Pages

Saturday, October 19, 2013

හජ්ජි සමරන්න ගවයන් නොමරා ආගමික සහජීවනය පෙන්වන්න - දයාරතන හිමි

2013/10/16 දිනට යෙදී ඇති ඉස්ලාම් බැතිමතුන්ගේ හජ්ජි උත්සවය නිමිත්තෙන් සිදු කරන ගව ඝාතන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා සියලූ ජාතීන් අතර ආගමික සහජීවනය ඇති කරන ලෙස සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කිසිම ආගමකට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම සියලූ ජාතීන් නියෝජනය කරන බැතිමතුන්ගේ වගකීමක් වන බවත් ආගම් අතර සහජීවනය ඇති වූ විට ජාතික සමගිය ස්ථාපිත කිරීමට හැකි බවත් උන්වහන්සේ සදහන් කරති.

‘හින්දු බැතිමතුන්ගේ පූජනීය වස්තුවක් ලෙස සලකන ගව සම්පත ආරක්ෂා කරලීම මහගු පුණ්‍ය කර්මයක්. මුළු රටේම ගොවි ජනතාවගේ ජන ජීවිතය සාර්ථක කර ගැනීම සදහා දායකත්වයක් දක්වන ගව සම්පත ආරක්ෂා කර දීම සියලූ දෙනාටම පැවරී ඇති වගකීමක්’ යයිද උන්වහන්සේ කීහ.

මේ සම්බන්ධව පොලිස්පතිවරයාගේ විශේෂ අවධානයක් යොමුකර සාමකාමී සාධාරණ විසදුමක් ලබාදෙන ලෙසද ඒ හිමියෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

http://lankacnews.com/sinhala/news/102900/

0 comments: