Pages

Monday, April 14, 2014

කුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...

බෝල්ට්‌ ඇණ ඇතුළේ සඟවා ගෙන ශ්‍රී ලංකාව තුළට හෙරොයින් ගෙන එමට තැත් කළ පාකිස්‌තාන ජාතිකයකු ශ්‍රී ලංකා රේගුව විසින් අල්ලා ගත්තේ, මාර්තු හත්වැනිදාය. ශ්‍රී ලංකා රේගුවට මේ සඳහා වන ඔත්තුව ලැබුණේ, එක්‌සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය මාර්ගයෙනි. තමනට ලැබුණු ඔත්තුව නිසියාකාරව භාවිත කරමින් හෙරොයින් කිලෝ තිස්‌ හයක්‌ අත්අඩංගුවට ගැනීමට රේගුව සමත් විය.

මේ පිළිබඳ ප්‍රවෘත්තිය රට තුළ පමණක්‌ නොව ජාත්‍යන්තරයේ ද අවධානයට පාත්‍ර වූයේය.

සිද්ධිය වන අවස්‌ථාව වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හෙරොයින් හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ වන ලකුණු පහළ වී තිබිණි. අමාත්‍ය කෙහෙළිය රඹුක්‌වැල්ල සඳහන් කර තිබූ පරිදි, හෙරොයින් තොගපිටින් ශ්‍රී ලංකාවට ගෙන එන්නේ, ඒවා රට තුළ "පරිභෝජනයට" නොව වෙනත් රටවල් සඳහා "ප්‍රතිඅපනයනය" කිරීමටය. හික්‌කඩුව වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් දහයක්‌ යළි නැව්ගත කිරීම සඳහා සූදානම් කර තිබිණි. මුහුදු මාර්ගය ඔස්‌සේ මෙම තොගය ඔස්‌ටේ්‍රලියාවට යෑවීමට සූදානම් කර තිබිණි. මේ ආකාරයෙන් "ප්‍රති අපනයනය"සඳහා කුඩු තොග ගණන් ලක ලෑස්‌ති කර තිබීම පොලිසියේ අවධානයට පාත්‍ර වී තිබිණි. 2012 වසරේ අත්අඩංගුවට ගත් කුඩු කිලෝ ග්‍රෑම් ප්‍රමාණය 15 ක්‌ වන විට 2013 වසරේදී එය කිලෝ ග්‍රෑම් 300 ක්‌ දක්‌වා ඉහළ නැඟ තිබිණි. බෝල්ට්‌ ඇණ තුළ සඟවාගෙන ආ කුඩු ප්‍රමාණය සැසඳිය යුත්තේ මෙම වාර්තා සමගය. සිද්ධිය ගැන බියක්‌ ඇති වන්නේ එවිටයි. බෝල්ට්‌ ඇණ තුළින්a මතුවූ කුඩු තොගය කිලෝ ග්‍රෑම් 30 කි. එය 2012 අල්ලාගත් මුළු කුඩු ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. 2013 දී අල්ලාගත් කුඩු ප්‍රමාණයෙන් දහයෙන් එකකට සමානය.

බෝල්ට්‌ ඇණ 304 ක්‌ තුළ සූක්‍ෂ්ම ආකාරයෙන් කුඩු රැගෙන ආ පුද්ගලයා පාකිස්‌තාන් ජාතිකයෙකි. කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක නැවතී සිටි ඔහු කුඩු තොගය තමන් සන්තකයට ගැනීම සඳහා වෙර වෑයම් දරමින් සිටියේය. හාඩ්වෙයාර් බඩු ගෙන්වන කන්ටේනරයක්‌ තුළ අයිතිකරුවෙක්‌ නොමැතිව තිබූ මෙම පෙට්‌ටි දෙක ලබාගැනීම සඳහා පාකිස්‌තාන් ජාතිකයා එනතුරු රේගුව ඇස ගසාගෙන සිටියේය. අවසානයේදී පොලිසිය විසින් කුඩු කිලෝ ග්‍රෑම් තිස්‌පහේ අයිතිකාර මොහොමඩ් චාලි නීතියේ රැහැනින් බඳිනු ලැබීය.

පොලිස්‌ මෙහෙයුම එතැනින් අවසන් නොවීය. කතාවේ වර්තමාන ස්‌වරූපය හා වැදගත්ම තැන එළි දකින්නේ එතැනිනි. කුඩු තොගයක්‌ ගෙන්වා, එහි ලිපිනය තිබුණු ගමේ දේශපාලකයා පවා කතාවට ගැනෙන ආණ්‌ඩු විරෝධයක්‌ බවට අල්ලාගත් කුඩු තොගය පත් කරන විපක්‍ෂය හා මාධ්‍ය මේ අලුත් තත්ත්වය ගැන කතා කළේම නැති තරම්ය.

මොහොමඩ් චාලිගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ ඔහු පිටුපස සිටි "ධෛර්ය සම්පන්න මිනිසා" මොහොමඩ් අල් සබ්රි බවයි. රේගුවට හා පොලිසියට සැඟවී සිටි මොහොමඩ් චාලි මාර්තු 17 වැනිදා අත්අඩංගුවට ගන්නා තෙක්‌ම ඔහුගේ රැකවලා වී සිටියේ සබ්රිය. අතරතුර කාලයේදී අලුත්ගම හා නුවර හෝටලයක නවාතැන් ලබා දෙමින් ඒ සඳහා වන සියලු වියදම් චාලි වෙත දරා ඇත්තේ සබ්රිය. චාලි හා තවත් අයකු 17 වැනිදා අත්අඩංගුවට ගැනීමත් සමග සියල්ල පොලිසිය ඉදිරියේ ඔවුන් විසින් වමාරන ලදී. ඒ තොරතුරු අනුව දහනව වැනිදා සබ්රි කොළඹදී අත්අඩංගුවට ගත්තේය.

ශ්‍රී ලාංකික පුරවැසියකු වන සබ්රි 1999 වර්ෂයේදී කැනඩාවට ගොස්‌ ඇති අතර, ඔහු එහිදී ඉන්දියානු ජාතික කාන්තාවක්‌ විවාහ කරගෙන තිබිණි. සබ්රි විදේශ ජාලයන්ට සම්බන්ධ වෙන්නේ මෙම ගමනින් පසුවය. 

සබ්රි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ අමුතු කලබලයක්‌ ඇති වී තිබිණි. වාර්තා වන අන්දමට කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ හා ඉන්දියාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ප්‍රධානීන් දෙදෙනකු "හොඳටම කලබල වී" සබ්රි බේරා ගැනීමේ මෙහෙයුමක්‌ දියත් කරන්නට පටන් ගත්තේය.

ඒ වන විට සබ්රිට එරෙහිව තිබූ චෝදනා තවත් දරුණු වී තිබිණි. චාලිගේ රැකවලා ලෙස, කලින් තිබූ තැන වෙනුවට, කුඩු තොගයේ අයිතිකරුවා යන උසස්‌වීම සබ්රිට ලැබී තිබිණි. මේ නිසා සබ්රි නීතියේ දැලෙන් රිංගා යැමට නොහැකිsව සිරවී සිටියේය.

බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ ඔත්තුකරුවකු ලෙස සබ්රි සේවය කරන බැවින් ඔහු නිදහස්‌ කරදෙන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ට බලකිරීම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ඒ වනවිටත් අතට ගෙන තිබිණි. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග අනුව විදේශ අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා පැමිණෙනවා වෙනුවට හොර පාරවල් දිගේ බ්‍රිතාන්‍ය බලධාරීන් වැඩේ පටන් ගත්තේය. පොලිසියේ ඉහළම නිලධාරියකු ඒ සඳහා පළමුවෙන් හමුවන්නේය. අදාළ කටයුත්තේදී අනුගමනය කළ යුතු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග පිsළිබඳව ඉහළම පුද්ගලයා මගින් බ්‍රිතාන්‍ය බලධාරීන් දැනුවත් කළ අතර සබ්රි සිදු කර තිබෙන වරදේ ස්‌වභාවයන් ද සුළුÊපටු නොමැති බවත්, නීතිය හමුවේ තියෙන තත්ත්වයක්‌ මෙලෙස සිල්ලරට අතට ගෙන ක්‍රියා කිරීම වැරදි බවටත් ප්‍රබල චරිතය විසින්a බ්‍රිතාන්‍ය බලධාරීන්ට කියා සිටි අතර, මේ සම්බන්ධයෙන් ඉහළ ස්‌ථාන ද ඔහු විසින් දැනුවත් කළේය. තමන් හොර පාරෙන් ආ කටයුත්ත ඉෂ්ට නොවන බව බ්‍රිතාන්‍ය බලධාරීන් දැන ගත්තේ ඒ පිළිතුරුවලින් පසුවයි.

බ්‍රිතාන්‍ය ඔත්තු සේවයට එකතු වී සිටි සබ්රි, හෙරොයින් ජාවාරම සිදු කරන කාලයේදීම උතුරේ ව්‍යාපෘති දියත් කරන රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයෙක්‌ ලෙසද ක්‍රියා කර ඇත. උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් සමග සබ්රි ගත් ඡායාරූප ද පොලිසියට හමුවී ඇත. යම් හෙයකින් ආණ්‌ඩුවේ දේශපාලනඥයෙක්‌ මෙලෙස කුඩ්ඩෙක්‌ සමග ඡායාරූපයකට පෙනී සිටියා නම්, විපක්‍ෂයේ ජවනිකාව කෙසේ වනු ඇද්ද...? කුඩු ආණ්‌ඩුව කුඩු කරන ලෙස එවිට පෙළපාලි යනවා සේ කුඩු දෙමළ සන්ධානය කුඩු කරනු කියා විපක්‍ෂය පෙළපාලි යනවාදැයි පමණක්‌ දැනට බලා සිටිමු.

ඔසිත අත්තනායක 
http://www.divaina.com/2014/04/13/feature17.html

Pic Source

සබැඳි ලිපි -
[
කෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්
http://denethharinna.blogspot.com/2014/04/2.html
මෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.html
මේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html
‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.html
කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.html
මුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttps://www.blogger.com/blogger.g?blogID=1608388216488402414#allposts/postNum=0
ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

0 comments: