Pages

Saturday, October 12, 2013

දේවාල ඉදිකිරීමට ප්‍රථම වැසිකිළි ඉදිකළ යුතුයි - නරේන්ද්‍ර මෝඩි

2014 ඉන්දීය මහ මැතිවරණයේ විපක්‍ෂය එනම් භාරතීය ජනතා පක්‍ෂය නියෝජනය කරන අගමැති අපේක්‍ෂකයා වන්නේ නරේන්ද්‍ර මෝඩි වේ. ගුජරාට්‌ ප්‍රාන්තයේ වර්තමාන මහ ඇමැතිවරයා වන ඔහු පසුගියදා මහත්මා ගාන්ධි උපන් දිනය වෙනුවෙන් පැවැත්වූ මැතිවරණ

රැලියකදී අදහස්‌ දක්‌වා තිබිණි.

මෙම රැලියේදී ඔහු වැදගත් අදහසක්‌ හෙළිකර තිබිණි.

හින්දු ජාතිකවාදය මත මගේ වැඩසටහන් පදනම් වෙලා තියෙනවා කියලා තමයි රටපුරා කතා කළේ. කොහොම නමුත් මම කියන්නේ මේ රටේ මුලින්ම දේවාල හදන්න ඉස්‌සෙල්ලා වැසිකිළි ඉදිකළ යුතුයි. අපේ අම්මලා සහෝදරියෝ ප්‍රසිද්ධියේ ශරීර කෘත්‍යය සිදුකිරීම ගැන අප කනගාටුවිය යුතුයි.

ඉන්දියාව පුරා ගම්මානවල දහස්‌ ගණන් දේවාල තියෙනවා. නමුත් වැසිකිළි නැහැ. මෙය බලවත් ප්‍රශ්නයකි යෑයි නරේන්ද්‍ර මෝඩි පවසා තිබිණි.


ග්‍රාමීය සංවර්ධන පිළිබඳ ඇමති ජයිරාම් රමේෂ් මහතාද මීට පෙර මෙම වැසිකිළි හිඟකම පිළිබඳ ප්‍රශ්නය මතුකර තිබිණි.

2011 ජන සංඝනනය අසුන් එරට නිවාස වලින් 66% ක පමණක්‌ වැසිකිළි ඇත. ගුජරාට්‌ ප්‍රාන්තයේ මෙම ප්‍රමාණය 64.4% කි.


http://www.divaina.com/2013/10/12/forign04.html

කතෲ සටහන -
ඒ වගේම අනිත් රටවල ගැටළු නිරාකරණය කරගන්න කලින් තමන්ගෙ වැසිකිළි ටික හදාගත්තොත් වඩා හොඳයි.

0 comments: