Pages

Tuesday, October 15, 2013

සම්බන්ධන් - විශ්නේෂ්වරන් සාකච්ඡා නොකර තනි තීරණ ගන්නවා. ටී.එන්.ඒ. ඔවුන්ගේ බූදලයක්‌ නොවේ - සුරේශ් ප්‍රේමචන්ද්‍රන්

දෙමළ ජාතික සන්ධානය ටී.එන්.ඒ. පක්‌ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධන් මහතාගේ බූදලයක්‌ නොවන බව ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවැසීය. 

යාපනයේ මිල්කෝ හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානය තමන්ගේ කැඳවීමකින් තොරව මහ ඇමැති විශ්නේෂ්වරන් මහතාද එක්‌කරගෙන සාකච්ඡා කර ගන්නා තීරණ නොදන්නා බවත් මෙය භයානක තත්ත්වයක්‌ මෙන්ම කොතනින් කෙළවර වෙයිද කියා තමා නොදන්නා බවත් සඳහන් කළ ප්‍රේමචන්ද්‍රන් මහතා කෙසේ වෙතත් ඉතා ඉවසීමෙන් මේ දෙස බලා සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

තම පක්‌ෂවලට අමාත්‍යධුර ලබා නොදීම නිසා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ උළෙල වර්ජනය කළ බවට දෙමළ ජාතික සන්ධානයේ නායකයන් කරන චෝදනාව අසත්‍යයක්‌ යෑයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උතුරු පළාත් සභාවට ටෙලෝ සංවිධානයෙන් තේරී පත්වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා මෙම සාකච්ඡාවට එක්‌වෙමින් පැවැසීය.

අපේ පක්‍ෂ තුනකට අයිති මන්ත්‍රීවරු දිවුරුම් දීමේ උලෙළට සහභාගි නොවුණේ ඇමැතිධුර නොලැබුණු බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරන නමුත් ඇත්ත තත්ත්වය මේක නොවේ. දෙමළ ජාතික සන්ධානයට පක්‌ෂ පහක්‌ ඇතුළත් වෙනවා. නමුත් මෑත කාලයේ සිට තීරණ ගැනීමේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‌ෂයේ කීප දෙනෙක්‌ පමණක්‌ එකතුවෙලා බොහෝ තීරණ ගන්නවා. මේක ට අපි විරුද්ධ නිසා දැන් අපෙන් පළිගන්නවා යෑයි හෙතෙම පැවැසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ශිවාජිලිංගම් මහතා - දෙමළ ජාතික සන්ධානය පක්‌ෂයක්‌ ලෙස ලියාපදිංචි කරන්න කියලා අපි කාලයක සිට ඉල්ලනවා. ඒත් මේක කරන්නෙ නෑ. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‌ෂයට දැන් වුවමනා වී තිබෙන්නේ ප්ලොට්‌, ටෙලෝ සහ ඊ.පී. ආර්. එල්. එෆ් යන සංවිධාන දියාරු කරලා දාලා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‌ෂය පමණක්‌ නැගී සිටින්නයි මේක සමස්‌ත දෙමළ ජනතාවටම විශාල අසාධාරණයක්‌.

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙනවද වෙනම පක්‌ෂයක්‌ ලියාපදිංචි කරනවද කියන ගැටලුව දැන් අපිට තියෙනවා. මේකට තියන එකම විසඳුම සම්බන්ධන් මන්ත්‍රීවරයාත්, විග්නේෂ්වරන් මහඇමැතිවරයාත් අනෙක්‌ දෙමළ දේශපාලන පක්‌ෂ සමග සුහදව කටයුතු කිරීම පමණයි. නමුත් ඒක එහෙම වෙන තත්ත්වයක්‌ පෙනෙන්නට නැහැ. අපි තව ටික කාලයක්‌ බලාගෙන ඉන්නවා වෙන්නෙ මොකද කියලා.

ප්ලොට්‌ සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා මෙසේ පැවැසීය.

අපේ දෙමළ දේශපාලන පක්‌ෂවල ඉතිහාසය ගොඩක්‌ ඈතයි. මේ පක්‌ෂ අතරේ බොහෝ අර්බුද තිබුණා. නමුත් ඒ සියල්ලම අමතක කරලා දාලා අපි දෙමළ ජාතික සන්ධානය විදිහට එකතු වුණේ දෙමළ ජනතාවගෙ සුබසිද්ධිය වෙනුවෙන්.

මෙවර දෙමළ බහුතරයක්‌ මේ දෙමළ ජාතික සන්ධානයට ඡන්දය දුන්නේ විශාල බලාපොරොත්තුවක්‌ ඇතිව. ප්‍රශ්න විසඳගන්න සාකච්ඡා තියන්න කවුරුවත් සූදානම් නෑ. හොරෙන් සාකච්ඡා තියලා ගන්න වැරදි හා තනි තීරණ නිසා තමයි මේ හැම දෙයක්‌ම සිද්ධ වෙන්නේ.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/10/14/news02.html

සබැඳි ලිපි - 
[

උතුරේ ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 20 දෙනෙක්‌ දිවුරුම් දෙති: 9 දෙනෙක්‌ මගහරිතිhttp://denethharinna.blogspot.com/2013/10/20-9.html
අඩෙයිකලනාදන් ටෙලො නායකත්වයෙන් යයි! - ටී.එන්.ඒ. පක්ෂ අභ්‍යන්තර අර්බුදය වැඩි වන ලකුණුhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_7572.html
උතුරේ ඇමති ධූර - නිදහස, සංහිඳියාවෙන් ගැටළු විසඳන්නට කියන සම්බන්ධන්ගෙන් ඒකාධිපති තීරණ
http://denethharinna.blogspot.com/2013/10/blog-post_10.html
අර්බුද මැද උතුරේ ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම 11 දා

http://denethharinna.blogspot.com/2013/10/11.html
]

0 comments: