Pages

Saturday, October 19, 2013

උතුර-නැගෙනහිර එක්වීම රජය පිළිගත යුතුයි - විග්

උතුරු සහ නැගෙනහිර පළාත් එකාබද්ද වීම සඳහා යෝජනා සම්මත වීමනක් වුවහොත් එය මධ්‍යම රජය විසින් පිළීගත යුතු බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

කොච්චිකඬේ ශ‍්‍රී වීරකාලි අම්මාන් කොවිලේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කීවේය.

අරගලයක් ආරම්භ කිරීම සඳහා රජය විසින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමල මුස්ලිම් ජනයා පීඩාවට පත් කර ඇතැයිද ඔහු කියයි.

ආණ්ඩුවත් සමඟ එක්ව වැඩ කිරීමේ උවමනාවක් තමන්ට උවමනාවක් නැති බවත් එසේ එකතු වී වැඩ කරන්නට තමන් යන්නේ නැති බවත් පවසන මහ ඇමතිවරයා තමන් ව්‍යවස්ථාවට අනුව වැඩ කරන බවද සඳහන් කරයි. ඊට කිසිවෙකුටත් බලපෑම් කල නොහැකි යයිද ඔහු අවධාරණය කරයි.

දෙමළ ජාතික සන්ධානය යනු දෙමළ ජනතාවගේ බලවත්ම පක්‍ෂය බැවින් සියළු දෙමල පක්‍ෂ එක වේදිකාවකට පැමිණීමට කාලය පැමිණ ඇති බවත් විග්නේෂ්වරන් මහ ඇමතිවරයා එහිදී වැඩිදුරටත් කීය.

http://lankacnews.com/sinhala/news/102931/

0 comments: