්‍රන්http://denethharinna.blogspot.com/2013/10/blog-post_8710.htmlඋතුරේ ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 20 දෙනෙක්‌ දිවුරුම් දෙති: 9 දෙනෙක්‌ මගහරිතිhttp://denethharinna.blogspot.com/2013/10/20-9.htmlඋතුරේ ඇමති ධූර - නිදහස, සංහිඳියාවෙන් ගැටළු විසඳන්නට කියන සම්බන්ධන්ගෙන් ඒකාධිපති තීරණ
http://denethharinna.blogspot.com/2013/10/blog-post_10.html
අර්බුද මැද උතුරේ ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම 11 දා
http://denethharinna.blogspot.com/2013/10/11.html

]

0 comments: