Pages

Tuesday, October 29, 2013

බොඳ වී යන රාවනා ඇල්ලේ සුන්දරත්වය

සංචාරක කර්මාන්තය විදේශ විනිමය රටට ගලා එන තවත් එක්‌ ප්‍රබල මාධ්‍යයක්‌ වී තිබේ. රජය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා සුවිශේෂ අවධානයක්‌ යොමු කර ඇති අතර විවිධ ක්‍රමෝපායන් ක්‍රියාවට නන්වමින් සිටියි.

ඉකුත් 2012 වසරේදී මෙරටට පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව දස ලක්‍ෂයකට ළඟා වූ 950.000 කි. මෙම සංඛ්‍යාව 2011 වසරට වඩා 17% ක වර්ධනයෙනි. සංඛ්‍යාත්මකව එම අගය 855.957 කි. 2012 වසර ලබා ඇති විදේශ විනිමය බිලියනයක්‌ වී ඇත. 2016 වසර වන විට විදේශ සංචාරකයන් මිලියන 2.5 ක්‌ ගෙන්වා ගැනීම ඉලක්‌කය වී තිබේ.

බොහෝ විදේශ සංචාරකයෝ මෙරට ඇති ස්‌වභාවික සුන්දර ස්‌ථාන දැකබලා ගැනීමට බෙහෙවින් ප්‍රියකරති. ඔවුහු ඉතා දුෂ්කර මාර්ග ඔස්‌සේ සැතපුම් ගණනාවක්‌ පා ගමනින් එවැනි ස්‌ථාන සොයා යන අන්දම දැක සිටිමු.

ඌව පළාත ද විදේශීය සහ දේශීය සංචාරකයන් ප්‍රියකරණ පියකරු ප්‍රදේශයෙකි. විශේෂයෙන් ඌව පළාතේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයට පැමිණෙන සංචාරකයෝ උස්‌ කඳු මුදුන්වල සිට ඇඳ හැලෙන සුන්දර දිය ඇලි නැරඹීමට කිසිවිටෙක අමතක නොකරති.

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹර කන්ද දියඇල්ල (උස මීටර 241) ඇතුළු දියඇලි රැසක්‌ම බදුල්ල දිස්‌ත්‍රික්‌කය පුරා විවිධ ප්‍රදේශවල පිහිටා ඇත. දුන්හිඳ දිය ඇල්ල, දියලුම දිය ඇල්ල, රාවණා දිය ඇල්ල, පීස්‌ස දිය ඇල්ල ප්‍රධාන තැනක්‌ ගනී.

මේ පුවත ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව පිහිටි රාවණා ඇල්ල පිළිබඳවයි. මෙම දිය ඇල්ල දර්ශනීය ඇල්ල දොaණිය" ආශ්‍රිතව ඇල්ල වැල්ලවාය ප්‍රධාන බස්‌ මාර්ගයට සමීපව ගලා යමින් පවතී. එනිසාම මෙකී දියඇල්ල දෙස්‌ විදෙස්‌ සංචාරකයන් පිරී ඉතිරී ගිය ස්‌ථානයක්‌ වී තිබේ.

සුදොa සුදු පෙන පිඬු නංවා සාඩම්බරව කිරිඳිඔය බලා සිලිසි හඬින් ගලා හැලෙන දියඇල්ල නරඹා සතුටුවන පිරිස්‌ අවට පරිසරයේ ඇති කෘත්‍රිම අසුන්දර පරිසරය දැක කණගාටුවට පත්වෙති. දියඇල්ලේ සුන්දරත්වය හා ස්‌වභාවික පරිසරය විවිධ පුද්ගලයන්ගේ සහ විවිධ ආයතනයන්ගේ මැදිහත්වීම මත විනාශයට පත් කර තිබීම ඊට හේතුවී තිබේ.

විශේෂයෙන්ම දියඇල්ල පාමුල ප්‍රදේශයේ සවිකර ඇති සුවිසල් ප්‍රචාරක සහ දැන්වීම් පුවරු මෙන්ම අලෙවි කුටි පාරිසරික ලෙස අසුන්දර බව ගොඩ නැගීමට දායක වී තිබේ. කලකට පෙර එක්‌තරා ව්‍යාපෘතියක මැදිහත්වීම මත අලෙවි කුටි රැසක්‌ වෙළ¹ම පිණිස ඉඳිකරදුන් අතර ඒවා සියල්ල මේ වනවිට අබලන් තත්ත්වයට පත්වී තිබේ. ඉන් වැඩි සංඛ්‍යාවක්‌ කිසිඳු භාවිතයක්‌ නොමැතිව වසා දමා ඇත.

දියඇල්ල පාමුල සවිකර ඇති පුවරු සංඛ්‍යාවද විශාල ගණනකි. ඉන් සමහරක්‌ දිරාපත්වී ඇතත් ඉවත් කිරීමට පවා කටයුතු කර නොමැත.

දියඇල්ල ආශ්‍රිතව පවතින ගල්කුළු රැසකි. පසුගිය මැතිවරණ සමයේ ඡන්ද අපේක්‍ෂකයන්ගේ නම් සහ මනාප අංක ලිවීම නිසා එම ගල්කුළු සියල්ලද දස වසරකට අධික කාලයක්‌ දියඇල්ලට ගෙනදී ඇත්තේ අසෝබන තත්වයෙකි.

දේශීය සහ විදේශීය සංචාරක පිරිස්‌ ප්‍රකාශ කර සිටින්නේ දිය ඇල්ල අශ්‍රීතව පවතින අසෝබන පරිසරය නිසාම සිහිවටනයක්‌ ලෙස ඡායාරූපයක්‌ පවා ගැනීම නිෂ්පල කරුණක්‌ වී ඇති බවයි.


රාවණාඇල්ල ස්‌වභාවධර්මයාගේ මහඟු පරිත්‍යාගයෙකි. එහි ඇති සුන්දර බව විඳ ගැනීමට මිස විනාශ කිරීමට කිසිවකුට අයිතියක්‌ නොමැත. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා මෙවැනි ස්‌වභාවික පරිසරයන් ස්‌වභාවික ලෙස පැවැතීමට ඉඩදිය යුතුවේ. මෙකී ස්‌ථානයේ සුන්දර බව යළි ස්‌ථාපිත කිරීමට වගකිව යුතු පිරිස්‌ කටයුතු කළ යුතු බව පරිසර හිතකාමී සංචාරකයෝ පෙන්වා දෙති.

බදුල්ල  එච්. එම්. සමරකෝන් බණ්‌ඩාර
http://www.divaina.com/2013/10/29/news35.html

0 comments: