Pages

Tuesday, October 15, 2013

මාමස්මිගේ ගෝලයෝ තිදෙනෙක් අල්ලති

කොළඹ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ (වී.අයි.ඞී) විශේෂ පොලිස් කණ්ඩායමක් ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් බව කියන තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එක් පාතාල සාමාජිකයෙකුගේ නිවසේ සඟවා තිබු රුපියල් කෝටියක් පමණ වටිනා මැණික් ගලක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

පාතාල කල්ලිය විසින් මැණික් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඔහු මුදා හැරීමට කප්පමක් වශයෙන් මෙම මැණික් ගල ලබාගන්නට  ඇතැයි පොලිසිය සැක කරයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීම සඳහා ද පොලිසිය පාතාලයින් තිදෙනාගෙන් ප‍්‍රශ්න කරගෙන යයි.

මොවුන් ”මාමස්මි” නැමැති ප‍්‍රබල පාතාල කල්ලි නායකයාගේ සමීපතම ගෝලයින් බවද පොලිසිය කියයි.

”මාමස්මි” ඉකුත් ජූලි මාසයේ  දී මාලිගාවත්තේ දී පොලිස් විශේෂ කාර්යබලකා කණ්ඩායමක් සමග ඇතිවු ගැටුමකදී මිය ගියේය.

http://lankacnews.com/sinhala/news/102671/

0 comments: