Pages

Wednesday, October 23, 2013

භයානක උවදුරක පෙරනිමිති - පකිස්ථානයේ සිට සරණාගතයන් ලෙස පැමිණ මීගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන වසමින් සිටි (පකිස්‌තානු ජාතික 14 හැවිරිදි සිසුවාට අතවර කළ පකිස්‌තානුවන් පස්‌ දෙනාට ඇප)

සරණාගතයකු ලෙස පකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට තම පියා සමඟ පැමිණි 14 හැවිරිදි පකිස්‌තානු ජාතික සිසුවෙකුට බලෙන් මත්පැන් පොවා පසුව එම සිසුවා වරින් වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවූ පකිස්‌තානු ජාතිකයන් (5) පස්‌දෙනකු රුපියල් 10,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

රිමාන්ඩ්භාරයේ සිට ඇප නියම වූ සැකකරුවන් වූයේ මීගමුව කටුවපිටියේ පදිංචිකරුවන් වන මොහොමඩ් අප්සාද් සාගර්, මොහොමඩ් අමීන්, අහමඩ් කුරාමි, මොහොමඩ් අක්‍රම් සහ වශීඩ් අහමඩ් නමැත්තන්ය.

මෙම සැකකරුවන්ට එරෙහිව මීගමුව පොලිසිය මගින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව අතවරයට ලක්‌වූ පකිස්‌තානු ජාතික සිසුවා ඔහුගේ පියා සමඟ පකිස්‌තානයේ සිට පැමිණ මීගමුව තිඹිරිගස්‌කටුව ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචි වී ඇත. මෙහි සැකකරුවන් පස්‌ දෙනාද පකිස්‌තානයේ සිට සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ නිවසක්‌ කුලියට ගෙන පදිංචිව සිටී.

මෙම සැකකරුවන් සිසුවාගේ දෙමාපියන් වෙත පණිවුඩයක්‌ යෑවීම සඳහා යෑයි පවසා සිසුවා ඔවුන් පදිංචි නිවසට යාප්පුවෙන් කැඳවාගෙන ඇත. එම අවස්‌ථාවේ සැකකරුවන් මත්පැන් පානය කරමින් සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ. පසුව සැකකරුවන් විසින් සිසුවාට බලෙන් මත්පැන් පොවා සිසුවාගේ සිහිය විකල් කොට සිසුවාට ඔවුන් පස්‌ දෙනා වරින් වර බරපතළ ලිංගික අපචාර ක්‍රියා සිදුකළ බව පැමිණිල්ලේ සඳහන් වේ. මීගමුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය 2014 ජනවාරි මස 13 වැනි දින පැවැත්වේ.

මීගමුව සමූහ - විමල් කීර්ති
http://www.divaina.com/2013/10/23/provin02.html

කතෲ සටහන - "පකිස්ථානයේ සිට සරණාගතයන් ලෙස පැමිණ මීගමුව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන වසමින්..."

භයානක උවදුරක පෙරනිමිති පහලවී ඇත. මාලදිවයින, ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය යන රටවලින් මෙරටට රැකවරණය පතා යැයි පවසා විශාල සංක්‍රමණිකයන් පිරිසක් දිනපතා, නිතිපතා රටට පැමිණෙති. මුසලු පකිස්ථානයේ සිට රැකවරණය පතා මෙබිමට  සරණාගතයන් ලෙස මෙසේ පිරිස් පැමිණීම, ඔවුන්ගෙ අභිප්‍රායන් පිලිබඳව මෙරට ආරක්ෂක අංශ බොහෝ විමසිලිමත් විය යුතුය. මුසලුවන්ට එහි නැති රැකවරණයක් මෙහි තිබෙන නිසා, ඔවුන් මෙහි එන බව මෙහි තේරුමයි. මොවුන් අල්කයිඩා, ජිහාඩ් ත්‍රස්ත කල්ලි විය හැක. නො එසේනම් අන්තවාදය පතුරුවන මුසලු මූලධර්මවාදීන් විය හැක... මෙයද, දෙනෙත් හැර බැලිය යුතු, අවධියෙන් සිටියයුතු තවත් වැදගත් කරුණකි...!

ජතිමාමකයන් ලුහුබඳිනු වෙනුවට ආරක්ෂක අංශවල අවධානය පිණිසයි!

0 comments: