Pages

Wednesday, October 16, 2013

විග්නේශ්ට ඉන්දියාවෙන් ඇරයුම්

උතුරු පළාත් සභා මහ ඇමැති සී.වී විග්නේශ්වරන් මහතාට ඉන්දියාවට පැමිණෙන ලෙස ඉන්දීය රජය ඇරයුම් කර ඇත.

මේ සඳහා නිල ඇරයුම ලබන සතියේදී ඉන්දීය රජය විසින් විග්නේශ්වරන් මහතා වෙත එවීමට නියමිතය.

විග්නේශ්වරන් මහතාට ඉන්දියාවට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇත්තේ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහභාගි විය යුතුද නැද්ද යන්න ගැන උතුරේ ජනතාවගේ අදහස්‌ විමසීමට හා උතුර නගාසිටුවීම සඳහා අරමුදල් සැපයීම ඇතුළු කරුණු ගැන සාකච්ඡා කිරීමට යෑයි ද ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී.

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව කැනඩාව මෙන් වර්ජනය කිරීමට ඉන්දීය රජය ක්‍රියා කළ යුතු බවට ද්‍රවිඩ සංධානය ඉන්දියාවෙන් ඉල්ලා ඇත.

පොදු රාජ්‍ය මණ්‌ඩල පිළිවෙත් උල්ලංඝනය කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ නිසා එය වර්ජනය කිරීමට පියවර ගත යුතු බව ද්‍රවිඩ සංධානය තවදුරටත් දන්වා තිබේ.

මේ අතර උතුරු පළාත් සභාවේ මුල්ම රැස්‌වීම ඔක්‌තෝබර් 25 දා පෙරවරු 9.30 ට කයිට්‌ස්‌ හිදී ආරම්භ වේ.

මෙම මංගල රැස්‌වීමේදී අර්බුදකාරී තත්ත්වයක්‌ මතුවීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග පවසයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/10/16/news06.html

0 comments: