Pages

Saturday, October 12, 2013

මලාලා මරා දැමීමට අපි නැවතත් උත්සාහ කරනවා - තලේබාන්

තමන් නැවත වරක්‌ මලාලා යුසුෆායි මරා දැමීමට සූදානම් වන බව පකිස්‌තාන් තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත.

ඇය නැවත නැවතත් මුස්‌ලිම් ආගමට නිග්‍රහ කරන නිසා යළිත් වරක්‌ මේ තරුණිය මරා දැමීමට උත්සාහ කරන බව තලෙබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත.

 
අපට යළිත් අවස්‌ථාවක්‌ ආවොත් අනිවාර්යයෙන් ම ඇයව මරා දමනවා. මලාලා මරා දැමීම අපට ගෞරවයක්‌ බව තලේබාන් ප්‍රකාශක සහිබුල්ලා සහීඩ් පවසා තිබේ.

මුස්‌ලිම් ආගමට අනුව කාන්තාවක්‌ මරා දැමීම වැරැද්දක්‌. නමුත් මෙවැනි මිත්‍යාදෘෂ්ඨික කාන්තාවක්‌ මරා දැමීම වරදක්‌ නොවේ යෑයි තලේබාන් සංවිධානය පවසා ඇත.

මලාලා තලේබාන් සාමාජිකයන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයට ලක්‌වූයේ 2012 ඔක්‌තෝබර් මාසයේදී ය.

බ්‍රිතාන්‍යයේ වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි මලාලා පසුව බර්මින්හැම් හි පාසලකට 2013 මාර්තුවේදී ඇතුළත් වූවාය.

16 හැවිරිදි මලාලා පසුගියදා සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් අතින් 'බ්‍රිතාන්‍යයේ අභිමානය' සම්මානය දිනා ගත්තාය.

කෙසේ නමුත් ඇය බ්‍රිතාන්‍යයේ ගුවන් විදුලි සේවාවකට ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාසල් ජීවිතයට පුරුදුවීම තමන්ට තරමක්‌ අපහසු වී ඇති බවය.


http://www.divaina.com/2013/10/12/forign01.html

සබැඳි ලිපි -
[
තාලිබාන් ත්‍රස්‌තයන් මාව නිහඩකරන්න ගත් උත්සාහය වැරදුනා - මලලා යුසුප් සායි
http://denethharinna.blogspot.com/2013/07/blog-post_6090.html
පොතත් පෑනත් දකින විට අන්තවාදීන් තැති ගන්නවා – මලාලා යූසුෆසායි
http://denethharinna.blogspot.com/2013/07/blog-post_4794.html

ඉස්‌ලාම් ධර්මයට එරෙහිව හඩ නගන ළමයකු වුවත් මරන්න යයි ෂහරියා නීතියේ දැක්‌වෙනවා
http://denethharinna.blogspot.com/2012/10/blog-post_20.html
සභ්‍යත්වයේ හා සාමයේ ආගමේ නාමයෙන්... ඉගෙනගන්න ඉල්ලූ දැරියකට තලේබානුවෝ වෙඩි තබති
http://denethharinna.blogspot.com/2012/10/blog-post_2351.html
]

0 comments: