Pages

Saturday, October 19, 2013

දුම්බීම නිසා පෙනහළු සහ මුඛ පිළිකා රෝගීන්ට ලක්‍ෂ 150 ක්‌ වැය වෙනවා - මෛත්‍රි

දුම්බීම නිසා පෙනහළු සහ මුඛ පිළිකාවලට ගොදුරුවන රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීම සඳහා වැයකරන මුදල ලක්‍ෂ 150 ක්‌ පමණ වනවා. එච්චර මුදලක්‌ වැය කළත් ඒ රෝගියාගේ ජීවිතය බේරාගන්න බැහැ. ඔහු අවසානයේ මරණයට පත්වෙනවා යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස්‌ පළ කළේ පසුගියදා අරලගංවිල ප්‍රජා සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ පැවැති උත්සවයක්‌ අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ඒ මහතා මෙසේද කීවේය.

නිවාඩු කාලයක්‌ ආපුවාම අපේ දරුවෝ අධ්‍යාපන චාරිකා යනවා. බොහෝ විට කොළඹ ගෙනිහිල්ලා පාර්ලිමේන්තුව, දෙහිවල සතුන් වත්ත, ග්‍රහලෝකාගාරය, වරාය වගේ තැන් පෙන්වනවා. මම අධ්‍යාපන ඇමැතිතුමාට යෝජනා කළා ඒ ගමන්ම පාසල් දරුවන්ට මහරගම පිළිකා රෝහලත්, අංගොඩ මානසික රෝහලත් බලන්න යන්න උපදෙස්‌ දෙන්න කියලා. ඇයි මම එහෙම කිව්වේ. අංගොඩ මානසික රෝහලට ගියපුවාම ඒකේ ඇතුලේ කාමරවල දොස්‌තර මහත්වරු, ඉංජිනේරු මහත්වරු, නීතිඥයෝ, ගුරු මහත්වරු, බොහොම ලස්‌සන වයසේ දරුවෝ, ඡන්දය ඉල්ලපු අය හැම කෙනෙක්‌ම මේක ඇතුලේ ඉන්නවා.

ඒ වගේම තමයි මහරගම පිළිකා රෝහලේ වැඩිහරියක්‌ පිරිලා ඉන්නේ දුම්බීම නිසා පිළිකා හැදුන රෝගීන්. මුඛ පිළිකා, පෙනහළු පිළිකා, බඩවැලේ පිළිකා වගේ පිළිකා රැසක්‌ දුම්බීම නිසා ඇතිවෙනවා. එතකොට මේ පිළිකා රෝගීන්ට අපි දෙන එක ඉන්ජෙක්‌ෂන් එකක්‌ රුපියල් ලක්‍ෂ 03 ක්‌ පමණ වෙනවා. අවුරුද්දකට මේ එක රෝගියෙකුට අපි ලක්‍ෂ 144 ක්‌ 150 ක්‌ පමණ වැය කරනවා. නමුත් එපමණ මුදලක්‌ වැය කළත් ඒ පිළිකා රෝගියා සුවපත් කරන්න බැහැ. අවසානයේ දුම්බීම නිසා පිළිකා හදාගත් ඒ රෝගියා මරණයට පත්වෙනවා.

කොළඹ ජාතික රෝහලේ වාට්‌ටු 04 ක්‌ තියෙනවා. ඒ වාට්‌ටුවල ඉන්නේ වයස අවුරුදු 35-40 අතරේ පුද්ගලයින්. මම ළඟදී මගේ හිතවත් විශ්‍රාමික විදුහල්පතිවරයෙක්‌ බලන්න ජාතික රෝහලේ ඒ වාට්‌ටුවට ගියා. මේ වාට්‌ටු 03-04 ක ඉන්නේ අවුරුදු 35-40 අතර අය. ඒ සියලුම දෙනා දුම්බීම නිසා අංශභාගය හැදිච්ච අය. ඒ වගේම තමයි පොළොන්නරුවේ වාට්‌ටු කිහිපයක්‌ තියෙනවා. ඒ වාට්‌ටුත් පිරිලා තිබෙන්නේ දුම්බීම නිසා ලෙඩවෙච්ච අයගෙන්. මේ ළඟදී මම ඉතාලියට ගියපු වෙලාවේ මගේ හිතවතෙක්‌ කිව්වා ඇමැතිතුමා හොඳ දර්ශනයක්‌ තියෙනවා පැයකින් විතර බලාගන්න පුළුවන් කියලා. මම යාළුවත් එක්‌ක එතැනට ගියා. එතැන හිටියා ළමයි 3000 ක්‌ විතර. ඉස්‌කෝලේ ඇරිච්ච ගමන්ම ළමයි දුවගෙන ආවා. ඇවිල්ලා ළඟ තිබුණ කඩවල්වලට රිංගුවා කඩවල්වලට රිංගලා සිගරට්‌ ගත්තා අරගෙන පෝලිමට පාර අයිනට වෙලා බොන්න පටන්ගන්නවා. නමුත් අපේ රටේ සංස්‌කෘතියත් එක්‌ක ගත්තාම, ඒ සංස්‌කෘතික ශක්‌තිමත්භාවය මත්ද්‍රව්‍ය නිවාරණයට විශාල මගපෙන්වීමක්‌ කරලා තිබෙනවා.

අවුරුද්දකට 20,000 ක්‌ දුම්බීම නිසා මැරෙනවා නම්, ඔබ රෝගීන් වෙනවා නම්, ඔබ පිළිකා රෝගියෙක්‌ වෙනවා නම්, ඔබේ පවුල් ජීවිතය අවුල් වෙනවා නම්, සමාජය ඔබව ප්‍රතික්‍ෂේප කරනවා නම් ඔබේ පෞරුෂත්වය කෙළෙසෙනවා නම් ළඟට එන යාළුවොත් පිළිකුල් කරනවා නම්, ඒ සියල්ලත් එක්‌ක මිනිසෙක්‌ විදිහට මුළු ජීවිතයම කඩා වැටෙනවා. නම් අසමත් වෙනවා නම් දරුවනේ ඔබේ තාත්තා හෝ සහෝදරයා, නෑයා දුම්පානය කරන කෙනෙක්‌ නම් ඒ අයට ගිහින් කියන්න මේ දුම්බීම නිසා අපේ රටට අත්වී තිබෙන විනාශය පිළිබඳව.

ඒ නිසා අපි තීරණය කළා ප්‍රථමයෙන්ම පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කය ලංකාවේ දුම්පානයෙන් තොර ආදර්ශ දිස්‌ත්‍රික්‌කයක්‌ ලෙස නම් කරලා ඒ පිළිබඳ වැඩපිළිවෙළක්‌ ගෙනයන්න. මේක සියයට 100 කින් ඉටුකරගන්න බැරි වුණත් උපරිම මට්‌ටමින් යන්න හැම වෙහෙසක්‌ම ගන්නවා. ඒ සඳහා පොලීසිය, ප්‍රාදේශීය ලේකම්, දිසාපතිතුමා ඒ සියල්ලට ඉදිරියෙන් ගරුතර මහා සංඝරත්නය, පූජ්‍ය පක්‍ෂය, දේශපාලන නායකත්වය තබාගෙන අපි කටයුතු කරනවා. හැම නිවෙසක්‌ම දුම්බීමෙන් තොර නිවෙසක්‌ කරන්න අපි හැමෝටම ශක්‌තියත් තිබෙනවා. ඒ සඳහා විශාල බලපෑමක්‌ එල්ල කළ හැක්‌කේ අපේ දරුවන්ට. සමහර ගෙවල්වල තාත්තලා අවුරුදු 1-2 දරුවෝ වඩාගෙන දුම්බොනවා. සමහර තාත්තලා තමන්ට සිගරට්‌ එක ගේන්න කඩේට යවන්නේ තමන්ගේම කුඩා දරුවා. සිගරට්‌ බොන කෙනා නිසා නොබොන කෙනාටත් බලපෑමක්‌ තිබෙනවා. එතකොට සිගරට්‌ උරමින් තමන්ගේ අතේ දරුවා තියාගෙන ඉන්න තාත්තා කරන්නේ තමන්ගේම දරුවා රෝගියෙක්‌ කරලා මරාදමන එක. ඒ දරුවා වැඩිහිටියෙක්‌ වුණාම කියයි මම කවදාවත් දුම්බීලා නැහැ. එහෙනම් කොහොමද මම ලෙඩවුණේ කියලා. හැබැයි එයාව රෝගියෙක්‌ කළේ තමන්ගේම තාත්තා කියලා ඒ දරුවා වැඩිහිටියෙක්‌ වුණාට පස්‌සේ කියාවි.

මෙම අවස්‌ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, යන මහත්වරුද පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් නිමල් අබේසිරි මහතා ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

http://www.divaina.com/2013/10/17/news32.html

සබැඳි ලිපි -
[

මේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: