Pages

Saturday, October 19, 2013

'මෙරට මත්ස්‍ය සම්පත පැහැර ගැනීම' - විගී, මේ ගැන නිහඬ ඇයි? ඉන්දීය ධීවරයෝ 32ක්‌ පුල්මුඩේ දී දැලේ

නීති විරෝධී ලෙස මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 32 දෙනකු ඊයේ (17 වැනිදා) අලුයම පුල්මුඩේ මුහුදු සීමාවේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ධීවරයන් බහුදින ධීවර යාත්‍රා 4 ක්‌ සමග පුල්මුඩේ ප්‍රදේශයට ඊසාන දෙසින් මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය "දිවයින"ට පැවසීය.

ත්‍රිකුණාමල වරායට මෙම ධීවරයන් රැගෙන ඒමෙන් පසු වැඩිදුර පරීක්‍ෂණ සඳහා ත්‍රිකුණාමලය පොලිසියට භාරදීමට නියමිතය.

ලසිත දුමින්ද
http://www.divaina.com/2013/10/18/news10.html

0 comments: