Pages

Wednesday, October 23, 2013

බුද්ධ දේශනාවට අනුව සුරාව සූදුව සමාජගත කරන්නේ වසලයන් සත්‍ය වසන් කිරීම තරම් තවත් පාපයක්‌ නැහැ - රතන හිමි

පංච බල කේන්ද්‍රය මගින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කරන බවට මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ සඳහන් වුවත් කැසිනෝ, මත්ද්‍රව්‍ය, මිනිස්‌ ජාවාරම්, ගණිකා වැනි දැ යම් පිරිසක්‌ රට සංවර්ධනය කිරීමේ කේන්ද්‍ර බවට පත්කරගෙන ඇති දැයි සැකයක්‌ තිබෙන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

සුරාව සූදුව සමාජගත කරන්නේ වසලයන් බවට බුදුන් දේශනා කර ඇති බවත් සූදු පනත ඉවත් කර ගැනීමෙන් ජනාධිපති වසලයෙක්‌ නොවන බව රටට පෙන්වූ බවද ඊයේ (22 දා) බත්තරමුල්ල පක්‍ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවැසූහ.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද කීහ.

සූදු පනත ආණ්‌ඩුව හකුලා ගත්තා. එය ජාතික හෙළ උරුමය ලැබූ ජයක්‌. ඒවගේම පනතට එරෙහි වූ ආගමික නායකයන්, විද්වතුන් ඇතුළු සියලුම දෙනා ලැබූ ජයග්‍රහණයක්‌.

ගැසට්‌ නිවේදනය ඉදිරිපත් කිරීමේ අභිප්‍රාය වුණේ කැසිනෝ ව්‍යාපාරය එක්‌ තැනකට ගෙන ඒමයි. සත්‍ය වසන් කරමින් හෝටල් කාමර හදන මුවාවෙන් පනත ගෙනනවා. සත්‍ය වසන් කිරීම තරම් තවත් පාපයක්‌ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කළා.

ගණිකා ව්‍යාපාරය, සුරාව, සූදුව රටක වගේම සමාජයක පරාභවයට හේතු වෙනවා. යම් පාලකයෙක්‌ සුරාව සූදුව නීතිගත කරනවා නම් ඒ පාලකයා පරාභවයට යනවා. සුරාව සූදුව සමාජ ගත කරනවා නම් ඔවුන් වසලයින් වෙනවා. ජනාධිපතිවරයා මේ සූදු පනත ඉවත් කරගෙන වසලයෙක්‌ නොවන බවට පෙන්වූවා. ඇමැති මණ්‌ඩලයේදී මේ පනත ගෙන නොඒමට තීරණය කර තිබියදී ඒ එකඟතාව නොසලකා හැර රාජ්‍ය නිලධාරීන්ගේ උවමනාව මත ගැසට්‌ නිවේදනය නිකුත් කළා. රාජ්‍ය නිලධාරීන් රජය හැසිරවීමේ බලය අතට ගෙන තිබෙනවා.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා - රටේ ආර්ථිකය දියුණු කළ හැක්‌කේ මහින්ද චින්තනයේ සඳහන් පංච කේන්ද්‍රය මගින් නොව කැසිනෝ කේන්ද්‍රය, මත්ද්‍රව්‍ය කේන්ද්‍රය වැනි දේවලින් කියා සමහරු හිතනවා. ආර්ථිකය වර්ධනය කරගත හැක්‌කේ දේශීය නිෂ්පාදන ඇතුළු නවෝත්පාදන ක්‍රමයකින් පමණයි. ලෝකයේ කිසියම් රටක රට අභ්‍යන්තරයේ කැසිනෝ නගර පිහිටුවා නැහැ. චීනය, ඉන්දියාව, ඇමරිකාව, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු හැම රටකම කැසිනෝ මධ්‍යස්‌ථාන පිහිටුවා ඇත්තේ නගරයෙන් පිට ස්‌ථානවලයි. අපේ රටේ නගරය මැද්දෙම පිහිටුවන්න හදනවා.

කැසිනෝ පනත ගෙනාවේ බදු පනත් 10 ක්‌ අක්‍රිය කරලයි. මේ නිසා බුලත්විට කඩයකින් ගෙවන බද්දක්‌වත් මේ කැසිනෝ වලින් අය කරන්නේ නැහැ. මේක තුළින් කළුකඩ මාµsයාවක්‌ බිහි වෙනවා. ආණ්‌ඩු පිහිටුවීමේත් මාධ්‍ය හැසිරවීමේත් සමාජය හැසිරවීමේත් පාලකයා බවට කළු සල්ලිකාරයින් පත් වෙනවා.

පළාත් සභා ඇමැති උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - කැසිනෝවලට බදු සහන දෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි. වෙන රටවල් මෙවැනි දේවල්වලින් බදු උපයාගන්නවා. සමාගම් ආදායම් බද්දෙන් වසර 10 ක්‌ බදු නිදහස්‌. ඉන් පසුව බදු සහන. ඇමැතිවරුන්ගේ වැටුපෙන් පවා ආණ්‌ඩුව උපයනවිට ගෙවන බද්ද අය කළත් ඡේම්ස්‌ පැකර්ගේ කැසිනෝ ආයතනයේ සේවක වැටුපෙන් ඒ බදු නිදහස්‌ කරලා. ඉදිරියේ දී ඇමැතිවරු ඇමැතිකම් අතහැරලා පැකර් ළඟ වැඩට යාවි.

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌විය.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/10/23/news28.html

සබැඳි ලිපි -
[
සල්ලිවලට ආදරය කරන අය කැසිනෝ පනතට පක්‍ෂව අත උස්‌සයි - ගම්මන්පිල
http://denethharinna.blogspot.com/2013/10/blog-post_6940.html
]

0 comments: