Pages

Saturday, October 19, 2013

අම්බලන්තොට අන්‍යාගමිකරණ මධ්‍යස්ථානයක් වටලා විරෝධතා

අම්බලන්තොට, වලේවත්ත ප‍්‍රදේශයේ නිවසක රෝග සුව කරන මුවාවෙන් පවත්වාගෙන යන බව කියන අන්‍යාගමීකරණ මධ්‍යස්ථානයක් අද පෙරවරුවේ ප‍්‍රදේශවාසීන් විසින් වටලා විරෝධය පල කර තිබේ.

අම්බලන්තොට වලේවත්ත විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය කපුගම අත්තදස්සි හිමියන්ගේ මූලිකත්වයෙන් එම විරෝධතාව පැවැති අතර නිවසේ කාන්තාව සහ ගම්වාසීන් අතර යම් එකඟතාවක් ඇති වූ නිසා පසුව විරෝධතාව අවසන් කර තිබේ.

ප‍්‍රදේශවාසීන් විසින් මෙම අන්‍යාගමීකරණ මධ්‍යස්ථානයට විරුද්ධව මීට දින කිහිපයකට පෙර පොලීසියේ පැමිණිල්ලක්ද සිදු කර තිබිනි.

http://lankacnews.com/sinhala/news/103054/

0 comments: