අපට දෙපයක් හිමි වී ඇත්තේ ඇවිදීමය. ඇවිදීම අප සිරුරේ නිරෝගී බවට අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වී තිබේ. ඇවිද්ද පය දහස් වටී යෑයි අතීතයේ අපේ මුතුන්මිත්තන් පැවැසුවේ එබැවිනි. අද මෙන් යාන වාහන නොතිබුණු අතීතයේ මිනිසුන් ගමන් බිමන් යැම සඳහා බොහෝ සේ පුරුදුව සිටියේ ඇවිදීමෙනි. නමුත් අද අපි කිලෝමීටරයක් තබා මිටර් දෙසීයක පමණ වූ දුරක් වුව ගමන් කිරීමට වාහන පහසුකම් භාවිත කිරීමට හුරුව සිටින්නෙමු. එනිසා වර්තමාන සමාජයේ බොහෝ දෙනකුට එක දිගට කිලෝමීටර් 3 ක් ඇවිදීමට නොහැකියි. එසේ ඇවිදින විට හති වැටේ. සිරුරින් අධික ලෙස දහදිය දමයි. නිරෝගී පුද්ගලයකුට අඩුම තරමින් එක දිගට කිලෝමීටර් 3ක් පයින් ඇවිදීමට හැකියාව තිබිය යුතු බව වෛද්‍ය නිගමනයයි. එසේ කළ නොහැකි යනු අපගේ සිරුර නිරෝගී නැති බවය.
පරිණාමයෙන් දියුණු තත්ත්වයට පත්ව ඇති මිනිසාට දෙපයින් ඇවිදීමට දිවීමට හැකියාව ලැබී ඇත. එනිසා අපට පාද උරුම වී ඇත්තේ ඇවිදීමටය. එය අප ඉතා සරල ලෙස සිතුවත් ඇවිදීම යනු සංකීර්ණ ක්‍රියාවකි. අප ඇවිදින්නේ පොළොවේ ඇති ගුරුත්වාකර්ෂණයට එරෙහිවය. අප අඩියක් පෙරට තැබීම සඳහා ඔසවන සෑම පියවරකදීම ගුරුත්වාකර්ෂණයට එරෙහිව අපි බලයක් යොදවන්නෙමු. එනිසා නිරෝගී දිවියක් සඳහා ඇවිදීම තරම් හොඳ ව්‍යායාමයක් තවත් නැත.
වර්තමානයේ අප ගත කරන ජීවන රටාව අනුව ඇවිදීම සීමාවී ඇත. එය කොතෙක් දුරට සීමා වී ඇත්දැයි කිවහොත් අද අප බොහෝ දෙනා දෙපාවලින් කරනු ලබන වැඩිම ක්‍රියාව වනුයේ වාඩි වී හිඳ දෙපා දෙපසට සෙලවීම පමණි. එනිසා අපගේ ශරීරයේ ඇති ප්‍රධාන ඉන්ද්‍රියන් සියල්ලම නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා රෝගී වන්නට පටන්ගෙන ඇත. දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් අධික බව, හතිය, ආතරයිටිස්, ගැස්‌ට්‍රයිටීස් ඇතුළු රෝග ඇතිවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ නිසි ලෙස ඇවිදිමින් සිරුරට අවශ්‍ය ව්‍යායාම ලබා නොදීමය.
මෙලොව උපදින සෑම පුද්ගලයකුම තම ජීවිත කාලය තුළ අප ජීවත්වන පෘථිවියේ වට ප්‍රමාණය මෙන් එකහමාරක දුර ප්‍රමාණයක් ඇවිදිය යුතුය. නමුත් වත්මන් ජීවන රටාව අනුව අපගේ ඇවිදීම සිමාවී තිබීමෙන් එම දුර ප්‍රමාණය ඇවිදීමට නොහැකි වී තිබේ. එනිසා දැන් අපි ව්‍යායාමයක් ලෙස ඇවිදීමට යොමුවී සිටින්නෙමු.
ඇවිදීම ව්‍යායාමයක් ලෙස සිදුකිරීමට යොමු වී ඇති බහුතරයකගෙන් ඔබ ඇවිදින්නේ ඇයිදැයි කියා විමසූවිට පවසන්නේ සිරුරේ කොලෙස්‌ටරෝල් ප්‍රමාණය වැඩි වී ඇතැයිද, අධික තරබාරුවෙන් පෙළෙනවා යෑයි ද ආදී ලෙඩ රෝග නිසා ඇවිදින බවකි. ඉතිං, ලෙඩ රෝග පාලනය කර ගැනීමට ව්‍යායාමයක් ලෙස ඇවිදීම සිදුකිරීමේදී සාමාන්‍ය ලෙස ඇවිදීම තුළින් එම ලෙඩ රෝග පාලනය කරගත නොහැකිය. සාමාන්‍යයෙන් ඇවිදින වේගයට වඩා සියයට විස්‌සක් (20%) වේගයෙන් ඇවිදීම සිදු කළ යුතුය.
ඇවිදින විට පාද පොළව මත පතිත වන ලෙස ඇවිදීම කළ යුතුය. දෑත් දෙපසට පද්දවමින් බෙල්ල පහත් කරගෙන බිම බලාගෙන වටපිට බලමින් ඇවිදීමෙන් එය සිරුරට ව්‍යායාමයක් බවට පත් නොවේ. හිස කෙළින් තිබිය යුතුය. ඇස් අංශක 90 කෝණයකින් ඉදිරිපස බලමින් ගමන්කළ යුතුය. දෑත්ද අංශක 90 කට නවාගෙන උරහිසින් ඉදිරියට සහ පසුපසට විහිදුවමින් ඇවිදිය යුතුය.
ඇවිදිනවිට කමින් හුස්‌ම නොගත යුතුය. නාසයෙන් හුස්‌ම ගනිමින් පෙනහළු වෙත හොඳින් පිරිසිදු වාතය ලබාදිය යුතුය. ඇතැම් දෙනා ඇවිදින්නේ පාද දෙපසට තබමින් තාරාවන් මෙනි. එසේ ඇවිදීමෙන් අප සිරුරේ ඉන්ද්‍රියයන් නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. ඉන් සිදුවන්නේ දෙපාවල මස් පිඬු අනවශ්‍ය ලෙස ඇදීමට ලක්‌වීම, කොඳු ඇට පෙළ අස්‌ථි ඇදීමට ලක්‌වීම ආදියයි.
ව්‍යායාමයක් ලෙස ඇවිදීම වඩාත් සුදුසු වන්නේ සාමාන්‍ය පරිසරයේ ගමන් කිරීමය. ඇවිදීම සඳහා ඇති උපකරණ මත (ඔයරුadපසකක) සිදු කරනු ලබන ඇවිදීමෙන් සිදුවන්නේ ඇවිදීමක් නොව අප අශ්වයින් මෙන් සිරුර ඉහළ පහළ දැමීමකි. දෙපා අඩිය පොළවට තබමින් කොන්ද කෙළින් තබාගෙන ඇවිදීම ඉතා නිවැරදි ඇවිදීම ලෙස වෛද්‍ය පිළිගැනීමයි.
ශ්‍රී ලංකාවේ අප ඇවිදීම ව්‍යායාමයක් ලෙස සිදුකරන විට ඒ සඳහා අඳින පළදින ඇඳුම්, පැළඳුම් සපත්තු ගැනද වඩාත් සැලකිලිමත් විය යුතුය.
ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටකි. එනිසා උෂ්ණත්වය ඉහළ මට්‌ටමක පවතී. එනිසා සිරුරින් පිටවන දහදිය උරා ගන්නා කපු ඇඳුම් භාවිත කළ යුතුය. ඇඟට තදවූ නයිලෝන් ඇඳුම් ඇඳගෙන හිසට දැතට පටි බැඳගෙන විලාසිතා සහිතව ඇවිදීමෙන් සිදුවන්නේ සිරුරේ උෂ්ණත්වය ඉහළ ගොස් වකුගඩුවලට බලපෑම් ඇතිවීමය. එනිසා නිරෝගි වන්නට ව්‍යායාමයක් ලෙස ඇවිදින්නට ගොස් තවත් ලෙඩ රෝග ඇති කර ගැනීමෙන් වැළකිය යුතුය.
හිරු එළිය හොඳින් ඇති විට ඇවිදින විට සුදු පැහැති ඇඳුම් ඇඳීමෙන් හිරු එළිය පරාවර්තනය වන නිසා අධික උෂ්ණත්වයක් සිරුරට ඇති නොවේ.
ඇවිදීම සඳහා පාවහන් භාවිතා කිරීමේදී තෝරා ගත යුත්තේ එහි අඩිය එබෙන සුලු සහ දෙපාවල ඇඟිලි සහ සපත්තුවේ ඉදිරි කෙළවර අතර අඟල් 1/2 ක පමණ පරතරයක් සහිත ප්‍රමාණයෙන් යුත් පාවහන්ය.
පැළඳිය යුතු මේස් වර්ගය වනුයේද කපුවලින් නිපදවූ ඒවාය. එසේ නොවුනහොත් ව්‍යායාම කිරීමේදී දෙපාවල ඇතිවන අධික උෂ්ණත්වය නිසා ඇඟිලි තැම්බීමකට ලක්‌වේ.
ව්‍යායාමයක් ලෙස ඇවිදීමේදී සිරුරින් අධික ලෙස දහදිය පිට වේ. එනිසා සිරුර විජලනයෙන් ආරක්‌ෂා කරගත යුතුය. ඇවිදීමට පෙර, ඇවිදින විට සහ ඇවිදීම අවසන් කළ පසු ජලය කුඩා කෝප්පයක් බැගින් පානය කිරීමට හුරු විය යුතුය.
මෙලෙස ව්‍යායාමයක් ලෙස නිවැරදිව ඇවිදීමට හුරුවීමෙන් අප බලාපොරොත්තු වන සිරුරේ නිරෝගී බව ලබාගත හැකිය.
එසේම මෙලෙස ඇවිදීමට හුරුවීමෙන් අපට ඉතා පහසුවෙන් එකදිගට කිලෝමීටර් 3 ක් වෙහෙසකින් තොරව පයින් ඇවිදීමට හැකිවේවි. එසේ ඇවිදිaaනවිට අපට හතිය ඇති නොවේ. අධික ලෙස දහදිය නොදමයි. එය ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්වීමෙන් අපට ඉතා පහසුවෙන් තවත් කිලෝමීටර් ගණනක් ඇවිදීමට හැකියාව ලැබේ. එනිසා ඇවිදීම නිවැරදිව සිදුකිරීමෙන් ඔබ බලාපොරොත්තුවන නිරෝගී බව ලබාගත හැකිය.
උපදෙස්‌ඃ- එක්‌සත් රාජධානියේ ක්‍රීඩා වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න
උපාලි ද සේරම්
http://www.divaina.com/2013/10/20/feature09.html

0 comments:
Post a Comment