Pages

Tuesday, October 15, 2013

ශිවාජි තනිවම දිවුරුම් දෙයි

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තේරී පත්වුණු එම්. කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඊයේ (14 දා) පෙරවරු 10.30 ට මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේදී ආචාර්ය පෙරුමාල් මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

දෙමළ ජාතික සන්ධානය යටතේ ටෙලෝ සංවිධානයෙන් උතුරු පළාත් සභාවට තරග කළ එම්. කේ. ශිවාජිලිංගම් මහතා තනිවම දිවුරුම් දුන්නේ මන්දැයි "දිවයින" විමසූ අවස්‌ථාවේදී ඔහු කියා සිටියේ දිවුරුම් නොදුන් මන්ත්‍රීවරුන් 9 දෙනකු ඊයේ දිවුරුම් දීමට නියමිතව සිටියද ඔවුන් විවිධ හේතූන් ඉදිරිපත් කරමින් දිවුරුම් දීමේ උළෙල කල් දමන්නට වූ නිසා තමන් නියමිත පරිදි දිවුරුම් දුන් බවයි.

උතුරු පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දුන්නේ පසුගිය 11 වැනිදා යාපනයේ වීරසිංහම් ශාලාවේදීය. ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ මන්ත්‍රීවරුන් 5 දෙනකුද, ප්ලොට්‌ හා ටෙලෝ සංවිධානවල මන්ත්‍රීවරුන් දෙදෙනා බැගින් 4 දෙනකු ද මෙම දිවුරුම් දීමේ උළෙල වර්ජනය කොට තිබිණි.

වර්ජනය කළ පිරිස ඊයේ මුලතිව් වට්‌ටුවැල් හින්දු කෝවිලේදී දිවුරුම් දීමට නියමිතව තිබුණ ද එම දිවුරුම් දීමේ උළෙල කල් දැමූ බව ඊ. පී. ආර්¾ එල්. එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා පැවසීය.

දිවුරුම් දීමේ උළෙල කල් දැමීමට හේතුව වශයෙන් ඔහු කියා සිටියේ පසුගිය 12 වැනිදා මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මුහුද රළු වීමෙන් ධීවරයන් විශාල පිරිසක්‌ පීඩාවට පත්වී සිටීම නිසා දිවුරුම් දීමේ උළෙල කල් දැමූ බවය.

කෙසේ වෙතත් උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සම්බන්ධයෙන් ඇති වූ විවිධ ආරවුල් මත මේ වන විට දෙමළ ජාතික සන්ධානය ප්‍රධාන වශයෙන් පිල් තුනකට බෙදුණු තත්ත්වයක්‌ උද්ගත වී තිබේ.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/10/15/news09.html

සබැඳි ලිපි -
[

උළෙල වර්ජනය කළ උතුරේ මන්ත්‍රීවරු කෝවිලේදී දිවුරතිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5239.htmlසම්බන්ධන් - විශ්නේෂ්වරන් සාකච්ඡා නොකර තනි තීරණ ගන්නවා. ටී.එන්.ඒ. ඔවුන්ගේ බූදලයක්‌ නොවේ - සුරේශ් ප්‍රේමචන්ද්‍රන්http://denethharinna.blogspot.com/2013/10/blog-post_8710.htmlඋතුරේ ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 20 දෙනෙක්‌ දිවුරුම් දෙති: 9 දෙනෙක්‌ මගහරිතිhttp://denethharinna.blogspot.com/2013/10/20-9.htmlඋතුරේ ඇමති ධූර - නිදහස, සංහිඳියාවෙන් ගැටළු විසඳන්නට කියන සම්බන්ධන්ගෙන් ඒකාධිපති තීරණ
http://denethharinna.blogspot.com/2013/10/blog-post_10.html
අර්බුද මැද උතුරේ ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම 11 දා
http://denethharinna.blogspot.com/2013/10/11.html
]

0 comments: