Pages

Monday, October 28, 2013

ගෝඨාභයගේ නම විකිණූ 'කරීම් මොහොමඩ්' රිමාන්ඩ්

ආරක්‍ෂක ලේකම්වරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස රඟපාමින් ඇටම්පිටිය පොලිසියේ අත්අඩංගුවේ සිටි පුද්ගලයකු ඉන් මුදා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු ඇටම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පෙරේදා (24 දා) හවස වැලිමඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වැලිමඩ මහෙස්‌ත්‍රාත් නිලුපුලී උදයාංගනී ලංකාපුර මෙනවිය නියෝග කළාය.

වැලිමඩ නගරයේ වෙළෙඳ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යනු ලබන එම්. එන්. කරීම් මොහොමඩ් නමැති අයකු මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

අධික ලෙස බීමතින් සිටි පුද්ගලයකු ඇටම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පුද්ගලයා පිළිබඳව තොරතුරු විමසීමේදී මොහු අධිකරණය මගහරිමින් කට්‌ටි පනිමින් සිටින වරෙන්තුකරුවකු බව දැන ගැනීමෙන් පසු එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස්‌ කූඩුවට දමා තිබේ. 

මෙසේ පොලිස්‌ කූඩුවට දැමූ පුද්ගලයා නිදහස්‌ කරන ලෙසත් තමන් ආරක්‍ෂක ලේකම්වරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසත් පවසා පොලිස්‌ කූඩුවේ සිටි පුද්ගලයා මුදා ගැනීමට මෙම පුද්ගලයා උත්සාහ කර ඇත.

පසුව ඔහුගෙන් සම්බන්ධීකරණ ලේකම්වරයාට අයත් හැඳුනුම්පත ලබාදෙන ලෙස පොලිස්‌ නිලධාරීන් කළ ඉල්ලීමකදී එම පුද්ගලයා පොලිස්‌ නිලධාරීන්ට ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජික කාඩ්පතකි. මෙය ලබාදීමෙන් පසු මෙම පුද්ගලයා ව්‍යාජ පුද්ගලයකු බවත් පොලිසිය රැවටීමට උත්සාහ කළ බවත් අනාවරණයවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

බණ්‌ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස්‌ පරිදි ඇටම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ටී. එම්. කරුණාතිලක මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.

කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩාරවෙල, ඇටම්පිටිය - එස්‌. එම්. ජයසුන්දර
http://www.divaina.com/2013/10/26/news19.html

0 comments: