Pages

Tuesday, October 29, 2013

මර්කල් ගැන ඔත්තු බලන බව ඔබාමා දැනසිටලා

මර්කල් ගැන ඔත්තු බලන බව ඔබාමා දැනසිටලාජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් මහත්මිය පිළිබඳව ඔත්තු සෙවීමේ කටයුතු පිළිබඳව ඇමරිකානු ජනාධිපති බරැුක් ඔබාමා 2010 පමණ සිට දැනගෙන අතැයි ජර්මානු පුවත්පතක් විසින් අනාවරණය කර තිබේ.

බ්ලිඞ් ඇම් සොන්ටැග් පුවත්පත වෙත තොරතුරු ලබාදුන් නම් හෙළි නොකළ ජාතික ආරක්ෂක ඒජන්සියේ නිලධාරියෙකු පවසා ඇත්තේ 2010දී ජාතික ආරක්ෂක ඒජන්සියේ ප‍්‍රධානි කීත් ඇලෙක්සැන්ඩර් ඇන්ජලා මර්කල්ගේ තොරතුරු ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ විට එයට එරෙහි වීම වෙනුවට ඉදිරියට ගෙන යාමට ඔබාමා දිරිදුන් බවයි.

මින් පෙර තමන් පිළිබඳ ඔත්තු බැලීම පිළිබඳව ජර්මානු චාන්ස්ලර්වරිය ඇමරිකානු ජනාධිපතිවරයා විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව නොදන්නා බවත් දැන සිටියේනම් එය නැවැත්වීමට කටයුතු කරන බවයි.

මෙම මෙහෙයුම ජර්මනියේ බර්ලින් අගනුවර හදවතේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සිව්වන මහලේ සිට මෙහෙයවා ඇති අතර අත්පත් කරගන්නා සියලූ සන්නිවේදනයන්හි තොරතුරු සාමාන්‍ය ක‍්‍රියා පටිපාටියෙන් බැහැරව සෘජුව ධවල මන්දිරයට යවන ලද බව පැවසේ.

චාන්ස්ලර්වරියගේ පුද්ගලික ජංගම දුරකථනය මෙන්ම පක්ෂය මගින් ලබාදුන් රාජකාරි දුරකථනයද චරපුරුෂ නිරීක්ෂණයට හසුව තිබූ අතර ආරක්ෂිත කේත ක‍්‍රමයකින් සන්නිවේදනය කරන දුරකථනය පමණක් ඔවුන්ගේ ග‍්‍රහණයෙන් නිදඑස්ව පැවති බව පුවත්පත හෙළි කරයි.

මෙම තොරතුරු ජාතික ආරක්ෂක ඒජන්සියේ මාධ්‍ය ප‍්‍රකාශිකාවක් විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයි වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/103639/

සබැඳි ලිපි -
[
ඇමරිකාව ලෝක නායකයන් 35 දෙනෙකු ගැන ඔත්තු බලලාhttp://denethharinna.blogspot.com/2013/10/35.html
ඔත්තු බලන ඇමරිකාවට එරෙහි යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මතයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_7805.html
මේක පුදුම ලෝකයක්! ඇමරිකානු රහස්‌ ඔත්තු සේවය ජර්මානු චාන්සලර්ගේ ජංගම දුරකථනයටත් සවන් දීලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_9627.html
]

0 comments: