Pages

Tuesday, October 29, 2013

තක්‌කඩින්ට කැසිනෝ දාන්න ඉඩ දෙන්න එපා - භද්දිය හිමි

* ජනාධිපතිටත් ෆොන්සේකාටත් එක සමානව ආශිර්වාද කරනවා

* දෙමළෙන් ධර්මය දේශනා කරන භික්‌ෂු පරපුරක්‌ හදනවා

"මහත්තයෝ තක්‌කඩින්ට කැසිනෝ දාන්න ඉඩ දෙන්න එපා"යෑයි මාවරලේ භද්දිය හිමියෝ පෙරේදා (26 දා) රාත්‍රි බස්‌නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතාට පැවසූහ.

මෙවැනි දේට එරෙහිව ඉස්‌සර මෙන් පෙළපාලියැමට තමන්ට දැන් නොහැකි බවත් එම නිසා රටට, ජාතියට, සංස්‌කෘතියට ලැදි දේශපාලකයනගේ වගකීම විෂමාචාරයන්ට ඉඩ නොතැබීම බවත් එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

භද්දිය හිමියන් අධිපතිත්වය දරන හෝමාගම, මුල්ලේගම, ශ්‍රී සීලාලංකාර මාවතේ ආර්ය නිකේතන භික්‌ෂු පුහුණු මධ්‍යස්‌ථානයේ කඨීන පිංකම් මාලාවට සමගාමීව පැවැති පිරිත් පිංකමට විශේෂ ආරාධිතයකු ලෙස ගම්මන්පිල මහතා ද පැමිණ සිටි අතර පිරිත් සඡ්Cධානය ආරම්භ කිරීමට ප්‍රථම විශේෂ අනුශාසනාවක්‌ කරමින් පෙරේදා (26 දා) රාත්‍රි උන්වහන්සේ ඉහත අදහස්‌ පළ කළහ.

ආර්ය නිකේතනයේදී පෙරේදා (26 දා) සවස පිච්චමල් පූජාවක්‌ ද පැවැති අතර එම අවස්‌ථාවට අනෝමා ෆොන්සේකා මහත්මියද පැමිණ සිටියාය. එහිදී විශේෂ ප්‍රකාශයක්‌ කළ භද්දිය හිමියෝ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට මෙන්ම හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ද තමන් වහන්සේ එක හා සමානව ආශිර්වාද කරන බව පැවසූහ. රට සුරැකීමට කැපවන සියලු දෙනාට පක්‌ෂ භේදයකින් තොරව ආශිර්වාද කරන බවත් රටට ද්‍රෝහි වන කිසිවකුට ආශිර්වාද නොකිරීම තමන් වහන්සේගේත් ආර්ය නිකේතනයේත් ස්‌ථාවරය බවත් උන්වහන්සේ සඳහන් කළහ.

එමෙන්ම දෙමළ දරුවකු ඇතුළු කුල දරුවන් සිව්දෙනකු 26 දා ආර්ය නිකේතනයේදී පැවිදි බිමට ඇතුළත් කර ගත් බවත් ඉදිරියේදී දෙමළ භාෂාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්‌ෂූන් වහන්සේලා පරපුරක්‌ බිහිකිරීමට තමන් වහන්සේ කැපවන බවත් උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ.

ආර්ය නිකේතනයේ කඨින පිංකම් මාලාව ඊයේ (27 දා) අවසන් වූ අතර භික්‌ෂූන් වහන්සේ සියක්‌ නමකට නේවාසිකව වැඩ වාසය කළ හැකි ගොඩනැගිල්ලකට මුල්ගල් තැබීම ද ඊයේ (27 දා) සිදු කෙරිණි.

අනුරාධ හිරිපිටියගේ
http://www.divaina.com/2013/10/28/news26.html

0 comments: